Monday, November 28, 2011

කෑම ටිකක්වත් හදන්න වෙය්ද පුතේ?

පුංචි කතාවක් කියල යන්නය් ආවෙ. මේක මට කිව්වෙ මගේ යාලුවෙක් එයාගේ මිතුරෙකුගේ කාර්යාලයේ සිදු උන දෙයක් කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඊයේ දිනය තුල මාතර ඇතුලුව දකුනු පලාතේ ප්‍රදේශ කීපයකට බලපාපු දැඩි සුලං තත්ත්වය ගැන.

මේ කියපු මිතුරාගේ කාර්යාලයේ දකුනු පලාතෙන් ආපු එහෙමත් නැතිනම් දකුනට සම්භන්ද අය බොහෝමයක් ඉන්නවලු. ඉතින් සුලු සුලංම නොවුනත් ඇතිඋන තත්ත්වය උඩ බොහොමයක් දෙනා නොසන්සුන් වෙලා තමය් ඉඳලා තියෙන්නේ. දුර බැහැර වෙසෙන තම නෑ හෑ දෑ උදවිය ගැන එහාට මෙහාට දුර ඇමතුම දෙමින් විස්තර සොයාගන්න ලොකු උත්සාහයක.

ගොඩාක් තැන් වල දුරකතන සම්භන්ධතා බිඳ වැටිලා, විදුලි සැපයුමත් විසන්ධි වෙලා තිබුනේ. ඔය අස්සේ තැනින් තැන කනින් කොන ආරංචි එනවා....
 එක්කෙනෙක්ගෙ ගෙදරින් කතා කලාලු, කරදරයක් නෑ, ටිකක් බයෙන් ඉන්නව කියලා තමය් කිව්වේ. අනිත් කෙනත් බොහොම අමාරුවෙන් ගෙදරට කතා කරාලු. ආච්චි විතරලු ගෙදර හිටියේ, එයා ටිකක් වයසක කෙනෙක් ආරංචියේ හැටියට. මෙයාගේ අම්ම තවමත් සේවයේ යෙදෙන ගුරු වරියක්, එවෙලෙත් පාසලේ සේවයේ යෙදෙමින් තමය් ඉඳලා තියෙන්නේ. ටිකක් සුලං තත්ත්වය සැර වැඩි නිසා තාත්තත් ටවුන් එකට ගිහින් අම්ම ගැන සොයන්න. වෙන අහන්න කෙනෙකුත් නැති නිසා ආච්චිගෙන් ඇහුවලු විස්තර.

"නෑ පුතේ එහෙමට වැස්සක් නෑ.  
ටිකක් ගොරවනවා...
අපිට? නෑ නෑ කිසි කරදරයක් නෑ. "

ඔන්න ඔහොම තමය් ආච්චිගේ ප්‍රතිචාරය. පස්සේ බැරි තැන මේ මගේ යාලුවගේ යාලුවා ආච්චිට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න හිතලා කිව්වලු

"ආච්චි... මේ ටිකක් සෙවිල්ලෙන් ඉන්න. ට්‍රොනාඩෝ එනවා කියලා හැමෝම කියනවා. එලියේ වට පිටේ ඇහෙන සද්ද ගැන බලන්න කොහෙන් එනවද දන්නෙ නෑ නේ."

"හැබෑටම පුතේ කීයට වගේද දන්නේ නෑ ඔය දරුව එන්නේ? දවල්ට කෑමට එනවනම් මොනවහරි හදල තියන්නවත් වෙය් නෙ, අනේ මන්ද අම්මත් නෑ ගෙදර."



ප:ලි:
මෙය අදාල පුද්ගලයා ට හෝ කිසිවෙකුට අවමන් කිරීමේ චේතනාවෙන් ලියුවක් නොවන බව සලකන්න. අනෙක් කරුන ට්‍රොනඩොවක් පැමිනද නැත. හුදෙක් රස වින්දනය උදෙසා පල ක‍රන්නෙන්මි.

Wednesday, November 16, 2011

දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්

පුංචි පුතා මගේ කිරි කැටියා
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින් 
කුස තුල එහේ මෙහේ යනවා....

දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...

ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......


ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.

Tuesday, September 27, 2011

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ රන් වන් රැස් දහරා දිලුනේ

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ
රන් වන් රැස් දහරා දිලුනේ
සිලි සිලි නදිනේ බෝ පත් සැලුනේ
තැවුල් සිතට බුදු සිසිලස දැනුනේ...

