Showing posts with label සිහින සිතුවම්. Show all posts
Showing posts with label සිහින සිතුවම්. Show all posts

Thursday, November 18, 2010

නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්


තරු කැට විහිදුනු නිල් ආකාසේ  සඳ ලිය සලිත වෙලා
මෙතුවක් නද දුන් සීනු නදක් ඇයි නොකියම නිහඬ වෙලා
මා වවුලෝ ඇයි බය කෙරුවේ, නෑ නෑ අපි බය කෙරුවේ
රෑ තරු දිලෙනා අහස බලන් ඇ නිහඬව සුසුම් හෙලය්

මා දැක පුරුදුය් ඈ පෙර දවසක, නෑ නෑ මෙලෙස නෙමෙය්
පොඩි කොවුලෝ නුඹ නිදි නැතුවා වගේ, කියපන් එදා පටන්
ඈ පොඩි දරුවා සෙනෙහස පුරවා, කෙලි සෙල්ලම් කෙරුවා
ඈත විමානෙන් කුමරෙක් වැඩියා, ඈ ගෙන මෙහි ආවා

හා හා දැන් ඒ කුමරා කොහිද කියාපන්, නැතුවද ඈ සමගා
ඔහු ඈ සමගය් නෑ කිසි වෙනසක් එනමුදු ගයනු නොදත්
ඈ හද තත්සර රැව් දෙන තාලෙට නැටුමට පාද නොයත්
බෝ කාලෙක සිට නෑ විඳ සෙනෙහස එකය් සිත නොමෙලෙක්

හෝ හෝ මා ප්‍රිය දියණී සිනහ වෙයන් නුඹ, නෙතගේ කඳුළු පිසින්
හෝඩි පොතක් ගෙන ආදරයෙන් සිත සෙනෙහස අකුරු කරන්
ඉවසීම දයා කරුණා ගුණ කලතා අකුරෙන් අකුර කියන්
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්

Thursday, November 11, 2010

මල් මල් මල් වරුසා

 (Image Credit: http://www.corisweddingsandevents.net/Main_Images/flower_road.jpg)

ගැට තුඹ මල් පිපිලා දෙවැටේ
වතුසුදු මල්  ඉහිලා
දෙව් දුව සළු ඇදලා පෙරදිග
නිලඹර මුකුළු කලා

සිතුවිලි පියා සලා දේදුනු
සිහිනෙක සුවඳ තියා
නව හිරු නැග එනවා
තව තව බමරිඳු රහස කියා

මල්  මල්  මල්  වරුසා
සිත් යට සෝ දුක් පහ වෙනවා
තම දෙන තතන තනා
මගේ සිත ඉපිලී රංග දෙනවා

Wednesday, October 27, 2010

සිහින සිතුවම් හදේ ලියැවුනු

















සිහින සිතුවම් හදේ ලියැවුනු

රැලි නැගී නැග ඒ දිවා රෑ

මතක සුවඳක සුවය කැටි කර

නෙතු පෙලා මුතු කඳුලු මල්



ඈත දිනයෙක මතුල පද වැල්

මිහිරි සත්සර නද දෙවා

හද රිදුම් දෙන වෙන තතක් අද

ඇසේ කොයිබද මතු වෙලා



සොයා යන්නෙමි දිගන්තයටම

කොහේ සැඟවුනි මුදුසිනා

වනේ සිවුපා ගුවනෙ සරනා

සතුනි දුටුවද මගෙ සිනා