Tuesday, September 27, 2011

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ රන් වන් රැස් දහරා දිලුනේ

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ
රන් වන් රැස් දහරා දිලුනේ
සිලි සිලි නදිනේ බෝ පත් සැලුනේ
තැවුල් සිතට බුදු සිසිලස දැනුනේ...

හදවත තෙරපා මිහිමව කලඹා
කඳුලින් බෝ පාමුල දෙවුවා
සිරිමත් සිරි මා බෝ සමිඳුන් මගේ
වරමක් දුන්නා කඳුලැලි නිම්මා....

බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...

තෙවරක්ම බුදුන් වැඩි මේ පින් බිම තවමත් පින් සාරය්. කාලයක් තිස්සේ විවිධ කම් කටොලු මැදින් අපේ හීනයක් සැබෑ කරගන්න අපි දෙන්නා සිරිමා බෝ හිමි අබියස බෝධි පූජාවක් කලා. විවිදාකාර වූ රෝග තත්වයන් සමනය කරමින් අපේ බලපොරොත්තුව හැබෑවෙන ලකුනු පහල වෙලා.


මගේ රත්තරන් පැටියෝ අනේ ඔයා මගේ මැනික පුතේ. පරිස්සමින් ඉඳලා එන්න රන් කැටියෝ. ඔයා එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
ඔයා දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගී දරුවෙක් වෙන්න කියන එක විතරම්ය් මේ අම්මය්, තාත්තය් ඉල්ලන්නේ.
ඔයාට තෙරුවන් සරනය්!

8 comments:

  1. තෙරුවන් සරණින්..ඔයාගේ බලාපොරොත්තු ඉස්ඨවෙනව....සමාධි.

    ReplyDelete
  2. ස්තුතිය් රාජ්!...

    ReplyDelete
  3. ලස්සනයි සමාධි... එයාට ඉක්මනට සනීප වේවි....!

    ReplyDelete
  4. ඉක්මන් සුවය පතනවා ....

    ReplyDelete
  5. ඔයා දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගී දරුවෙක් වෙන්න කියන එක විතරම්ය් මේ අම්මය්, තාත්තය් ඉල්ලන්නේ.
    ඔයාට තෙරුවන් සරනය්!

    හරිම ආස හිතුන දැක්කම

    ReplyDelete
  6. හ්ම්ම්ම්....ඔන්න අදයි ඔයාගෙ බ්ලොග් එක හම්බ උනේ.....ඇයි ගොඩ දවසකින් ලියල නැත්තෙ? ඔයා සනීපෙන් නේද?

    ReplyDelete
  7. කවිකාරියේ..
    ස්තූත්ය් ගොඩාක්.

    හලෝ කිරිල්ලී...
    ඔව් අනේ මම හොඳින්, ඒත් ඉස්සරට වඩා වැඩ වැඩිය්නේ දැන්, බබා පැන්ච ගැන හීන බල බල ඉන්න තමය් දවස ගෙවන්නේ. ඉඩක් ලැබුන ගමන්ම ලියනවා. ස්තූත්ය් ගොඩාක් මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  8. Sanjaya සිතුවිලි, Prasanna
    ස්තූත්ය් ගොඩාක්. දැනට නම් එයාට අසනීපයක් නෑ.

    ReplyDelete

මොනවද හිතුනේ?