Monday, December 13, 2010

එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ දෙන්න,


කාගේ මතවාද කොහොම උනත්, මේ මම ගොඩක් ආදරය කල උතුමෙක්. විචක්ෂණ බුද්ධියක් තිබුන සාමාන්‍ය යට තේරෙන බශාවෙන් බන කියපු කෙනෙක්. ඉස්සර පාසල් යන කාලේ  සෝම හිමිගේ බන අපිට නව ආලෝකයක් දුන්නා, සත් වසකට පසුවත් ඔබ නැති අඩුව අද තව තවත් දැනෙනවා.

ලියන්න දේවල් කොපමණ තිබුනත් අත අවසඟයි මට, එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ දෙන්න, නැවත වඩින්න හාමුදුරුවනේ .

Wednesday, December 8, 2010

කොන්ද නමාගෙන හැරමිටි ගහ ගෙන


image Credit:
අපිට වාහනයක් තිබුනේ න නෑ, වැඩි හරියක් ගමන් බිමන් බස් එකෙක්න්ම තමිය්. දකුණු පළාතේ ටිකක් දුෂ්කර ඉංග්‍රීසියෙන් කිව්වොත් හද්ද පිටිසර ලස්සනම ලස්සන ඉසව්වක තමය් මගේ රත්තරන් තාත්තගේ මහා ගෙදර පිහිටලා තිබුනේ. පෞද්ගලික ප්‍රවාහන සේවයක් නොතිබ්බ තරම් උන ඈත කාලෙක, නගරයත් ගමත් යා කලේ ලංගම සේවයෙන්, තාත්ති අම්මි එක්ක මූණ දෙපැත්තෙන් කෙස් කැරලි බේරෙන ඉගිල්ලෙන්න ලැහැස්ති ඇස් දෙකක් තියෙන දඟම දඟ මල්ලක් බස් එකඟ බැස්සා. අම්මය් තත්තය් නම් බිමටම බැස්සා, එත් ආදරේ උතුරන තාත්තා දුව ව බිම නොතිය වඩා ගත්ත.
අප්පට සිරි! රජ්ජුරුවෝ උඩය් උඩය්. මිටි කොල්ලෝ බිමය් බිමය්.

 ඔන්න අපි දැන් ලැහැස්තිය ගමට සේන්දු වෙන්නය්. "ආයුබෝවන්, කොහොමද ඉතින්, වරදක් නෑ, අහ් මේ දරුවාද!, නෝනව දැක්කේ හුඟ කලකින්. ... අය්යේ , අහ් මල්ලි. ගමේ ආවද? ඔව් මේ ඇවිත් යන්න කියල. ගිහින් එන්නම්. " හප්පේ ප්‍රශ්න වැලක්. එත් මේ තමය් අව්‍යාජ ගැමි කම, නෑයෝ නොනෑයෝ කව්රුත් කට පුර හිනා වෙනවා. බුලත් කහට බැඳී දසන්, තැනින් තැන එක දෙක හැලුණු දත් අනේ එත් ලොඹු කට ආදරණීය හිනාවකින් හද වෙන්නේ කොච්චර ලස්සනටද?

කඩතොළු වුන තර පාර දිගේ තේ වතු පිරුන පුංචි පුංචි කඳු වැටි මැදින් අපි හෙමිහිට යනවා. තැනින් තැනකදී අතු ගංගාවක හද රුව දිස් වෙන්නේ යන්තමට. තාත්තගේ කර උඩින් යන ගමන් එබී එබී බලන්න මට තියෙන්නේ පුදුම හදිස්සියක්, හොඳටම දන්නවා තව ටිකකින් ඇති තරම් ගඟේ නටන්න ලැබේනම්=ව කියල. ඉවසිල්ලක් නැ.

දැකල තියේද තේ මල්? සමනලයෝ විශේෂයෙන්ම කහ පාට චූටි එවුන් තේ මල් වල ඉඳල පාරට එනවා. හරියට අපිත් එක්ක හවුලට වගේ. ගෙදරට කිට්ටු වෙනකොට තාත්තා මාව බිමින් තියනවා, සමනලයෝ පස්සෙන් යන්න, හෙමිහිට බකල ගහ ගහ ගිහින් ගිහින් මම නවතින්නේ, මහා ගෙදරට හැරෙන කඩුල්ල ලඟදි.කඩුල්ල ළඟ ඉන්නේ මගේ ජීවිතේටම මම දැකපු එකම අත්තම්මා. ඒ හිනාව, සුවඳ මම තාමත් හොයනවා අත්තම්මේ. ඔයා සීයව හොයන ගිහින් දැනට අවරුදු 18 ක් උනත්, මට අද ඊයේ වගේ මේ හැම සුවන්දක්ම මතකය්. ජීවිතේ ගොඩාක් වෙලාවට ඔයා නැති අඩුව දැනුන, ඔයා දන්නවද තාත්තා ගොඩාක් අසනීප වෙලා හිටිය කියල.
හදිස්සියේම නොවුනත් මම ඔයා ගැන ලියන්න තමය් හිතන් හිටියේ..  ඉඩක් ලැබෙන වෙලාවට ඔයාගේ කතා සේරම ලියල තියන්නම්, දවසක ඔයාව වැඩිය ළඟ නොහොඉටපු මගේ මල්ලිටය් නන්ගිටය් කියවන්න. තව.. මේවා කියවන්න එන මගේ බ්ලොග් යාලුවොන්ටය් ..

