Wednesday, February 2, 2011

හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


අදත් මගෙ සිත සසල කල දවසක්
පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්
පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක්
දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක්

කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක්
හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත්
තුරල් වී නම් නොයය් මසිතෙන්
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද පුන්චි අතක් මගෙ සාරිපොටෙ අසලින් ඇදී ගියා. මගෙ පෑත්තකින් හිටිය වයස 7ක් පමන වෙන පුන්චි පුතෙක්, තනියම නෙවේ, අම්මත් තව පොඩි නන්ගියෙකුත් එක්ක. පාසල් නිල ඇඳූමක් දුටු නිසා මම පසෙකට උනා නොදෑනීම, පොඩි දරුවව ප්‍රමාද කරන්න පව් නිසා. චූටි පුතා අත් මිටි කරන් හිටියේ සල්ලි කොල වගයක්. මට හරියට පෙනුනේ නෑ කීයක්ද කියල.  වෛවර්ණ කෑම දිහා දෙ ඈස් දල්වා සිටි පෑටියා මිල අධික කිහිප වර්ගයක මිල විමසනු මම බල සිටියා, මේ අතර දරුවාගෙ මව දරුවා පිටතට ගෙන යෑමටද උත්සාහ ගනු පෙනුනා. සමහර සිදු වීම් විස්තර කරන්න අපි දන්න වචන මදි කියලා තෙරුනා මට. අනේ ඒ අම්මගෙ ඈස් දෙක දුටුවනම්..

5 comments:

  1. ඒ ඇස් දෙක දැක්කනම්, ඒ ඇස් වල තියෙන ගින්දර, අසරනකම, පොඩි එකාට තියෙන ආද​රේ.... හැමදේම හිතා ගන්න පුළුවන්... ඔයා ඒක ලස්සනට ලියලා සමාධි. ඇත්තටම ලස්සනයි. (බටර් පාරක් නෙවේ.. මැක්සා)

    ReplyDelete
  2. කරුණාකර තහවුරු කිරීමක් අවශ්‍යව ඇත.
    මෙම අඩවිය හිමි අය විසින් මාහට ඊමේලයක් එවා ඇද්ද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එසේය මාරයානෙනි. ඒ මමය. :)
    ASDF SDFG

    ReplyDelete
  5. හරි එහෙනං ප්‍රශ්නේ එවන්ටකෝ බලන්ට

    ReplyDelete

මොනවද හිතුනේ?