හදවත තෙරපා මිහිමව කලඹා
කඳුලින් බෝ පාමුල දෙවුවා
සිරිමත් සිරි මා බෝ සමිඳුන් මගේ
වරමක් දුන්නා කඳුලැලි නිම්මා....

බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...

තෙවරක්ම බුදුන් වැඩි මේ පින් බිම තවමත් පින් සාරය්. කාලයක් තිස්සේ විවිධ කම් කටොලු මැදින් අපේ හීනයක් සැබෑ කරගන්න අපි දෙන්නා සිරිමා බෝ හිමි අබියස බෝධි පූජාවක් කලා. විවිදාකාර වූ රෝග තත්වයන් සමනය කරමින් අපේ බලපොරොත්තුව හැබෑවෙන ලකුනු පහල වෙලා.


මගේ රත්තරන් පැටියෝ අනේ ඔයා මගේ මැනික පුතේ. පරිස්සමින් ඉඳලා එන්න රන් කැටියෝ. ඔයා එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
ඔයා දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගී දරුවෙක් වෙන්න කියන එක විතරම්ය් මේ අම්මය්, තාත්තය් ඉල්ලන්නේ.
ඔයාට තෙරුවන් සරනය්!

Monday, July 11, 2011

ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04

විස්තර කියන්නම් කිව්වට මාසයක් යනතුරුත් විවෙකයක් තිබුනෙ නෑ නෙ. ඔන්න අද තමය් පින්කමේ පින්තූර ටික අරන් ආවෙ. මෙතන ගොඩාක් විස්තර නම් නෑ.

මග දෙපස සිරි

 මග දෙපස සිරි
 මහ මලුවෙ වැලි ඇට ගනනට සෙනග, අපි හිටියෙ දෙවැනි මලුවෙ. එතනත් අර වගෙම සෙනග.



 කොප්පරා පහන් වැටවල්.

 ගුවනින් අවිත් සෑය වටේට සහ සෑයට මල් පෙති ඉස්සා. මල් පෙති දුර අහසෙ ඉඳන් වැටෙද්දි පුදුම ලස්සනක් තිබුනෙ, කැමරාවට හසු කරගන්න තරම් බැරි උනා.







Friday, June 24, 2011

සිනාසෙන් නුඹ් මගේ හිමියනි.....


සිහිනයක් හා රෑඳුන මිහිරි මතකෙක සුවඳ
සිත් ඉමේ දඟ කරන ලස්සන
කිති කවා හද මුමුනලා පද
නවුම් තාලෙක තනුව වයනා ....

පෑතුම් ඉසව්වක සිහින කොදෙව්වක
දෑගිලි පටලා පියවර මෑන යන
මේ දිවි ගමනේ නුඹ දිනනා දෙස
බලා ඉඳිම් සෙව්නැල්ලක් සේ ලඟ....

මග නොමග නොහැඳින මුලාවී
සිටිය කාලය අදින් නිම වේ
පතමි සුවහස් සුබාසිරි,
සිනාසෙන් නුඹ මගේ හිමියනි....



එකම එක පුංචි විභාගයක් උනත් මට මහමෙරක්. ඔයා වැඩිම ලකුනු අරන් සමත් උනා කියලා අහන්න තරම් මම පින් කරලද?

Friday, June 3, 2011

ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්, උඩ මලුවේ බෝධි සාම් පිරිමි පුතෙක් දෙන්නය්...!




කාලෙකට ඉස්සර ඇහුන පද වැලක්, හිතට තදින්ම කා වැදිලා තිබිල කියල තේරෙන්නේ දැන් තමය්.

මාස කිහිපයකට පෙරාතුව බිලිඳු කිරි සිනහ ගැන සිහින මවනා කාලයෙදි මට නැවතත් මේ ගීතය සොයා ගන්න දැඩි අවශ්යතාවයක් දැනුනත් එය මාතට ලැබුනේ නෑ, සිහිනයත් හොරු අරන් ගියා වගේමය්.

 අද ඉතින් අහම්බෙන් වගේ මේ ගීතය අයෙමත් මගේ මතකයට ආවා, අපි හෙට අනුරධපුරය බලා යනවා, ඔව් රුවන්වෙලි සෑයේ පින්කමට සහබාගී වෙන්න. කොහොමහරි ශ්‍රී මහා බෝධියටත් යන්න ඔනනෙ කියන සිතුවිල්ලත් එක්කම මට මේ පද පෙල මතකයට ගෙනෙන එක වලක්වන්න බැරි උනා. අනේ පුතු පැටියො මට ඔයාව මතක් වෙනවා රත්තරන්!  ඒ අවාසනාවන්ත දේ සිදු නොවුන නම් මේ වෙනකොට ඔයාට මාස අපි ඔයාව පිලි ගන්න හැමදේම ලෑස්ති කරන් බලන් ඉන්නවනේ..අපි ගාවට එන්න මට ඔයාව මගේ කරගන්න පින නොතිබුනාට, තවමත් කල් තියෙනව, අනේ පුතු මේ සැරේ එන්න!

