Thursday, November 11, 2010

මල් මල් මල් වරුසා

 (Image Credit: http://www.corisweddingsandevents.net/Main_Images/flower_road.jpg)

ගැට තුඹ මල් පිපිලා දෙවැටේ
වතුසුදු මල්  ඉහිලා
දෙව් දුව සළු ඇදලා පෙරදිග
නිලඹර මුකුළු කලා

සිතුවිලි පියා සලා දේදුනු
සිහිනෙක සුවඳ තියා
නව හිරු නැග එනවා
තව තව බමරිඳු රහස කියා

මල්  මල්  මල්  වරුසා
සිත් යට සෝ දුක් පහ වෙනවා
තම දෙන තතන තනා
මගේ සිත ඉපිලී රංග දෙනවා

5 comments:

  1. ර​ඟදෙන නුඹේ සිතුවිලි විල
    දේදුනු සිරි හොරෙන් අරන්
    අහසට සඳ සේ නුඹෙ හිත
    ඉපිලෙනවා වගෙ සතොසින

    හරි ලස්සනයි ...

    ReplyDelete
  2. මල් මල් සිතුවිලි දොරේ ගලනසද
    පන්හිද නිති ඇත අකුරු කරන්නට
    එමි මම නිතරම මෙය කියවන්නට
    අකුරු කරනු මැන දිගට දිගට නුඔ..

    ලස්සනයි ගොඩක් :D

    ReplyDelete
  3. දොම තරිකිට දොම් තරිකිට
    මෙන්න බොලේ වැඩක්
    මේ ඩිංගට මේ දෙන්නෙක්
    ඇවිත් comment වැලක්

    හරි සතුටුය් සිත පොපියය්
    ලියවෙය් තව මල්
    මතක ඇතුව එන්න හෙටත්
    තව ලියනවා මං

    :D
    Prasanna:, Lahiru: දෙන්නටම ගොඩාක් ස්තූත්ය්

    ReplyDelete
  4. කවි ලියන්න නම් බෑ මට
    පුලුවන් ඔයාලා ලියන කවි කියවන්න පමනයි ඒක නිසා මගෙන් කවි නෑ

    samadhi ලස්සන කවිය මූනිච්චාවට කියනවානෙවේ ! ඇත්තටම ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  5. හිස් අහස, ගොඩාක් ස්තූතිය.
    කවි නොලිව්වට ඔයාගේ පොස්ට් හරිම ලස්සනය්.

    ReplyDelete

මොනවද හිතුනේ?