Showing posts with label කොල පුතා. Show all posts
Showing posts with label කොල පුතා. Show all posts
Wednesday, January 4, 2012
සපුමල් සුවඳමය.....
ලඟ ඉඳිද්දී නොදැනුන
වෙන්ව ගිය කල හද පාරවන
අපුර්ව සොහොයුරෙකු වෙනුවෙන
හද හඬන මහිමය
නුඹද නැගනියද එක්ව
කල කැප කිරීම් අපමන
සිහියට නැගෙන කල
උමතුව යයි මහද
වැඩ නිමවී සවස
කුලී නිවසට එන සඳ
"අක්කේ" කියමින
සිනා පානා මුහුන කොයිබද?
සපුමල් සුවඳමය
සුවඳ හඳුනන්න්නෝ විරලය
උගතුන් කී ලෙසම
සුවඳ විඳියන් සිටියේ දුරමය....
(image source: http://www.wallcoo.net/photography/innocence_baby_photography/images/%5Bwallcoo_com%5D_little_sisters_and_brother_ISPC006040.jpg)
Wednesday, November 16, 2011
දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්
පුංචි පුතා මගේ කිරි කැටියා
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින්
කුස තුල එහේ මෙහේ යනවා....
දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...
ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......
ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින්
කුස තුල එහේ මෙහේ යනවා....
දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...
ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......
ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.
Tuesday, September 27, 2011
රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ රන් වන් රැස් දහරා දිලුනේ
රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ
රන් වන් රැස් දහරා දිලුනේ
සිලි සිලි නදිනේ බෝ පත් සැලුනේ
තැවුල් සිතට බුදු සිසිලස දැනුනේ...
හදවත තෙරපා මිහිමව කලඹා
කඳුලින් බෝ පාමුල දෙවුවා
සිරිමත් සිරි මා බෝ සමිඳුන් මගේ
වරමක් දුන්නා කඳුලැලි නිම්මා....
බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...
තෙවරක්ම බුදුන් වැඩි මේ පින් බිම තවමත් පින් සාරය්. කාලයක් තිස්සේ විවිධ කම් කටොලු මැදින් අපේ හීනයක් සැබෑ කරගන්න අපි දෙන්නා සිරිමා බෝ හිමි අබියස බෝධි පූජාවක් කලා. විවිදාකාර වූ රෝග තත්වයන් සමනය කරමින් අපේ බලපොරොත්තුව හැබෑවෙන ලකුනු පහල වෙලා.
මගේ රත්තරන් පැටියෝ අනේ ඔයා මගේ මැනික පුතේ. පරිස්සමින් ඉඳලා එන්න රන් කැටියෝ. ඔයා එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
ඔයා දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගී දරුවෙක් වෙන්න කියන එක විතරම්ය් මේ අම්මය්, තාත්තය් ඉල්ලන්නේ.
ඔයාට තෙරුවන් සරනය්!

Monday, July 11, 2011
ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04
විස්තර කියන්නම් කිව්වට මාසයක් යනතුරුත් විවෙකයක් තිබුනෙ නෑ නෙ. ඔන්න අද තමය් පින්කමේ පින්තූර ටික අරන් ආවෙ. මෙතන ගොඩාක් විස්තර නම් නෑ.
මග දෙපස සිරි
මග දෙපස සිරි
මහ මලුවෙ වැලි ඇට ගනනට සෙනග, අපි හිටියෙ දෙවැනි මලුවෙ. එතනත් අර වගෙම සෙනග.
කොප්පරා පහන් වැටවල්.
ගුවනින් අවිත් සෑය වටේට සහ සෑයට මල් පෙති ඉස්සා. මල් පෙති දුර අහසෙ ඉඳන් වැටෙද්දි පුදුම ලස්සනක් තිබුනෙ, කැමරාවට හසු කරගන්න තරම් බැරි උනා.

Friday, June 24, 2011
සිනාසෙන් නුඹ් මගේ හිමියනි.....
