Wednesday, January 4, 2012
සපුමල් සුවඳමය.....
ලඟ ඉඳිද්දී නොදැනුන
වෙන්ව ගිය කල හද පාරවන
අපුර්ව සොහොයුරෙකු වෙනුවෙන
හද හඬන මහිමය
නුඹද නැගනියද එක්ව
කල කැප කිරීම් අපමන
සිහියට නැගෙන කල
උමතුව යයි මහද
වැඩ නිමවී සවස
කුලී නිවසට එන සඳ
"අක්කේ" කියමින
සිනා පානා මුහුන කොයිබද?
සපුමල් සුවඳමය
සුවඳ හඳුනන්න්නෝ විරලය
උගතුන් කී ලෙසම
සුවඳ විඳියන් සිටියේ දුරමය....
(image source: http://www.wallcoo.net/photography/innocence_baby_photography/images/%5Bwallcoo_com%5D_little_sisters_and_brother_ISPC006040.jpg)
Subscribe to:
Post Comments (Atom)

හිතට දැනුන පද ටිකක් සමාධි...ඇත්තටම මේ සොහොයුරාට මොකද උනේ ?
ReplyDeleteදුක්බර ජිවන අත්දැකීමක් නේද ..විටින් විට ජීවිතය මෙවැනි අකටයුතුකම් කරනවා
ReplyDeleteසහෝදරයට මොකද උනේ...ගැලපීම ලස්සනයි.
ReplyDeleteම්ම් ලස්සනයි ඇත්තට ඒ සහෝදරයට මක් වුනාද?
ReplyDelete