- කැකුලු සහල් වර්ගයක් (රතු කැකුලු , හීනට්, කුරුලු තුඩ...) තේ හැඳි 1ක්
![]() |
මේ මම අරන් තියෙන්නේ කුරුලු තුඩ කියන වර්ගය. |
- පරිප්පු තේ හැඳි 1ක්
- අලුත් වට්ටක්කා අඟලක් දිග අඟලක් පලල කැබැල්ලක්

- සුදු මාලු වර්ගයක් (තෝර, තලපත්) අඟලක් දිග අඟලක් පලල කැබැල්ලක් හෝ හාල්මැස්සෝ

- එල බටු කොල දෙකක්
- පිරිසිදු තෙල් වර්ගයක් හෝ බටර් (මාර්ගරින් නෙවෙයි) තේ හැඳි 1ක්
ඉස්සෙල්ලාම හාලුයි පරිප්පුය් වෙන වෙනම අරගෙන හොඳින් සෝදලා පිරිසිදු කර ගන්න.
සෝදා පිරිසිදු කර ගත් මාලු කැබැල්ල සහ වට්ටක්කා කැබැල්ලත් ඒකටම එකතු කර ගන්න. කැමති නම් කැබලි කිහිපයකට කපා ගත්තත් කමක් නෑ, හබැයි එතකොට ගොඩ්ඩක් තැම්බිලා පෝශන ගුන විනාශ වෙන්නත් බලයි.
එල බටු කොලත් සෝදලා අරගෙන හීනියට ලියා ගන්න . (කී බංඩියංට සෙම හැදෙන එක අඩු වෙනවා එල බටු වලින්, මේක ඕන නම් මහ වෙදනාගෙනුත් අහල බලන්න. )
ඔයාලා පාවිච්චි කරන්නේ තෙල් නම් එකත් කලින් කියපු දේවල් එක්ක එකට දා ගන්න. මතක තියාගන්න වතුර එකතු කරන්නේ තැම්බෙන්න ඕන ගානට විතරයි.
තම්බලා වතුර අයින් කරන්නේ නෑ නෙ,නැත්නම් බංඩියාට රොඩු විතරයි ඉතුරු වෙන්නේ.
බටර් පාවිච්චි කරනවා නම් වතුරෙන් විතරක් ලිප තියලා හොඳට තැම්බුනාම වතුර චුට්ටක් තියෙද්දී ලිපෙන් බා ගන්න.
ඊට පස්සේ බටර් ටිකත් එකතු කරලා හොඳින් පොඩි කර ගන්න. මේකට වැඩිය හොඳ පුංචි නෑඹිලියක්. බ්ලෙන්ඩ‍්ර කරල දීලා පුරුදු උනාම කෑලි එක්ක කවා ගන්න පස්සේ අමාරු වෙනවා...
පුංචි දෙයක්:
ඔයා, මම වගේ රැකියාවට යන අම්මලාට ගොඩාක් වෙලාව නෑනේ, ඉතින් මෙන්න පහසු විදියක්..
සතියකට විතර පුංචි පැටියට ඕන කරන සහල් පරිප්පු වෙන වෙනම අරගේන හොඳින් සෝදලා වේලා ගන්න.ඊට පස්සේ ග්‍රයින්ඩරයක් පාවිච්චි කරලා කැබැලි කර ගන්න. මතක තියා ගන්න කැබැලි මිසක් කුඩු නෙමෙයි!
හාල්මැස්සෝ - හොඳට සෝදලා අරන් තෙත හින්දා ගන්න. ඊට පස්සේ අවන් එකක් රත් කරලා සෝදපු හාල්මැස්සෝ ටික තැටියකට දාලා රන්වන් පාට වෙනතුරු රෝස්ට් කර ගන්න. ලා වට!ඊට පස්සේ එලියට අරන් නිවුනම ග්‍රයින්ඩරයකට දාලා කුඩු කර ගන්න.මතක තියා ගන්න කුඩු මිසක් කැබැලි නෙමෙයි! (පුංචි පැටව් නේ, කටුවක් වත් ඇනුනොත් අම්මේ උගුර ඌය්යා! කියල කියන්නයැ)
මේවා වෙන වෙනම පිරිසිදු බෝතල් දෙකක හුලං වදින්නැති වෙන්න අරං තියා ගන්න.
දැන් ඉතින් තියෙන්න උයන වෙලාවට අර බෝතල් වලින් හැඳි 3/4 බැගින් අර ගෙන කලින් විදියටම කර ගෙන යන එකයි. එතකොට පොඩි කර ගන්න ලේසියි. ලොකු කෑලි කවාගන්න බැරි හිර කරගන්න බට්ටොන්ට හොඳ විසඳුමක්. හාල්මැස්සෝ එකතු කරද්දී අනිත්වා තැම්බිලා ටිකක් පෙන දමලා ඉතුරුවට පස්සේ එකතු කරන්න. නැත්නම් හට්ටියේ කටේ හාල්මැස්සෝ කුඩු, බබාට හුලං!
හොඳ පෝස්ටුවක්
ReplyDeleteස්තූති වේවා
Deletechuutan bangadiyata shoyiiiii
ReplyDeleteඔයත් කාලම බලන්නකෝ
Deletemata udawwak one. mage aluth blog eka
ReplyDeletehttp://kurutugegeepawra.blogspot.com/
meka syndicator ekakata da ganna RSS address eka illanawa. mata eka gena therumak ne. eka ganna widiha kiyala denawada????
Plz help me.
hasitha
http://blog.sinhalabloggers.com/web-feeds-revealed/
Deleteඔය තියෙන්නේ උත්තර!
Deleteඅම්මෝ පොඩි එවුන්ට බත් කවන්වට වැඩිය ලේසියි බල්ලන්ට නැට්ට වනන්නැතිව ඉන්න උගන්නන එක. පොඩිම කාලෙන් කොහොම හරි කවා ගන්න පුළුවන් අවුරුදු 1 1/2 දෙක විතර උනාම අපිත් බත් එකක් එහෙම ඔතාගෙන පොඩි එකා පස්සේ යන්න ඕන 10Km විතර.
ReplyDeleteඑක නම් සහතික ඇත්ත. හම්බ කරන එකත් හරි උයන එකත් හරි. කවා ගන්න එකනෙ අමාරු!
Delete