සිහිනයක් හා රෑඳුන මිහිරි මතකෙක සුවඳ
සිත් ඉමේ දඟ කරන ලස්සන
කිති කවා හද මුමුනලා පද
නවුම් තාලෙක තනුව වයනා ....
පෑතුම් ඉසව්වක සිහින කොදෙව්වක
දෑගිලි පටලා පියවර මෑන යන
මේ දිවි ගමනේ නුඹ දිනනා දෙස
බලා ඉඳිම් සෙව්නැල්ලක් සේ ලඟ....
මග නොමග නොහැඳින මුලාවී
සිටිය කාලය අදින් නිම වේ
පතමි සුවහස් සුබාසිරි,
සිනාසෙන් නුඹ මගේ හිමියනි....
එකම එක පුංචි විභාගයක් උනත් මට මහමෙරක්. ඔයා වැඩිම ලකුනු අරන් සමත් උනා කියලා අහන්න තරම් මම පින් කරලද?
Friday, June 3, 2011
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්, උඩ මලුවේ බෝධි සාම් පිරිමි පුතෙක් දෙන්නය්...!
කාලෙකට ඉස්සර ඇහුන පද වැලක්, හිතට තදින්ම කා වැදිලා තිබිල කියල තේරෙන්නේ දැන් තමය්.
මාස කිහිපයකට පෙරාතුව බිලිඳු කිරි සිනහ ගැන සිහින මවනා කාලයෙදි මට නැවතත් මේ ගීතය සොයා ගන්න දැඩි අවශ්‍යතාවයක් දැනුනත් එය මාතට ලැබුනේ නෑ, සිහිනයත් හොරු අරන් ගියා වගේමය්.
අද ඉතින් අහම්බෙන් වගේ මේ ගීතය අයෙමත් මගේ මතකයට ආවා, අපි හෙට අනුරධපුරය බලා යනවා, ඔව් රුවන්වෙලි සෑයේ පින්කමට සහබාගී වෙන්න. කොහොමහරි ශ්‍රී මහා බෝධියටත් යන්න ඔනනෙ කියන සිතුවිල්ලත් එක්කම මට මේ පද පෙල මතකයට ගෙනෙන එක වලක්වන්න බැරි උනා. අනේ පුතු පැටියො මට ඔයාව මතක් වෙනවා රත්තරන්! ඒ අවාසනාවන්ත දේ සිදු නොවුන නම් මේ වෙනකොට ඔයාට මාස අපි ඔයාව පිලි ගන්න හැමදේම ලෑස්ති කරන් බලන් ඉන්නවනේ..අපි ගාවට එන්න මට ඔයාව මගේ කරගන්න පින නොතිබුනාට, තවමත් කල් තියෙනව, අනේ පුතු මේ සැරේ එන්න!
මේ බ්ලොග් ලියන යාලුවො පුලුවන් නම් මට පුංචි උදව්වක් කරන්න. කවෘහරි ලඟ මේ සින්දුව තියෙනව නම් මට ලබා දෙන්න.
වී අහුලන කුරුලු කොබේ කාරිය කරවන්නය්
.......................................................................
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්,
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නය්...!
පුතෙක් උනත් දුවෙක් උනත් දරුවෙක්! කවුරු උනත් වටිනාකමේ අඩුවක් නෑ.