Monday, December 6, 2010

ඔත්තුකරුවෙකු උවමනා කර තිබේ ..

අනේ මට උදව්වක් ඕන..
ඔයාල කව්රු හරි දන්නවද 2010 Feb  පවත්වපු පරිපාලන සේවා විබගයට මොකද උනේ කියල.
Pass උන කෙනෙක් ගැන දන්නවද? 2011 වලටත් exam එක gazzate කරලා, ඒ උනාට පරණ exam එක ගැන කිසිම ආරංචියක් නෑ නේ.
pass උනත් Fail උනත් result එක දන ගන්න කැමත්ය් නේ . Please කවුරු හරි මේ ගැන දන්නවනම් මට කියන්න කෝ.

Thursday, November 18, 2010

නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්


තරු කැට විහිදුනු නිල් ආකාසේ  සඳ ලිය සලිත වෙලා
මෙතුවක් නද දුන් සීනු නදක් ඇයි නොකියම නිහඬ වෙලා
මා වවුලෝ ඇයි බය කෙරුවේ, නෑ නෑ අපි බය කෙරුවේ
රෑ තරු දිලෙනා අහස බලන් ඇ නිහඬව සුසුම් හෙලය්

මා දැක පුරුදුය් ඈ පෙර දවසක, නෑ නෑ මෙලෙස නෙමෙය්
පොඩි කොවුලෝ නුඹ නිදි නැතුවා වගේ, කියපන් එදා පටන්
ඈ පොඩි දරුවා සෙනෙහස පුරවා, කෙලි සෙල්ලම් කෙරුවා
ඈත විමානෙන් කුමරෙක් වැඩියා, ඈ ගෙන මෙහි ආවා

හා හා දැන් ඒ කුමරා කොහිද කියාපන්, නැතුවද ඈ සමගා
ඔහු ඈ සමගය් නෑ කිසි වෙනසක් එනමුදු ගයනු නොදත්
ඈ හද තත්සර රැව් දෙන තාලෙට නැටුමට පාද නොයත්
බෝ කාලෙක සිට නෑ විඳ සෙනෙහස එකය් සිත නොමෙලෙක්

හෝ හෝ මා ප්‍රිය දියණී සිනහ වෙයන් නුඹ, නෙතගේ කඳුළු පිසින්
හෝඩි පොතක් ගෙන ආදරයෙන් සිත සෙනෙහස අකුරු කරන්
ඉවසීම දයා කරුණා ගුණ කලතා අකුරෙන් අකුර කියන්
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්

Thursday, November 11, 2010

මල් මල් මල් වරුසා

 (Image Credit: http://www.corisweddingsandevents.net/Main_Images/flower_road.jpg)

ගැට තුඹ මල් පිපිලා දෙවැටේ
වතුසුදු මල්  ඉහිලා
දෙව් දුව සළු ඇදලා පෙරදිග
නිලඹර මුකුළු කලා

සිතුවිලි පියා සලා දේදුනු
සිහිනෙක සුවඳ තියා
නව හිරු නැග එනවා
තව තව බමරිඳු රහස කියා

මල්  මල්  මල්  වරුසා
සිත් යට සෝ දුක් පහ වෙනවා
තම දෙන තතන තනා
මගේ සිත ඉපිලී රංග දෙනවා

Tuesday, November 9, 2010

අනුමත උනෙමී (හික්ස්! :D)



හප්පා ඇති යන්තම් පෙරුම් පුරලා පුරලා යන්තම් බලන් හිටපු mail එක අවා
ඔන්න ඉතින් මාවත් සිංහල සංසදයට එකතු කරලා..
බොහොමත්ම සන්තොසය්
ඇත්තම කිව්වොත් පස්වනක් ප්‍රීතියෙන් දසවරක් පිනා ගිහින් තමය්  මේක ලියන්නේ.

