Wednesday, March 16, 2011

බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ




බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ
සිතක මැවී ගිය සිතුවමක අතීතේ
පුතුගෙ සුවඳ මුසුවී ගලා
පැතූ පැතුමන් හද ව්මන් තලේ

නුඹ එන බව දැන සැනසීමක් ලැබ
යන්තම් දෙමසකි පහුවුණු ඊයෙට
නොදැකම පුතු මුව යන්නට ගිය සඳ
සඳ බැස ගියෙ මගෙ ලොවට අමාවක

පුතු හිස සරසන මුදු කෙහෙරැල්ලක්
පිරිමැද සනසන්නට සැනසෙන්නට
මදිවද කල පින් පිරූ පෙරුම්
පුතුනි කියන් කිම හැරදා මවුන්

සත්තයි අප සිටුවරු නොවනා බව
සත්තයි සිටු සැප නුඹට සදන බව
ජීවිතයේ ඉම හසර දකින්නට
වෙන්නම් තරුවක් පාර කියන්නට

දරු සෙනෙහස නොඅඩුව දැනෙනා හද
වැලපෙයි ඉකිබිඳ නුඹෙ නම සිහි කර
සිරිමා බෝ සාමිනි මේ දුක දැක
සතර වරම් දෙවියනි ගෙන දෙන් පුත

රත්තරන් පුතු පැටියෝ මගෙ සූකිරියෝ ඉක්මනටම ආපහු එන්න රත්තරන්. 
අපිට ඔයා නෑතුව පාලුයි,  ගොඩාක්!
තාත්තියි අම්මියි බලන් ඉන්නවා..








1 comment:

  1. ලස්සනයි .... මගේ අම්මත් ඔහොම හිතන්න ඇති !

    ReplyDelete

මොනවද හිතුනේ?