Wednesday, June 1, 2011
ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04 දින ප.ව. 4.30 සිට සර්ව රාත්‍රිකව
අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් රුවන්මැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරත්න ස්වාමීන්වහන්සේ ඇතුලු පූජනීය මහා සංඝ රත්නයේ පූර්ණ ආශිරවාදය හා අනුශාසනාව පරිද්දෙන් 2011ක් වූ ජුනි මස 4වන දින සුවිශේශී පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
අපටම පිහිටවීමට ලොව පහල වී වදාළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රි සම්බුද්ධත්ව මංගල්‍ය 2600වන ජයන්තිය හා සබැඳිව ශ්‍රි ලංකා ධරණී තලයේ වියැකෙමින් තිබූ ප්‍රතිපත්ති සාසනයට නව ජීවයක් දෙමින් බිහි වූ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට වර්ෂ 60 පිරෙන මොහොතේ, ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක බෝධිසත්ව ගුණෝපේත අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශ මාහිමියන් වහන්ස අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රි ඥාණාරාමාභිධාන මහෝපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන අපවත්වී වදාල සංඝ පීතෘවන්හන්සේලාට පුණ්‍යානුමෝදනා ප්‍රරර්ථනා පෙරදැරිව දහසකට අධික පූජනීය මහා සංඝ රත්නය පෙරටු කරගෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන අසිරිමත් ආමිස ප්‍රතිපත්තිමය මහා පුණ්‍යෝත්සවයයි…
පිංකම මාලාව
- කුල දරුවන් සිය දෙනෙක් පැවිදි කිරීම
- මහා ස්ථූප ආලෝක පූජාව
- සත් බුද්ධ පූජාව
- ලක්ෂ තුනකට අධික නෙලුම් මල් පූජාව
- හය දහසකට අධික අටපිරිකර පූජාව
- කප් රුක් පූජාව
- තෙල් පහන් ආලෝක පූජාව
- මහා සුවඳ දුම් පූජාව
- සුවඳ පැණින් මළුව සේදීම
- හේවිසි පූජාව
- සර්ව රාත්‍රික පිරිත් දේශහාව
- දහසකට අධික මහා සංඝ්හික දානමය පිංකම්
- 2011 ජූනි 04 ප.ව. 4.30 සිට මහා සංඝ රත්නය සෑ මළුවට වැඩමවීම
- 2011 ජූනි 04 ප.ව. 5.30 බුද්ධ පූජා වැඩමවීම
- 2011 ජූනි 04 ප.ව. 6.00 සිට මහා ස්ථූප ආලෝක පූජාව හා සත් බුදු වන්දනාව
- 2011 ජූනි 04 රාත්‍රී 9.00 සිට දහසකට අධික මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාව
- 2011 ජූනි 05 පෙ.ව. 4.00 සිට කුල දරුවන් සිය දෙනකු පැවිදි කිරීමේ පිංකම
- 2011 ජූනි 05 පෙ.ව. 5.30 ක්ශීරපායාස බුද්ධ පූජාව හා මහා සාංඝික දානය
(0091 2256013)
—————————————————————————————————————————————————————
එම අසිරිමත් ස්වර්ණමාලී මහා ථූපාභිවන්දනා පිංකම සඳහා අරියමග්ග සංවිධානය ලෙසින් අපගේ සංවිධායක සහ දායක පිංවතුන් සමග අපද විවිධ පිංකම් සඳහා දායකවෙයි.. සංවිධාන කටයුතු මෙහෙයවයි…
එම පිංකම් විස්තර ඔබ සැමදෙනාට උපකාර පිණිස පහත දක්වා ඇත…
- 2011.06.02 දින වෙසක් කූඩු 600 එල්ලීම සඳහා අවශ්ය් කණු සහ කූඩු එල්ලීම..
- 2011.06.02 සවස 4.00ට මළුව දෝවනය සහ විශේශ සුවඳ පූජාව…
- 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් සැකසීම
- 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් තැන්පත් කිරීම
- 2011.6.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ ගිලන්පස
- බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු සම්පාදනය සහ සංවිධානයට …
- 2011.06.04 සිට සර්ව රාත්‍රිකව සුවඳ පහන් කොප්පර පහන් තැඹිලි පහන් ආලෝක පූජාව පැවැත්වීම
- 2011.06.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ කිරි ආහාර බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු අවශ්‍ය සම්පාදනය කට්යුතු සංවිධානයට …
- 2006.06.05 පෙරවරු නැවත මළුව පවිත්‍ර කිරීම
- 2006.06.05 දහවල සංවිධානය කරන 1000 පිංවතුන්ට දානය පූජා කිරීම සහ අනෙකුත් දාන සංවිධානයෙදී අවශ්‍ය කටයුතු සම්පාදනය
තෙරුවන් සරණයි…
ප:ලි: මට ලැබුන විස්තර පත්‍රිකාවක් තමය් මම ඔය ඉහල පල කලේ. පින් අතේ වැඩක් නෙ, ඉතින් අපිත් හිතුවා සහබාගී වෙන්න. 04 වෙනිදා හිමිදිරියෙම පිටත් වෙන්න තමය් අපේ අදහස. සංවිදායක කමිටුවේ සමහරක් අද අනුරාදපුරය බලා පිටත් උනා.