හැමෝටම බොහොම ඉස්තොත්ය්

Wednesday, October 27, 2010

සිහින සිතුවම් හදේ ලියැවුනු

















සිහින සිතුවම් හදේ ලියැවුනු

රැලි නැගී නැග ඒ දිවා රෑ

මතක සුවඳක සුවය කැටි කර

නෙතු පෙලා මුතු කඳුලු මල්



ඈත දිනයෙක මතුල පද වැල්

මිහිරි සත්සර නද දෙවා

හද රිදුම් දෙන වෙන තතක් අද

ඇසේ කොයිබද මතු වෙලා



සොයා යන්නෙමි දිගන්තයටම

කොහේ සැඟවුනි මුදුසිනා

වනේ සිවුපා ගුවනෙ සරනා

සතුනි දුටුවද මගෙ සිනා

Wednesday, October 20, 2010

කොල පුතා

කොල පුතා

කොල පුතා කියල කිව්වට මම පුතෙක් නෙමේ, මම මගේ අම්මගේයි තාත්තගේයි දෝනි. කොල පුතා කියන්නෙ මගේ ලස්සනම ලස්සන ලමා කාලෙ සොඳුරු මතක සටහනක්.
ඉතින් හිනා වෙන්න එපා, මම පොඩි කාලෙ දඟ මල්ලක්, විනාඩියක් එක තෑන ඉන්න බෑරි අම්ම අහක බලනකම් ඉන්ඳලා ඈම්ඩන් සය්ස් වෑඩක් කරන, අයෙත් කිව්වොත් ලොකෙ පෙරලන ජාතියේ. ඔය මොනව කලත් මම අම්මගේයි, විශේෂයෙන්ම තාත්තගේයි මෑනික!.  කියන්න බෑරි උනානෙ මම තමඉ අපේ ගෙදර ලොක්කා, නෑ නෑ චන්ඩිය නෙමෙයි, වැඩිමල්. ඉතින් ඉස් ඉස්සෙල්ලා ඉපදුන එකානෙ කියල මට ඒ දවස් වල රජ සෑලකිලි. දෑනුත් එහෙම තම්යි ඉතින්. මගේ තාත්තට තිබිල තියෙනවා එයාටම ආවේනික අකුරු දෙකේ තුනේ හුරතල් නම් මට කියන්න. මේකයි කියල කියන්න එහෙමටම තේරුමක් නෑතත් එවා අපේම අදරනීය අමන්ත්‍රන විදි උනා.
මමත් ඉතින් දඟ මල්ලනෙ, කවදාවත් බිමින් ගමන් නැති, නෑ නෑ වඩාගෙන යනව නෙමෙයි, මම යන්නෙම පුටු උඩින් පැන පැන, මොකුත්ම නත්නම් තනි කකුලෙන්වත්, කොයිම වෙලාවකවත් කකුල් දෙකම බිම තිව්වෙ නැති තරම්. කොටින්ම කිව්වොත් කොල්ල වගේ. මම හරි ආසයි මට “පුතා” කියනවට. නොතේරෙන කාලෙනෙ, මගෙන් බේරුමක් නෑ අම්මලට මම ඈඳන් ඉන්න ඈඳුමෙ පාටින් කතා කරන්න කියල.
දවසක් මම මිදුලෙ වෑලි නාන වෙලාවක අපේ පොඩි මාමාත් අවිත් හිටිය, (මටත් ඔය මාමලා ගනනාවක් හිටියා, :) ). අම්මා කතා කලා තේ බොන්න, මම ඇඳන් හිටියෙ කොල පාට ෂර්ටි එකක්. හිතාගන්න පුලුවන්නෙ ඉතුරු හරිය.. ඔව් ඔව් මාම මට කාඩ් එකක් රෙජිස්ට්‍ර කලා. එදා ඉඳන් මම “කොල පුතා
හැබැයි දෑන්නම් මම ආස නෑ පුතෙක් වෙන්න. මේ  මම හා හා පුරා කියල ලියන බ්ලොග් එක, මට ඔන උනෙ මගේ හිතෙ ජීවත් වෙන නොමියෙන මතක සටහන් ඔයලත් එක්ක බෙදාගන්න. එන්න මාත් එක්ක දිිගටම කොල පුතා කියවන්න.
සිනහව,කඳුල, රිද්මය හැමදෙයක්ම!

ඉතින් හැමෝටම අයුබොවන්!

ඉතින් හැමෝටම අයුබොවන්!, මමත් හිතුව බ්ලොග් සමාජෙට එකතු වෙන්න, ඔන්න මුලින්ම සමාව ඉල්ලුව, මම නම් ගොඩක්ම අලුත්, පොඩි පොඩි වරදි උනොත් තරහ වෙන්න බෑ…