Friday, April 13, 2012

සුබ නවවසරක් වේවා!.

ලහි ලහියේම බ්ලොග් මිතුරන් හැමෝටම අවුරුද්දට සුභ පතන්නයි හදන්නේ. හදිස්සියට කෙටියෙන්, මොකද මගේ අවුරුදු කුමාරය කලින්ම ආවනේ.
කොහාටත් කලින් පනිවිඩේ කිව්වෙ එයා තමය් (පෙබරවාරී).
ඉතින් වැඩ ගොඩය්, තවම මේහාට අලුත් කෙනෙක් නිසා හසරක් දන්නේ නෑ. දුක, වෙදනාව, සතුට හැම දෙටම එකම වචනයය් දන්නේ,
"ඔහෑ!"

බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...

රන් කැටියට සුභ් පැතුම් එකතු කරපු  Raj ,kavikaari ,Prasanna ,Sanjaya සිතුවිලි ,වින්චැට් කිරිල්ලී ඇතුලු නම කියපු නොකියපු හැමෝටම හොඩාක් ස්තූතිය්.

පැටියා ගැන වෙනම පෝස්ට් එකකින් එන්නම්. එතෙක් හැමොටම සුබ නවවසරක්!

Wednesday, January 4, 2012

සපුමල් සුවඳමය.....



ලඟ ඉඳිද්දී නොදැනුන
වෙන්ව ගිය කල හද පාරවන
අපුර්ව සොහොයුරෙකු වෙනුවෙන
හද හඬන මහිමය

නුඹද නැගනියද එක්ව
කල කැප කිරීම් අපමන
සිහියට නැගෙන කල
උමතුව යයි මහද

වැඩ නිමවී සවස
කුලී නිවසට එන සඳ
"අක්කේ" කියමින
සිනා පානා මුහුන කොයිබද?

සපුමල් සුවඳමය
සුවඳ හඳුනන්න්නෝ විරලය
උගතුන් කී ලෙසම
සුවඳ විඳියන් සිටියේ දුරමය....



 (image source: http://www.wallcoo.net/photography/innocence_baby_photography/images/%5Bwallcoo_com%5D_little_sisters_and_brother_ISPC006040.jpg)

Monday, November 28, 2011

කෑම ටිකක්වත් හදන්න වෙය්ද පුතේ?

පුංචි කතාවක් කියල යන්නය් ආවෙ. මේක මට කිව්වෙ මගේ යාලුවෙක් එයාගේ මිතුරෙකුගේ කාර්යාලයේ සිදු උන දෙයක් කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඊයේ දිනය තුල මාතර ඇතුලුව දකුනු පලාතේ ප්‍රදේශ කීපයකට බලපාපු දැඩි සුලං තත්ත්වය ගැන.

මේ කියපු මිතුරාගේ කාර්යාලයේ දකුනු පලාතෙන් ආපු එහෙමත් නැතිනම් දකුනට සම්භන්ද අය බොහෝමයක් ඉන්නවලු. ඉතින් සුලු සුලංම නොවුනත් ඇතිඋන තත්ත්වය උඩ බොහොමයක් දෙනා නොසන්සුන් වෙලා තමය් ඉඳලා තියෙන්නේ. දුර බැහැර වෙසෙන තම නෑ හෑ දෑ උදවිය ගැන එහාට මෙහාට දුර ඇමතුම දෙමින් විස්තර සොයාගන්න ලොකු උත්සාහයක.

ගොඩාක් තැන් වල දුරකතන සම්භන්ධතා බිඳ වැටිලා, විදුලි සැපයුමත් විසන්ධි වෙලා තිබුනේ. ඔය අස්සේ තැනින් තැන කනින් කොන ආරංචි එනවා....
 එක්කෙනෙක්ගෙ ගෙදරින් කතා කලාලු, කරදරයක් නෑ, ටිකක් බයෙන් ඉන්නව කියලා තමය් කිව්වේ. අනිත් කෙනත් බොහොම අමාරුවෙන් ගෙදරට කතා කරාලු. ආච්චි විතරලු ගෙදර හිටියේ, එයා ටිකක් වයසක කෙනෙක් ආරංචියේ හැටියට. මෙයාගේ අම්ම තවමත් සේවයේ යෙදෙන ගුරු වරියක්, එවෙලෙත් පාසලේ සේවයේ යෙදෙමින් තමය් ඉඳලා තියෙන්නේ. ටිකක් සුලං තත්ත්වය සැර වැඩි නිසා තාත්තත් ටවුන් එකට ගිහින් අම්ම ගැන සොයන්න. වෙන අහන්න කෙනෙකුත් නැති නිසා ආච්චිගෙන් ඇහුවලු විස්තර.