ගිහින් ඇවිත් මමත් වැඩි විස්තර කියන්නම්කො. පුලුවන් කමක් තියෙනවනම් යාලුවනේ ඔයාලත් එන්න. දුරින් ඉඳන් සහබාගී වෙන්න පුලුවන් පින් කම් උනත් තියෙනවා.
Friday, April 8, 2011
ඔවා දෙනු හරහට!
මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.
නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.
කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්. මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. (හපොය් බනින්න එපො.....)හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.
(ඔන්න මාතෘකාවට අදාල ටික මෙතන ඉඳන්...! )
මම කලිනුත් කිව්වා වගේ අපේ ඉතින් ගමනගමනය ජහමනයා එක්කම තමය්. වවුනියාව දුම් රියට ගොඩ උනේ තරමක් හෝ පහසුවෙන් යාමට සිතාය. ඒ දවස්වලත් මම හොටල් හිමියෙක් :D).දෙය්යනේ කියලා කොලඹටත් ආවා. මරදාන, පහුවෙදී අපි හිටපු පෙට්ටියට අවා සෑහෙන වයසක සීයා කෙනෙක්. සරමක්, කමිසයක් ඇඳලා,කොන්ඩය පවා පිලිවෙලකට පීරල තිබුනා. අපි මේ වෙනකොට හිටියේ මුලදි ආපු අසුන් වල නෙවෙය්, මේ මැදිරියේ අසුන් එකකට එකක් මුහුන ලා තම්ය් පනවල තිබුනෙ. ඉතින් සීය වාඩි උනේ අම්මටය් මටය් ඉස්සරහ ටිකක් දොර පැත්තට වෙන්න. සීයට එහා පැත්තට වෙන්න හරි අපුරු කොලු පැටියෙක්. තනියම නෙමේ, ඒ වයසෙම කොලු කෙලි නඩයක් එක්ක.
දන්නවනෙ ඉතින් නානාප්‍රකාර වෙලෙන්දො එනවනෙ ඔය මැදිරියකින් අනිත් මැදිරියකට. මේකටත් නොයෙක් වර්ගයේ අය ආවා ගියා, වෙලඳාම්ක් එහෙම නොකෙරුනාමත් නෙවෙය්. දෙය්යනේ කියලා අර කොලු කෙලි නඩේ හිටියානෙ.
ඔන්න ඉතින් "වඩෙය්... ඉස්සො වඩෙය්.. දැන් බැදපුවා.." (බොරු කෝටියය්. ..)
කලින් වෙලෙන්දන්ට වගේම මෙයාටත් සැලකිලි. මේක දැක්කා විතරය් අර සීයා වයින් උනා.. මෙයත් පැනලා ගත්තෙ නැද්ද ඉස්සො වඩේ.. අපේ අර සෙට් එකත් එකසිය ගානට වඩේ කනවා. ටිකකින් කලින් කියපු සින්දු, තාල ඇල්ලිලි සේරම මග නවතුනා.. සෙට් එකේම මුනු හොඳ නෑ. සීයත් වැඩේ අතාරින්නෙම නැ. මොනවා උනත් මේ අද ඊයෙ උස්මහත් උන දරුවොන්ට කොහොම සෙකන්ඩ් වෙන්නද කියල හිතෙන්නැති, මගෙ හිතේ. ටිකකින් (සීයා)...
"තූහ්.. තුහ්..ශික්..කන්න එපා පුතෝ. කන්න එපා. මොන මල ජරාවක්ද!"
ජංජාලයය්! සීයට හොඳටම කෙන්ති ගිහින් කටට ගනිපු වඩේ කෑලි විසිකරනවා.. බනිනවා..