මේ බ්ලොග් ලියන යාලුවො පුලුවන් නම් මට පුංචි උදව්වක් කරන්න. කවෘහරි ලඟ මේ සින්දුව තියෙනව නම් මට ලබා දෙන්න.

වී අහුලන කුරුලු කොබේ කාරිය කරවන්නය්
.......................................................................
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්,
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නය්...!

පුතෙක් උනත් දුවෙක් උනත් දරුවෙක්! කවුරු උනත් වටිනාකමේ අඩුවක් නෑ. 


 








Wednesday, June 1, 2011

ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04 දින ප.ව. 4.30 සිට සර්ව රාත්‍රිකව


අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්යාණි  යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්  රුවන්මැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරත්න ස්වාමීන්වහන්සේ ඇතුලු පූජනීය මහා සංඝ රත්නයේ පූර්ණ ආශිරවාදය හා අනුශාසනාව පරිද්දෙන් 2011ක් වූ ජුනි මස 4වන දින සුවිශේශී පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
අපටම පිහිටවීමට ලොව පහල වී වදාළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රි සම්බුද්ධත්ව මංගල්‍ය 2600වන ජයන්තිය හා සබැඳිව ශ්‍රි ලංකා ධරණී  තලයේ වියැකෙමින් තිබූ ප්‍රතිපත්ති සාසනයට නව ජීවයක් දෙමින් බිහි වූ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට වර්ෂ 60 පිරෙන මොහොතේ, ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා  සමුත්පාදක බෝධිසත්ව ගුණෝපේත අතිගරු පූජනීය  රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශ මාහිමියන් වහන්ස අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රි ඥාණාරාමාභිධාන  මහෝපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන අපවත්වී වදාල සංඝ පීතෘවන්හන්සේලාට පුණ්‍යානුමෝදනා ප්‍රරර්ථනා පෙරදැරිව දහසකට අධික පූජනීය  මහා සංඝ රත්නය පෙරටු කරගෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන අසිරිමත් ආමිස ප්‍රතිපත්තිමය මහා පුණ්‍යෝත්සවයයි…

පිංකම මාලාව
  • කුල දරුවන් සිය දෙනෙක් පැවිදි කිරීම
  • මහා ස්ථූප ආලෝක පූජාව
  • සත් බුද්ධ පූජාව
  • ලක්ෂ තුනකට අධික නෙලුම් මල් පූජාව
  • හය දහසකට අධික අටපිරිකර පූජාව
  • කප් රුක් පූජාව
  • තෙල් පහන් ආලෝක පූජාව
  • මහා සුවඳ දුම් පූජාව
  • සුවඳ පැණින් මළුව සේදීම
  • හේවිසි පූජාව
  • සර්ව රාත්‍රික පිරිත් දේශහාව
  • දහසකට අධික මහා සංඝ්හික දානමය පිංකම්
පිංකම් පෙලගැස්ම
  • 2011 ජූනි 04 ප.ව. 4.30 සිට මහා සංඝ රත්නය සෑ මළුවට වැඩමවීම
  • 2011 ජූනි 04 ප.ව. 5.30 බුද්ධ පූජා වැඩමවීම
  • 2011 ජූනි 04 ප.ව. 6.00 සිට මහා ස්ථූප ආලෝක පූජාව හා සත් බුදු වන්දනාව
  • 2011 ජූනි 04 රාත්‍රී 9.00 සිට දහසකට අධික මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාව
  • 2011 ජූනි 05 පෙ.ව. 4.00 සිට කුල දරුවන් සිය දෙනකු පැවිදි කිරීමේ පිංකම
  • 2011 ජූනි 05 පෙ.ව. 5.30 ක්ශීරපායාස බුද්ධ පූජාව හා මහා සාංඝික දානය
සංවිධානය – ගල්දූව ආරණ්‍ය සේනාසන මූලස්ථානය ප්‍රධානව දිවයින පුරා ව්‍යාප්තව පවතින ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුබද්ධිත ආරණ්‍ය ශාඛාවල සහභාගීත්වයෙනි..
(0091 2256013)
—————————————————————————————————————————————————————
එම අසිරිමත් ස්වර්ණමාලී මහා ථූපාභිවන්දනා පිංකම සඳහා අරියමග්ග සංවිධානය ලෙසින් අපගේ සංවිධායක සහ දායක පිංවතුන් සමග අපද විවිධ පිංකම් සඳහා දායකවෙයි.. සංවිධාන කටයුතු මෙහෙයවයි…

