Wednesday, January 4, 2012

සපුමල් සුවඳමය.....



ලඟ ඉඳිද්දී නොදැනුන
වෙන්ව ගිය කල හද පාරවන
අපුර්ව සොහොයුරෙකු වෙනුවෙන
හද හඬන මහිමය

නුඹද නැගනියද එක්ව
කල කැප කිරීම් අපමන
සිහියට නැගෙන කල
උමතුව යයි මහද

වැඩ නිමවී සවස
කුලී නිවසට එන සඳ
"අක්කේ" කියමින
සිනා පානා මුහුන කොයිබද?

සපුමල් සුවඳමය
සුවඳ හඳුනන්න්නෝ විරලය
උගතුන් කී ලෙසම
සුවඳ විඳියන් සිටියේ දුරමය....



 (image source: http://www.wallcoo.net/photography/innocence_baby_photography/images/%5Bwallcoo_com%5D_little_sisters_and_brother_ISPC006040.jpg)