අර කට්ටියත් ඉතින් ගොලෑ කෑව මොක්කුද වගේ (වඳුරො) බලගෙන ඉන්නව. ලස්සනම හරිය ඊට පස්සෙ. මම හිතුව සේරම අතේ තිබුන වඩේ මලු විසිකරපු නිසා සීයත් ඒකම කරය් කියල. මොන පිස්සුද? මෙය නන් ස්ටොප් වඩේ කනවා, හැබැය් එකම ප්‍රශ්නෙ එක කැල්ලවත් උගුරෙන් පහලට යවන්නෙ නැති එක.
කෑල්ලක් කඩනවා,
විකනවා
ආයෙමත් (ජනේලෙන් එලියට) තූහ්.. තුහ්..ශික්..
ආයෙමත් කෑල්ලක් කඩනවා,
විකනවා
කන්න එපා පුතෝ.
අන්තිමට මිරිස් , ලූනු පවා.. කඩනවා,
විකනවා
කන්න එපා. මොන මල ජරාවක්ද!
සීයා වඩේ කෑම නවත්තන්නෙ නැහ. මම හිතන්නෙ එයා බලන්න ඇත්තෙ වැරදිලා හරි කන්න පුලුවන් කෑල්ලක්වත් තියෙද කියල වෙන්නැති.
අන්තිමට කඩදාසි බෑග් එක ගුලි කරල කටත් පිහිදගෙන ඉවරවෙලා අහනවා
"කෝ කෝ කෝ ඒකා. කොහෙටද ගියේ."
මෙයා මේ දැන් හොයන්නෙ වඩේ වෙලෙන්දව මගෙ හිතේ. අනේ මන්ද කාපුවට ගහන්නද නැත්නම් තවත් වඩේ ගන්නද කියලා. කොහොම උනත් වැඩේ බලන් හිටපු අර ගොලෑ කාපු සෙට් එකට හිනාව නවත්තගන්න බැරි උනා.
මේ සෙරම වෙනකොට අපිට බැහැල යන්න තැනත් අව්ත්...!
-------------------------------------------------------------------------------------------------------------------
ප: ලි: මගේ අලුත් වැඩකුත් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉන්නකො..

Wednesday, March 16, 2011
බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ
බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ
සිතක මැවී ගිය සිතුවමක අතීතේ
පුතුගෙ සුවඳ මුසුවී ගලා ඒ
පැතූ පැතුමන් හද ව්මන් තලේ
නුඹ එන බව දැන සැනසීමක් ලැබ
යන්තම් දෙමසකි පහුවුණු ඊයෙට
නොදැකම පුතු මුව යන්නට ගිය සඳ
සඳ බැස ගියෙ මගෙ ලොවට අමාවක
පුතු හිස සරසන මුදු කෙහෙරැල්ලක්
පිරිමැද සනසන්නට සැනසෙන්නට
මදිවද කල පින් පිරූ පෙරුම්
පුතුනි කියන් කිම හැරදා මවුන්
සත්තයි අප සිටුවරු නොවනා බව
සත්තයි සිටු සැප නුඹට සදන බව
ජීවිතයේ ඉම හසර දකින්නට
වෙන්නම් තරුවක් පාර කියන්නට
දරු සෙනෙහස නොඅඩුව දැනෙනා හද
වැලපෙයි ඉකිබිඳ නුඹෙ නම සිහි කර
සිරිමා බෝ සාමිනි මේ දුක දැක
සතර වරම් දෙවියනි ගෙන දෙන් පුත
රත්තරන් පුතු පැටියෝ මගෙ සූකිරියෝ ඉක්මනටම ආපහු එන්න රත්තරන්.
අපිට ඔයා නෑතුව පාලුයි, ගොඩාක්!
තාත්තියි අම්මියි බලන් ඉන්නවා..
තාත්තියි අම්මියි බලන් ඉන්නවා..