එම පිංකම් විස්තර ඔබ සැමදෙනාට උපකාර පිණිස පහත දක්වා ඇත…
  • 2011.06.02 දින වෙසක් කූඩු 600 එල්ලීම සඳහා අවශ්‍ය් කණු සහ කූඩු එල්ලීම..
  • 2011.06.02 සවස 4.00ට මළුව දෝවනය සහ විශේශ සුවඳ පූජාව…
  • 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් සැකසීම
  • 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් තැන්පත් කිරීම
  • 2011.6.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ ගිලන්පස
  • බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු සම්පාදනය සහ සංවිධානයට …
  • 2011.06.04 සිට සර්ව රාත්‍රිකව සුවඳ පහන් කොප්පර පහන් තැඹිලි පහන් ආලෝක පූජාව පැවැත්වීම
  • 2011.06.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ කිරි ආහාර බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු අවශ්‍ය සම්පාදනය කට්යුතු සංවිධානයට …
  • 2006.06.05 පෙරවරු නැවත මළුව පවිත්‍ර කිරීම
  • 2006.06.05 දහවල සංවිධානය කරන 1000 පිංවතුන්ට දානය පූජා කිරීම සහ අනෙකුත් දාන සංවිධානයෙදී අවශ්‍ය කටයුතු සම්පාදනය
මෙම පිණ්කම හා සම්බන්ධ වීමට කැමැති ඔබ සැමට පැමිණ අප හා එකවන මෙන් මෙත් සිතින්, ගෞරවයෙන් මතක් කරමු..

තෙරුවන් සරණයි…



ප:ලි: මට ලැබුන විස්තර පත්‍රිකාවක් තමය් මම ඔය ඉහල පල කලේ. පින් අතේ වැඩක් නෙ, ඉතින් අපිත් හිතුවා සහබාගී වෙන්න. 04 වෙනිදා හිමිදිරියෙම පිටත් වෙන්න තමය් අපේ අදහස. සංවිදායක කමිටුවේ සමහරක් අද අනුරාදපුරය බලා පිටත් උනා.
 ගිහින් ඇවිත් මමත් වැඩි විස්තර කියන්නම්කො. පුලුවන් කමක් තියෙනවනම් යාලුවනේ ඔයාලත් එන්න. දුරින් ඉඳන් සහබාගී වෙන්න පුලුවන් පින් කම් උනත් තියෙනවා.

Friday, May 20, 2011

දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි!


මම ඔයත් එක්ක කවදාවත් කතා කරලත් නෑ
දැකලත් නෑ
හැබැය් දකින්නත් කතා කරන්නත් ආසාවෙන් හිටියා
මොනවා කරන්නන්ද ඊට කලින් ඔයා යන්න ගිහින්
කවදාවත්  නොඑන්නම ගිහින්

පොඩි ඉල්ලිමක්,
අනේ ආයෙත් එන්න,
මේ ජීව්තය එක නවාතැන් පොලක් විතරය්,
අලුත් ජීවිතයක් අරන් ආපහු එන්න,

මතක ඇතුව ඔයාගෙ නිවුන් සොයුරාවත් හමු වෙන්න, සමහරවිට මේ ඔයාට එයාව හමු වෙන්න ලැබුනු අවස්තාවක් වෙන්නත් පුලුවන්!

මේ වතාවෙ ඔයත් එක්ක කතා කරන්න හිනාවෙන්න, අඩු තරමෙ පිටට තට්ටුවක් දාල හලෝ කියා ගන්නවත් බැරි උන ගොඩක් අය ඉන්නවා,

ඔව්, මමත් එක්කෙනෙක්.

ඉලංදාරියෙක් නොවුනත් බිලිඳු දරුවෙක් විදියට එන්න, ඔයාව බාර ගන්න ගොඩාක් අය ඉඳීවි!

ඉතින් එදාට අපි හමු වෙමු,  

දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි,


අනේ ආපහු එන්න!





