Monday, November 28, 2011

කෑම ටිකක්වත් හදන්න වෙය්ද පුතේ?

පුංචි කතාවක් කියල යන්නය් ආවෙ. මේක මට කිව්වෙ මගේ යාලුවෙක් එයාගේ මිතුරෙකුගේ කාර්යාලයේ සිදු උන දෙයක් කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඊයේ දිනය තුල මාතර ඇතුලුව දකුනු පලාතේ ප්‍රදේශ කීපයකට බලපාපු දැඩි සුලං තත්ත්වය ගැන.

මේ කියපු මිතුරාගේ කාර්යාලයේ දකුනු පලාතෙන් ආපු එහෙමත් නැතිනම් දකුනට සම්භන්ද අය බොහෝමයක් ඉන්නවලු. ඉතින් සුලු සුලංම නොවුනත් ඇතිඋන තත්ත්වය උඩ බොහොමයක් දෙනා නොසන්සුන් වෙලා තමය් ඉඳලා තියෙන්නේ. දුර බැහැර වෙසෙන තම නෑ හෑ දෑ උදවිය ගැන එහාට මෙහාට දුර ඇමතුම දෙමින් විස්තර සොයාගන්න ලොකු උත්සාහයක.

ගොඩාක් තැන් වල දුරකතන සම්භන්ධතා බිඳ වැටිලා, විදුලි සැපයුමත් විසන්ධි වෙලා තිබුනේ. ඔය අස්සේ තැනින් තැන කනින් කොන ආරංචි එනවා....
 එක්කෙනෙක්ගෙ ගෙදරින් කතා කලාලු, කරදරයක් නෑ, ටිකක් බයෙන් ඉන්නව කියලා තමය් කිව්වේ. අනිත් කෙනත් බොහොම අමාරුවෙන් ගෙදරට කතා කරාලු. ආච්චි විතරලු ගෙදර හිටියේ, එයා ටිකක් වයසක කෙනෙක් ආරංචියේ හැටියට. මෙයාගේ අම්ම තවමත් සේවයේ යෙදෙන ගුරු වරියක්, එවෙලෙත් පාසලේ සේවයේ යෙදෙමින් තමය් ඉඳලා තියෙන්නේ. ටිකක් සුලං තත්ත්වය සැර වැඩි නිසා තාත්තත් ටවුන් එකට ගිහින් අම්ම ගැන සොයන්න. වෙන අහන්න කෙනෙකුත් නැති නිසා ආච්චිගෙන් ඇහුවලු විස්තර.

"නෑ පුතේ එහෙමට වැස්සක් නෑ.  
ටිකක් ගොරවනවා...
අපිට? නෑ නෑ කිසි කරදරයක් නෑ. "

ඔන්න ඔහොම තමය් ආච්චිගේ ප්‍රතිචාරය. පස්සේ බැරි තැන මේ මගේ යාලුවගේ යාලුවා ආච්චිට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න හිතලා කිව්වලු

"ආච්චි... මේ ටිකක් සෙවිල්ලෙන් ඉන්න. ට්‍රොනාඩෝ එනවා කියලා හැමෝම කියනවා. එලියේ වට පිටේ ඇහෙන සද්ද ගැන බලන්න කොහෙන් එනවද දන්නෙ නෑ නේ."

"හැබෑටම පුතේ කීයට වගේද දන්නේ නෑ ඔය දරුව එන්නේ? දවල්ට කෑමට එනවනම් මොනවහරි හදල තියන්නවත් වෙය් නෙ, අනේ මන්ද අම්මත් නෑ ගෙදර."



ප:ලි:
මෙය අදාල පුද්ගලයා ට හෝ කිසිවෙකුට අවමන් කිරීමේ චේතනාවෙන් ලියුවක් නොවන බව සලකන්න. අනෙක් කරුන ට්‍රොනඩොවක් පැමිනද නැත. හුදෙක් රස වින්දනය උදෙසා පල ක‍රන්නෙන්මි.

Wednesday, November 16, 2011

දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්

පුංචි පුතා මගේ කිරි කැටියා
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින් 
කුස තුල එහේ මෙහේ යනවා....

දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...

ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......


ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.