Wednesday, February 2, 2011
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්
අදත් මගෙ සිත සසල කල දවසක්
පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්
පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක්
දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක්
කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක්
හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත්
තුරල් වී නම් නොයය් මසිතෙන්
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්
වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද පුන්චි අතක් මගෙ සාරිපොටෙ අසලින් ඇදී ගියා. මගෙ පෑත්තකින් හිටිය වයස 7ක් පමන වෙන පුන්චි පුතෙක්, තනියම නෙවේ, අම්මත් තව පොඩි නන්ගියෙකුත් එක්ක. පාසල් නිල ඇඳූමක් දුටු නිසා මම පසෙකට උනා නොදෑනීම, පොඩි දරුවව ප්‍රමාද කරන්න පව් නිසා. චූටි පුතා අත් මිටි කරන් හිටියේ සල්ලි කොල වගයක්. මට හරියට පෙනුනේ නෑ කීයක්ද කියල. වෛවර්ණ කෑම දිහා දෙ ඈස් දල්වා සිටි පෑටියා මිල අධික කිහිප වර්ගයක මිල විමසනු මම බල සිටියා, මේ අතර දරුවාගෙ මව දරුවා පිටතට ගෙන යෑමටද උත්සාහ ගනු පෙනුනා. සමහර සිදු වීම් විස්තර කරන්න අපි දන්න වචන මදි කියලා තෙරුනා මට. අනේ ඒ අම්මගෙ ඈස් දෙක දුටුවනම්..
Thursday, November 18, 2010
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්
තරු කැට විහිදුනු නිල් ආකාසේ සඳ ලිය සලිත වෙලා
මෙතුවක් නද දුන් සීනු නදක් ඇයි නොකියම නිහඬ වෙලා
මා වවුලෝ ඇයි බය කෙරුවේ, නෑ නෑ අපි බය කෙරුවේ
රෑ තරු දිලෙනා අහස බලන් ඇ නිහඬව සුසුම් හෙලය්
මා දැක පුරුදුය් ඈ පෙර දවසක, නෑ නෑ මෙලෙස නෙමෙය්
පොඩි කොවුලෝ නුඹ නිදි නැතුවා වගේ, කියපන් එදා පටන්
ඈ පොඩි දරුවා සෙනෙහස පුරවා, කෙලි සෙල්ලම් කෙරුවා
ඈත විමානෙන් කුමරෙක් වැඩියා, ඈ ගෙන මෙහි ආවා
හා හා දැන් ඒ කුමරා කොහිද කියාපන්, නැතුවද ඈ සමගා
ඔහු ඈ සමගය් නෑ කිසි වෙනසක් එනමුදු ගයනු නොදත්
ඈ හද තත්සර රැව් දෙන තාලෙට නැටුමට පාද නොයත්
බෝ කාලෙක සිට නෑ විඳ සෙනෙහස එකය් සිත නොමෙලෙක්
හෝ හෝ මා ප්‍රිය දියණී සිනහ වෙයන් නුඹ, නෙතගේ කඳුළු පිසින්
හෝඩි පොතක් ගෙන ආදරයෙන් සිත සෙනෙහස අකුරු කරන්
ඉවසීම දයා කරුණා ගුණ කලතා අකුරෙන් අකුර කියන්
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්
Thursday, November 11, 2010
මල් මල් මල් වරුසා
(Image Credit: http://www.corisweddingsandevents.net/Main_Images/flower_road.jpg)
ගැට තුඹ මල් පිපිලා දෙවැටේ
වතුසුදු මල් ඉහිලා
දෙව් දුව සළු ඇදලා පෙරදිග
නිලඹර මුකුළු කලා
සිතුවිලි පියා සලා දේදුනු
සිහිනෙක සුවඳ තියා
නව හිරු නැග එනවා
තව තව බමරිඳු රහස කියා
මල් මල් මල් වරුසා
සිත් යට සෝ දුක් පහ වෙනවා
තම දෙන තතන තනා
මගේ සිත ඉපිලී රංග දෙනවා
Tuesday, November 9, 2010
අනුමත උනෙමී (හික්ස්! :D)
හප්පා ඇති යන්තම් පෙරුම් පුරලා පුරලා යන්තම් බලන් හිටපු mail එක අවා
ඔන්න ඉතින් මාවත් සිංහල සංසදයට එකතු කරලා..