Tuesday, April 12, 2011

ඔවා දෙනු හරහට (New Version) - (බල ක‍රවල අයින් කලා) ඉස්සො සමග වඩේ

 මේක ඉතින් අව්රුදු කාලෙනෙ, පොඩි කාලෙ නම් බලන් ඉන්නෙ ගෙදරට නැයො එනකම්, එය්නුත් අපි වැඩියම කැමති අයත් ඉන්නවා, අපේ ආච්චි සීයා වගේ ලබැදියන් වගේම අපේ ලෝකේ වීරයනුත් ඒ අතරෙ ඉන්නවා. හරියට ලොකු අය්යෙක්, පොඩි මාමෙක් එනකම් බලන් ඉන්නවා වගේ. සමහර වෙලාවට බලන් ඉන්නවා කියන්නම බැරි උනත් නොදන්වාම උනත් අවිත් ගියාම දැනෙන සතුට!, කියලම වැඩක් නැ.

ඉතින් මේ බ්ලොග් ලියන්න ගත්තු ටික කාලෙට මටත් නොදුටු නැයො අති උනා. සමහරු නිතරම ඇවිත් යන, තවත් සමහරු ඉද හිට. ඔය අතරෙ මටත් හිටිය බ්ලොග් ලෝකෙ වීරයො, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙය්, කිහිපදෙනෙක්...  ඉතින් මෙන්න මෙයා නොදන්වාම දවසක් මගේ අලුත හදන් යන බ්ලොග් නිවහනට ගොඩ වැදිලා. හප්පේ මට දැනුන සන්තෝසේ, කියලම වැඩැක් නැ. අර මුලින් කිව්වා වගේම තමය්. 

අනේ ඉතින් මෙයා අවිත් නිකන් ගියේ නැ, හීනියට තරවටු පාරකුත් කරල තමය් ගියේ, අනේ නැ චුට්ටක්වත් තරහ නැ, මම හරිම කැමතිය් අවවාද වලට. විශේශයෙන්ම කතන්දර වගේ ප්‍රවීනයෙක්ගෙන්. බොහෝම සතුටින් අවවාදය පිලිගත්තා, වරද නිවැරදි කලා. මෙතන ඉඳන්


ඔවා දෙනු හරහට (New Version) - (බල ක‍රවල අයින් කලා) ඉස්සො සමග වඩේ
 
ගොඩ කාලෙකට ඉස්සර මගේ සමීපතම මිතුරියකගෙ එකම නැගණිය මෙලොව හැර ගියා, නිකන් නෙමෙය් ඉතාම සොඳරු මතකයන් සමුදායක ඉතුරු කරමින්. ඉතින් මේ කියන්න යන සිද්දිය උනේ අපි මීරිගම බලා යන අතරතුරදී. 

මම කලිනුත් කිව්වා වගේ අපේ ඉතින් ගමනගමනය ජහමනයා එක්කම තමය්. වවුනියාව දුම්‍ රියට ගොඩ උනේ තරමක් හෝ පහසුවෙන් යාමට සිතාය.  ඒ දවස්වලත් මම හොටල් හිමියෙක් :D).දෙය්යනේ කියලා කොලඹටත් ආවා.  මරදාන, පහුවෙදී අපි හිටපු පෙට්ටියට අවා සෑහෙන වයසක සීයා කෙනෙක්. සරමක්, කමිසයක් ඇඳලා,කොන්ඩය පවා    පිලිවෙලකට පීරල තිබුනා. අපි මේ වෙනකොට හිටියේ මුලදි ආපු අසුන් වල නෙවෙය්, මේ මැදිරියේ අසුන් එකකට එකක් මුහුන ලා තම්ය් පනවල තිබුනෙ. ඉතින් සීය වාඩි උනේ අම්මටය් මටය් ඉස්සරහ ටිකක් දොර පැත්තට වෙන්න. සීයට එහා පැත්තට වෙන්න හරි අපුරු කොලු පැටියෙක්. තනියම නෙමේ, ඒ වයසෙම කොලු කෙලි නඩයක් එක්ක.

දන්නවනෙ ඉතින් නානාප්‍රකාර වෙලෙන්දො එනවනෙ ඔය මැදිරියකින් අනිත් මැදිරියකට. මේකටත් නොයෙක් වර්ගයේ අය ආවා ගියා, වෙලඳාම්ක් එහෙම නොකෙරුනාමත් නෙවෙය්. දෙය්යනේ කියලා අර කොලු කෙලි නඩේ හිටියානෙ.

ඔන්න ඉතින් "වඩෙය්... ඉස්සො වඩෙය්.. දැන් බැදපුවා.." (බොරු කෝටියය්. ..)