"නෑ පුතේ එහෙමට වැස්සක් නෑ.  
ටිකක් ගොරවනවා...
අපිට? නෑ නෑ කිසි කරදරයක් නෑ. "

ඔන්න ඔහොම තමය් ආච්චිගේ ප්‍රතිචාරය. පස්සේ බැරි තැන මේ මගේ යාලුවගේ යාලුවා ආච්චිට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න හිතලා කිව්වලු

"ආච්චි... මේ ටිකක් සෙවිල්ලෙන් ඉන්න. ට්‍රොනාඩෝ එනවා කියලා හැමෝම කියනවා. එලියේ වට පිටේ ඇහෙන සද්ද ගැන බලන්න කොහෙන් එනවද දන්නෙ නෑ නේ."

"හැබෑටම පුතේ කීයට වගේද දන්නේ නෑ ඔය දරුව එන්නේ? දවල්ට කෑමට එනවනම් මොනවහරි හදල තියන්නවත් වෙය් නෙ, අනේ මන්ද අම්මත් නෑ ගෙදර."



ප:ලි:
මෙය අදාල පුද්ගලයා ට හෝ කිසිවෙකුට අවමන් කිරීමේ චේතනාවෙන් ලියුවක් නොවන බව සලකන්න. අනෙක් කරුන ට්‍රොනඩොවක් පැමිනද නැත. හුදෙක් රස වින්දනය උදෙසා පල ක‍රන්නෙන්මි.

Wednesday, November 16, 2011

දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්

පුංචි පුතා මගේ කිරි කැටියා
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින් 
කුස තුල එහේ මෙහේ යනවා....

දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...

ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......


ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.

Tuesday, September 27, 2011

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ රන් වන් රැස් දහරා දිලුනේ

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ
රන් වන් රැස් දහරා දිලුනේ
සිලි සිලි නදිනේ බෝ පත් සැලුනේ
තැවුල් සිතට බුදු සිසිලස දැනුනේ...

හදවත තෙරපා මිහිමව කලඹා
කඳුලින් බෝ පාමුල දෙවුවා
සිරිමත් සිරි මා බෝ සමිඳුන් මගේ
වරමක් දුන්නා කඳුලැලි නිම්මා....

බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...

තෙවරක්ම බුදුන් වැඩි මේ පින් බිම තවමත් පින් සාරය්. කාලයක් තිස්සේ විවිධ කම් කටොලු මැදින් අපේ හීනයක් සැබෑ කරගන්න අපි දෙන්නා සිරිමා බෝ හිමි අබියස බෝධි පූජාවක් කලා. විවිදාකාර වූ රෝග තත්වයන් සමනය කරමින් අපේ බලපොරොත්තුව හැබෑවෙන ලකුනු පහල වෙලා.


මගේ රත්තරන් පැටියෝ අනේ ඔයා මගේ මැනික පුතේ. පරිස්සමින් ඉඳලා එන්න රන් කැටියෝ. ඔයා එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
ඔයා දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගී දරුවෙක් වෙන්න කියන එක විතරම්ය් මේ අම්මය්, තාත්තය් ඉල්ලන්නේ.
ඔයාට තෙරුවන් සරනය්!

Monday, July 11, 2011

ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04

විස්තර කියන්නම් කිව්වට මාසයක් යනතුරුත් විවෙකයක් තිබුනෙ නෑ නෙ. ඔන්න අද තමය් පින්කමේ පින්තූර ටික අරන් ආවෙ. මෙතන ගොඩාක් විස්තර නම් නෑ.

මග දෙපස සිරි

 මග දෙපස සිරි
 මහ මලුවෙ වැලි ඇට ගනනට සෙනග, අපි හිටියෙ දෙවැනි මලුවෙ. එතනත් අර වගෙම සෙනග.



 කොප්පරා පහන් වැටවල්.

 ගුවනින් අවිත් සෑය වටේට සහ සෑයට මල් පෙති ඉස්සා. මල් පෙති දුර අහසෙ ඉඳන් වැටෙද්දි පුදුම ලස්සනක් තිබුනෙ, කැමරාවට හසු කරගන්න තරම් බැරි උනා.