Thursday, November 18, 2010

නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්


තරු කැට විහිදුනු නිල් ආකාසේ  සඳ ලිය සලිත වෙලා
මෙතුවක් නද දුන් සීනු නදක් ඇයි නොකියම නිහඬ වෙලා
මා වවුලෝ ඇයි බය කෙරුවේ, නෑ නෑ අපි බය කෙරුවේ
රෑ තරු දිලෙනා අහස බලන් ඇ නිහඬව සුසුම් හෙලය්

මා දැක පුරුදුය් ඈ පෙර දවසක, නෑ නෑ මෙලෙස නෙමෙය්
පොඩි කොවුලෝ නුඹ නිදි නැතුවා වගේ, කියපන් එදා පටන්
ඈ පොඩි දරුවා සෙනෙහස පුරවා, කෙලි සෙල්ලම් කෙරුවා
ඈත විමානෙන් කුමරෙක් වැඩියා, ඈ ගෙන මෙහි ආවා

හා හා දැන් ඒ කුමරා කොහිද කියාපන්, නැතුවද ඈ සමගා
ඔහු ඈ සමගය් නෑ කිසි වෙනසක් එනමුදු ගයනු නොදත්
ඈ හද තත්සර රැව් දෙන තාලෙට නැටුමට පාද නොයත්
බෝ කාලෙක සිට නෑ විඳ සෙනෙහස එකය් සිත නොමෙලෙක්

හෝ හෝ මා ප්‍රිය දියණී සිනහ වෙයන් නුඹ, නෙතගේ කඳුළු පිසින්
හෝඩි පොතක් ගෙන ආදරයෙන් සිත සෙනෙහස අකුරු කරන්
ඉවසීම දයා කරුණා ගුණ කලතා අකුරෙන් අකුර කියන්
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්

1 comment:

  1. වෙනදා වගේම සුපිරි කවි ටිකක්. මාර ලස්සනයි...

    ReplyDelete

මොනවද හිතුනේ?