කලින් වෙලෙන්දන්ට වගේම මෙයාටත් සැලකිලි. මේක දැක්කා විතරය් අර සීයා වයින් උනා.. මෙයත් පැනලා ගත්තෙ නැද්ද ඉස්සො වඩේ.. අපේ අර සෙට් එකත් එකසිය ගානට වඩේ කනවා. ටිකකින් කලින් කියපු සින්දු, තාල ඇල්ලිලි සේරම මග නවතුනා.. සෙට් එකේම මුනු හොඳ නෑ. සීයත් වැඩේ අතාරින්නෙම නැ. මොනවා උනත් මේ අද ඊයෙ උස්මහත් උන දරුවොන්ට කොහොම සෙකන්ඩ් වෙන්නද කියල හිතෙන්නැති, මගෙ හිතේ. ටිකකින් (සීයා)...

"තූහ්.. තුහ්..ශික්..කන්න එපා පුතෝ. කන්න එපා. මොන මල ජරාවක්ද!"

ජංජාලයය්! සීයට හොඳටම කෙන්ති ගිහින් කටට ගනිපු වඩේ කෑලි විසිකරනවා.. බනිනවා..

අර කට්ටියත් ඉතින් ගොලෑ කෑව මොක්කුද වගේ (වඳුරො) බලගෙන ඉන්නව. ලස්සනම හරිය ඊට පස්සෙ. මම හිතුව සේරම අතේ තිබුන වඩේ මලු විසිකරපු නිසා සීයත් ඒකම කරය් කියල. මොන පිස්සුද? මෙය නන් ස්ටොප් වඩේ කනවා, හැබැය් එකම ප්‍රශ්නෙ එක කැල්ලවත් උගුරෙන් පහලට යවන්නෙ නැති එක.

කෑල්ලක් කඩනවා,
විකනවා
ආයෙමත් (ජනේලෙන් එලියට) තූහ්.. තුහ්..ශික්..

ආයෙමත් කෑල්ලක් කඩනවා,
විකනවා 

කන්න එපා පුතෝ. 

අන්තිමට මිරිස් , ලූනු පවා.. කඩනවා,
විකනවා 

කන්න එපා. මොන මල ජරාවක්ද!

සීයා වඩේ කෑම නවත්තන්නෙ නැහ. මම හිතන්නෙ එයා බලන්න ඇත්තෙ වැරදිලා හරි කන්න පුලුවන් කෑල්ලක්වත් තියෙද කියල වෙන්නැති.  

අන්තිමට කඩදාසි බෑග් එක ගුලි කරල කටත් පිහිදගෙන ඉවරවෙලා අහනවා

"කෝ කෝ කෝ ඒකා. කොහෙටද ගියේ."

මෙයා මේ දැන් හොයන්නෙ වඩේ වෙලෙන්දව මගෙ හිතේ. අනේ මන්ද කාපුවට ගහන්නද නැත්නම් තවත් වඩේ ගන්නද කියලා. කොහොම උනත් වැඩේ බලන් හිටපු අර ගොලෑ කාපු සෙට් එකට හිනාව නවත්තගන්න බැරි උනා.

මේ සෙරම වෙනකොට අපිට බැහැල යන්න තැනත් අව්ත්...!  
----------------------------------------------------------------------------------------


ප: ලි: මගේ අලුත් වැඩකුත් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉන්නකො..

පෙති ගිලිහුනු රෝස කුසුම

මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.

නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.

 

කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්.

එදා මෙදා තුර ශාරිත් දෙමව්පියොත් පියුමි වෙනුවෙන් විඳපු දුක අකුරු කරන්න මම දන්න අක්ශර මාලාව මදි. හිටි හැටියෙම මහ රෝහලින් ලැබෙන "ලේ අවශ්යය්" තුන්ඩුවත් රැගෙන රැයක් දවාලක් නැතුව ලේ බැන්කුවත් රෝහලත් අතර දිව ගියේ කෙසේ හෝ තව දිනකටවත් ඇයට හිරු උදාව දැක ගැනීමට ඉඩ සැලසීමටම විය යුතුය්. ලෙඩ්ඩුන් බැලීමට ලැබෙන වෙලාවල් අතර මැද නැවතත් නිවසට ගොස් ඒමට තරම් කාල වේලාව මදි වු දිනකදි ඔවුන් කාලය ගත කලේ රෝහල ඉදිරිපිට යකඩ වැටේ වාරුව පතමිනි.
මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.

