Monday, November 28, 2011

කෑම ටිකක්වත් හදන්න වෙය්ද පුතේ?

පුංචි කතාවක් කියල යන්නය් ආවෙ. මේක මට කිව්වෙ මගේ යාලුවෙක් එයාගේ මිතුරෙකුගේ කාර්යාලයේ සිදු උන දෙයක් කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඊයේ දිනය තුල මාතර ඇතුලුව දකුනු පලාතේ ප්‍රදේශ කීපයකට බලපාපු දැඩි සුලං තත්ත්වය ගැන.

මේ කියපු මිතුරාගේ කාර්යාලයේ දකුනු පලාතෙන් ආපු එහෙමත් නැතිනම් දකුනට සම්භන්ද අය බොහෝමයක් ඉන්නවලු. ඉතින් සුලු සුලංම නොවුනත් ඇතිඋන තත්ත්වය උඩ බොහොමයක් දෙනා නොසන්සුන් වෙලා තමය් ඉඳලා තියෙන්නේ. දුර බැහැර වෙසෙන තම නෑ හෑ දෑ උදවිය ගැන එහාට මෙහාට දුර ඇමතුම දෙමින් විස්තර සොයාගන්න ලොකු උත්සාහයක.

ගොඩාක් තැන් වල දුරකතන සම්භන්ධතා බිඳ වැටිලා, විදුලි සැපයුමත් විසන්ධි වෙලා තිබුනේ. ඔය අස්සේ තැනින් තැන කනින් කොන ආරංචි එනවා....
 එක්කෙනෙක්ගෙ ගෙදරින් කතා කලාලු, කරදරයක් නෑ, ටිකක් බයෙන් ඉන්නව කියලා තමය් කිව්වේ. අනිත් කෙනත් බොහොම අමාරුවෙන් ගෙදරට කතා කරාලු. ආච්චි විතරලු ගෙදර හිටියේ, එයා ටිකක් වයසක කෙනෙක් ආරංචියේ හැටියට. මෙයාගේ අම්ම තවමත් සේවයේ යෙදෙන ගුරු වරියක්, එවෙලෙත් පාසලේ සේවයේ යෙදෙමින් තමය් ඉඳලා තියෙන්නේ. ටිකක් සුලං තත්ත්වය සැර වැඩි නිසා තාත්තත් ටවුන් එකට ගිහින් අම්ම ගැන සොයන්න. වෙන අහන්න කෙනෙකුත් නැති නිසා ආච්චිගෙන් ඇහුවලු විස්තර.

"නෑ පුතේ එහෙමට වැස්සක් නෑ.  
ටිකක් ගොරවනවා...
අපිට? නෑ නෑ කිසි කරදරයක් නෑ. "

ඔන්න ඔහොම තමය් ආච්චිගේ ප්‍රතිචාරය. පස්සේ බැරි තැන මේ මගේ යාලුවගේ යාලුවා ආච්චිට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න හිතලා කිව්වලු

"ආච්චි... මේ ටිකක් සෙවිල්ලෙන් ඉන්න. ට්‍රොනාඩෝ එනවා කියලා හැමෝම කියනවා. එලියේ වට පිටේ ඇහෙන සද්ද ගැන බලන්න කොහෙන් එනවද දන්නෙ නෑ නේ."

"හැබෑටම පුතේ කීයට වගේද දන්නේ නෑ ඔය දරුව එන්නේ? දවල්ට කෑමට එනවනම් මොනවහරි හදල තියන්නවත් වෙය් නෙ, අනේ මන්ද අම්මත් නෑ ගෙදර."



ප:ලි:
මෙය අදාල පුද්ගලයා ට හෝ කිසිවෙකුට අවමන් කිරීමේ චේතනාවෙන් ලියුවක් නොවන බව සලකන්න. අනෙක් කරුන ට්‍රොනඩොවක් පැමිනද නැත. හුදෙක් රස වින්දනය උදෙසා පල ක‍රන්නෙන්මි.

11 comments:

  1. සුනාමි එන වෙලාවෙත් මෙහෙම දෙයක් උනාලු නේද...හික් හික් හික් .....

    ReplyDelete
  2. අච්චිලට ඔව කියනව ද ඈ...ඔය කිව්ව එකා වැස්සකට ඉක්කොලේක එලිපත්තට වත් ගොඩ වෙච්චි එකෙක් වෙන්ට ඇතී...

    ReplyDelete
  3. කියල ඉංග්‍රීසි බසින් ලියවුනාට මේක ශබ්දකරන්නේ "ටොනැඩෝ "කියල .

    ReplyDelete
  4. ඔබ නොදු‍ටු ලොවක්.....:
    එහෙමත් වෙලාද? හය්යෝ.

    Raj :
    කෙනා.... හ්ම්ම්ම්ම් නොකියම ඉම්මු නේද?

    රෝස කුමාරි:
    බොහොම ස්තුතිය් රෝස කුමාරි. කියපු දේ ඒ විදියටම වාර්තා කලා මිසක් වෙනස් කරන්න උත්සහ කලේ නෑ. ආයෙත් ඇවිත් යන්න.

    ReplyDelete
  5. ඔව් ඔව් සුනාමි එනවා කියලා දවස කිව්වම ෆ්ලයිට් එක එන වෙලාව අහලා එයාපෝට් එකෙන් පිකප් කරන්න...හික් හික් හික් ....

    ReplyDelete
  6. වින්චැට් කිරිල්ලී:
    හික්ස්!

    ReplyDelete
  7. හික්ස් මොනවා උනත් සිරා කතාව.අමි එකේ ඉන්න කොල්ලෝ නිවාඩු ආවම මේ වගේ ලඟින් යන කතා සිද්ද වෙලා තියෙනවා

    ReplyDelete
  8. ඔන්න අපිත් ආවා .ආයෙත් එන්නං

    ReplyDelete
    Replies
    1. තැන්කූ... ආයේ එන්න

      Delete

මොනවද හිතුනේ?