බොහොමත්ම සන්තොසය්
ඇත්තම කිව්වොත් පස්වනක් ප්‍රීතියෙන් දසවරක් පිනා ගිහින් තමය් මේක ලියන්නේ.
හැමෝටම බොහොම ඉස්තොත්ය්
Wednesday, October 20, 2010
කොල පුතා
![]() |
| කොල පුතා |
කොල පුතා කියල කිව්වට මම පුතෙක් නෙමේ, මම මගේ අම්මගේයි තාත්තගේයි දෝනි. කොල පුතා කියන්නෙ මගේ ලස්සනම ලස්සන ලමා කාලෙ සොඳුරු මතක සටහනක්.
ඉතින් හිනා වෙන්න එපා, මම පොඩි කාලෙ දඟ මල්ලක්, විනාඩියක් එක තෑන ඉන්න බෑරි අම්ම අහක බලනකම් ඉන්ඳලා ඈම්ඩන් සය්ස් වෑඩක් කරන, අයෙත් කිව්වොත් ලොකෙ පෙරලන ජාතියේ. ඔය මොනව කලත් මම අම්මගේයි, විශේෂයෙන්ම තාත්තගේයි මෑනික!. කියන්න බෑරි උනානෙ මම තමඉ අපේ ගෙදර ලොක්කා, නෑ නෑ චන්ඩිය නෙමෙයි, වැඩිමල්. ඉතින් ඉස් ඉස්සෙල්ලා ඉපදුන එකානෙ කියල මට ඒ දවස් වල රජ සෑලකිලි. දෑනුත් එහෙම තම්යි ඉතින්. මගේ තාත්තට තිබිල තියෙනවා එයාටම ආවේනික අකුරු දෙකේ තුනේ හුරතල් නම් මට කියන්න. මේකයි කියල කියන්න එහෙමටම තේරුමක් නෑතත් එවා අපේම අදරනීය අමන්ත්රන විදි උනා.
මමත් ඉතින් දඟ මල්ලනෙ, කවදාවත් බිමින් ගමන් නැති, නෑ නෑ වඩාගෙන යනව නෙමෙයි, මම යන්නෙම පුටු උඩින් පැන පැන, මොකුත්ම නත්නම් තනි කකුලෙන්වත්, කොයිම වෙලාවකවත් කකුල් දෙකම බිම තිව්වෙ නැති තරම්. කොටින්ම කිව්වොත් කොල්ල වගේ. මම හරි ආසයි මට “පුතා” කියනවට. නොතේරෙන කාලෙනෙ, මගෙන් බේරුමක් නෑ අම්මලට මම ඈඳන් ඉන්න ඈඳුමෙ පාටින් කතා කරන්න කියල.
දවසක් මම මිදුලෙ වෑලි නාන වෙලාවක අපේ පොඩි මාමාත් අවිත් හිටිය, (මටත් ඔය මාමලා ගනනාවක් හිටියා,
හැබැයි දෑන්නම් මම ආස නෑ පුතෙක් වෙන්න. මේ මම හා හා පුරා කියල ලියන බ්ලොග් එක, මට ඔන උනෙ මගේ හිතෙ ජීවත් වෙන නොමියෙන මතක සටහන් ඔයලත් එක්ක බෙදාගන්න. එන්න මාත් එක්ක දිිගටම කොල පුතා කියවන්න.
සිනහව,කඳුල, රිද්මය හැමදෙයක්ම!
ඉතින් හැමෝටම අයුබොවන්!
ඉතින් හැමෝටම අයුබොවන්!, මමත් හිතුව බ්ලොග් සමාජෙට එකතු වෙන්න, ඔන්න මුලින්ම සමාව ඉල්ලුව, මම නම් ගොඩක්ම අලුත්, පොඩි පොඩි වරදි උනොත් තරහ වෙන්න බෑ…
Subscribe to:
Posts (Atom)