Friday, April 8, 2011

ඔවා දෙනු හරහට!

මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.

නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.


 කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්. මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. (හපොය් බනින්න එපො.....)හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.

(ඔන්න මාතෘකාවට අදාල ටික මෙතන ඉඳන්...! )

මම කලිනුත් කිව්වා වගේ අපේ ඉතින් ගමනගමනය ජහමනයා එක්කම තමය්. වවුනියාව දුම්‍ රියට ගොඩ උනේ තරමක් හෝ පහසුවෙන් යාමට සිතාය.  ඒ දවස්වලත් මම හොටල් හිමියෙක් :D).දෙය්යනේ කියලා කොලඹටත් ආවා.  මරදාන, පහුවෙදී අපි හිටපු පෙට්ටියට අවා සෑහෙන වයසක සීයා කෙනෙක්. සරමක්, කමිසයක් ඇඳලා,කොන්ඩය පවා    පිලිවෙලකට පීරල තිබුනා. අපි මේ වෙනකොට හිටියේ මුලදි ආපු අසුන් වල නෙවෙය්, මේ මැදිරියේ අසුන් එකකට එකක් මුහුන ලා තම්ය් පනවල තිබුනෙ. ඉතින් සීය වාඩි උනේ අම්මටය් මටය් ඉස්සරහ ටිකක් දොර පැත්තට වෙන්න. සීයට එහා පැත්තට වෙන්න හරි අපුරු කොලු පැටියෙක්. තනියම නෙමේ, ඒ වයසෙම කොලු කෙලි නඩයක් එක්ක.

දන්නවනෙ ඉතින් නානාප්‍රකාර වෙලෙන්දො එනවනෙ ඔය මැදිරියකින් අනිත් මැදිරියකට. මේකටත් නොයෙක් වර්ගයේ අය ආවා ගියා, වෙලඳාම්ක් එහෙම නොකෙරුනාමත් නෙවෙය්. දෙය්යනේ කියලා අර කොලු කෙලි නඩේ හිටියානෙ.

ඔන්න ඉතින් "වඩෙය්... ඉස්සො වඩෙය්.. දැන් බැදපුවා.." (බොරු කෝටියය්. ..)

කලින් වෙලෙන්දන්ට වගේම මෙයාටත් සැලකිලි. මේක දැක්කා විතරය් අර සීයා වයින් උනා.. මෙයත් පැනලා ගත්තෙ නැද්ද ඉස්සො වඩේ.. අපේ අර සෙට් එකත් එකසිය ගානට වඩේ කනවා. ටිකකින් කලින් කියපු සින්දු, තාල ඇල්ලිලි සේරම මග නවතුනා.. සෙට් එකේම මුනු හොඳ නෑ. සීයත් වැඩේ අතාරින්නෙම නැ. මොනවා උනත් මේ අද ඊයෙ උස්මහත් උන දරුවොන්ට කොහොම සෙකන්ඩ් වෙන්නද කියල හිතෙන්නැති, මගෙ හිතේ. ටිකකින් (සීයා)...

"තූහ්.. තුහ්..ශික්..කන්න එපා පුතෝ. කන්න එපා. මොන මල ජරාවක්ද!"

ජංජාලයය්! සීයට හොඳටම කෙන්ති ගිහින් කටට ගනිපු වඩේ කෑලි විසිකරනවා.. බනිනවා..

අර කට්ටියත් ඉතින් ගොලෑ කෑව මොක්කුද වගේ (වඳුරො) බලගෙන ඉන්නව. ලස්සනම හරිය ඊට පස්සෙ. මම හිතුව සේරම අතේ තිබුන වඩේ මලු විසිකරපු නිසා සීයත් ඒකම කරය් කියල. මොන පිස්සුද? මෙය නන් ස්ටොප් වඩේ කනවා, හැබැය් එකම ප්‍රශ්නෙ එක කැල්ලවත් උගුරෙන් පහලට යවන්නෙ නැති එක.

කෑල්ලක් කඩනවා,
විකනවා
ආයෙමත් (ජනේලෙන් එලියට) තූහ්.. තුහ්..ශික්..

ආයෙමත් කෑල්ලක් කඩනවා,
විකනවා 

කන්න එපා පුතෝ. 

අන්තිමට මිරිස් , ලූනු පවා.. කඩනවා,
විකනවා 

කන්න එපා. මොන මල ජරාවක්ද!

සීයා වඩේ කෑම නවත්තන්නෙ නැහ. මම හිතන්නෙ එයා බලන්න ඇත්තෙ වැරදිලා හරි කන්න පුලුවන් කෑල්ලක්වත් තියෙද කියල වෙන්නැති.  

