Showing posts with label සිතිවිලි. Show all posts
Showing posts with label සිතිවිලි. Show all posts

Friday, May 20, 2011

දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි!


මම ඔයත් එක්ක කවදාවත් කතා කරලත් නෑ
දැකලත් නෑ
හැබැය් දකින්නත් කතා කරන්නත් ආසාවෙන් හිටියා
මොනවා කරන්නන්ද ඊට කලින් ඔයා යන්න ගිහින්
කවදාවත්  නොඑන්නම ගිහින්

පොඩි ඉල්ලිමක්,
අනේ ආයෙත් එන්න,
මේ ජීව්තය එක නවාතැන් පොලක් විතරය්,
අලුත් ජීවිතයක් අරන් ආපහු එන්න,

මතක ඇතුව ඔයාගෙ නිවුන් සොයුරාවත් හමු වෙන්න, සමහරවිට මේ ඔයාට එයාව හමු වෙන්න ලැබුනු අවස්තාවක් වෙන්නත් පුලුවන්!

මේ වතාවෙ ඔයත් එක්ක කතා කරන්න හිනාවෙන්න, අඩු තරමෙ පිටට තට්ටුවක් දාල හලෝ කියා ගන්නවත් බැරි උන ගොඩක් අය ඉන්නවා,

ඔව්, මමත් එක්කෙනෙක්.

ඉලංදාරියෙක් නොවුනත් බිලිඳු දරුවෙක් විදියට එන්න, ඔයාව බාර ගන්න ගොඩාක් අය ඉඳීවි!

ඉතින් එදාට අපි හමු වෙමු,  

දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි,


අනේ ආපහු එන්න!





Wednesday, February 2, 2011

හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


අදත් මගෙ සිත සසල කල දවසක්
පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්
පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක්
දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක්

කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක්
හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත්
තුරල් වී නම් නොයය් මසිතෙන්
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද පුන්චි අතක් මගෙ සාරිපොටෙ අසලින් ඇදී ගියා. මගෙ පෑත්තකින් හිටිය වයස 7ක් පමන වෙන පුන්චි පුතෙක්, තනියම නෙවේ, අම්මත් තව පොඩි නන්ගියෙකුත් එක්ක. පාසල් නිල ඇඳූමක් දුටු නිසා මම පසෙකට උනා නොදෑනීම, පොඩි දරුවව ප්‍රමාද කරන්න පව් නිසා. චූටි පුතා අත් මිටි කරන් හිටියේ සල්ලි කොල වගයක්. මට හරියට පෙනුනේ නෑ කීයක්ද කියල.  වෛවර්ණ කෑම දිහා දෙ ඈස් දල්වා සිටි පෑටියා මිල අධික කිහිප වර්ගයක මිල විමසනු මම බල සිටියා, මේ අතර දරුවාගෙ මව දරුවා පිටතට ගෙන යෑමටද උත්සාහ ගනු පෙනුනා. සමහර සිදු වීම් විස්තර කරන්න අපි දන්න වචන මදි කියලා තෙරුනා මට. අනේ ඒ අම්මගෙ ඈස් දෙක දුටුවනම්..

Thursday, November 18, 2010

නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්


තරු කැට විහිදුනු නිල් ආකාසේ  සඳ ලිය සලිත වෙලා
මෙතුවක් නද දුන් සීනු නදක් ඇයි නොකියම නිහඬ වෙලා
මා වවුලෝ ඇයි බය කෙරුවේ, නෑ නෑ අපි බය කෙරුවේ
රෑ තරු දිලෙනා අහස බලන් ඇ නිහඬව සුසුම් හෙලය්

මා දැක පුරුදුය් ඈ පෙර දවසක, නෑ නෑ මෙලෙස නෙමෙය්
පොඩි කොවුලෝ නුඹ නිදි නැතුවා වගේ, කියපන් එදා පටන්
ඈ පොඩි දරුවා සෙනෙහස පුරවා, කෙලි සෙල්ලම් කෙරුවා
ඈත විමානෙන් කුමරෙක් වැඩියා, ඈ ගෙන මෙහි ආවා

හා හා දැන් ඒ කුමරා කොහිද කියාපන්, නැතුවද ඈ සමගා
ඔහු ඈ සමගය් නෑ කිසි වෙනසක් එනමුදු ගයනු නොදත්
ඈ හද තත්සර රැව් දෙන තාලෙට නැටුමට පාද නොයත්
බෝ කාලෙක සිට නෑ විඳ සෙනෙහස එකය් සිත නොමෙලෙක්

හෝ හෝ මා ප්‍රිය දියණී සිනහ වෙයන් නුඹ, නෙතගේ කඳුළු පිසින්
හෝඩි පොතක් ගෙන ආදරයෙන් සිත සෙනෙහස අකුරු කරන්
ඉවසීම දයා කරුණා ගුණ කලතා අකුරෙන් අකුර කියන්
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්

Thursday, November 11, 2010

මල් මල් මල් වරුසා

 (Image Credit: http://www.corisweddingsandevents.net/Main_Images/flower_road.jpg)

ගැට තුඹ මල් පිපිලා දෙවැටේ
වතුසුදු මල්  ඉහිලා
දෙව් දුව සළු ඇදලා පෙරදිග
නිලඹර මුකුළු කලා

සිතුවිලි පියා සලා දේදුනු
සිහිනෙක සුවඳ තියා
නව හිරු නැග එනවා
තව තව බමරිඳු රහස කියා

මල්  මල්  මල්  වරුසා
සිත් යට සෝ දුක් පහ වෙනවා
තම දෙන තතන තනා
මගේ සිත ඉපිලී රංග දෙනවා