අන්තිමට කඩදාසි බෑග් එක ගුලි කරල කටත් පිහිදගෙන ඉවරවෙලා අහනවා

"කෝ කෝ කෝ ඒකා. කොහෙටද ගියේ."

මෙයා මේ දැන් හොයන්නෙ වඩේ වෙලෙන්දව මගෙ හිතේ. අනේ මන්ද කාපුවට ගහන්නද නැත්නම් තවත් වඩේ ගන්නද කියලා. කොහොම උනත් වැඩේ බලන් හිටපු අර ගොලෑ කාපු සෙට් එකට හිනාව නවත්තගන්න බැරි උනා.

මේ සෙරම වෙනකොට අපිට බැහැල යන්න තැනත් අව්ත්...!  
-------------------------------------------------------------------------------------------------------------------



ප: ලි: මගේ අලුත් වැඩකුත් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉන්නකො..

Wednesday, March 16, 2011

බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ




බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ
සිතක මැවී ගිය සිතුවමක අතීතේ
පුතුගෙ සුවඳ මුසුවී ගලා
පැතූ පැතුමන් හද ව්මන් තලේ

නුඹ එන බව දැන සැනසීමක් ලැබ
යන්තම් දෙමසකි පහුවුණු ඊයෙට
නොදැකම පුතු මුව යන්නට ගිය සඳ
සඳ බැස ගියෙ මගෙ ලොවට අමාවක

පුතු හිස සරසන මුදු කෙහෙරැල්ලක්
පිරිමැද සනසන්නට සැනසෙන්නට
මදිවද කල පින් පිරූ පෙරුම්
පුතුනි කියන් කිම හැරදා මවුන්

සත්තයි අප සිටුවරු නොවනා බව
සත්තයි සිටු සැප නුඹට සදන බව
ජීවිතයේ ඉම හසර දකින්නට
වෙන්නම් තරුවක් පාර කියන්නට

දරු සෙනෙහස නොඅඩුව දැනෙනා හද
වැලපෙයි ඉකිබිඳ නුඹෙ නම සිහි කර
සිරිමා බෝ සාමිනි මේ දුක දැක
සතර වරම් දෙවියනි ගෙන දෙන් පුත

රත්තරන් පුතු පැටියෝ මගෙ සූකිරියෝ ඉක්මනටම ආපහු එන්න රත්තරන්. 
අපිට ඔයා නෑතුව පාලුයි,  ගොඩාක්!
තාත්තියි අම්මියි බලන් ඉන්නවා..








Wednesday, February 2, 2011

හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


අදත් මගෙ සිත සසල කල දවසක්
පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්
පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක්
දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක්

කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක්
හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත්
තුරල් වී නම් නොයය් මසිතෙන්
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද පුන්චි අතක් මගෙ සාරිපොටෙ අසලින් ඇදී ගියා. මගෙ පෑත්තකින් හිටිය වයස 7ක් පමන වෙන පුන්චි පුතෙක්, තනියම නෙවේ, අම්මත් තව පොඩි නන්ගියෙකුත් එක්ක. පාසල් නිල ඇඳූමක් දුටු නිසා මම පසෙකට උනා නොදෑනීම, පොඩි දරුවව ප්‍රමාද කරන්න පව් නිසා. චූටි පුතා අත් මිටි කරන් හිටියේ සල්ලි කොල වගයක්. මට හරියට පෙනුනේ නෑ කීයක්ද කියල.  වෛවර්ණ කෑම දිහා දෙ ඈස් දල්වා සිටි පෑටියා මිල අධික කිහිප වර්ගයක මිල විමසනු මම බල සිටියා, මේ අතර දරුවාගෙ මව දරුවා පිටතට ගෙන යෑමටද උත්සාහ ගනු පෙනුනා. සමහර සිදු වීම් විස්තර කරන්න අපි දන්න වචන මදි කියලා තෙරුනා මට. අනේ ඒ අම්මගෙ ඈස් දෙක දුටුවනම්..

Monday, January 3, 2011

කිරි ඉතිරෙවා නව වසරේ..!


තෑවුල් සිතෙ පහවී යේවා
නෑවුම් සිතුම් පිබිදි ඒවා 
පුරා සන්දේ සිසිලස සෙමා
නුම්බෙත් මගෙත් සිත් සෑනහේවා

කිරි ඉතිරෙවා නව වසරේ..!