Wednesday, October 27, 2010

සිහින සිතුවම් හදේ ලියැවුනු

















සිහින සිතුවම් හදේ ලියැවුනු

රැලි නැගී නැග ඒ දිවා රෑ

මතක සුවඳක සුවය කැටි කර

නෙතු පෙලා මුතු කඳුලු මල්



ඈත දිනයෙක මතුල පද වැල්

මිහිරි සත්සර නද දෙවා

හද රිදුම් දෙන වෙන තතක් අද

ඇසේ කොයිබද මතු වෙලා



සොයා යන්නෙමි දිගන්තයටම

කොහේ සැඟවුනි මුදුසිනා

වනේ සිවුපා ගුවනෙ සරනා

සතුනි දුටුවද මගෙ සිනා

5 comments:

  1. වනේ සිවුපා ගුවනෙ සරනා
    සතුනි දුටුවද මගෙ සිනා ...
    :D නියමයි ආ... ඔහොම යම් ඔහොම යමු.

    ReplyDelete
  2. සිනා මල් අද සගවලා
    නෙත් කෙවෙනි අග මැවූ පැතුම් පොදි සුන්වෙලා
    සිතේ පතුලෙම තැනක තනිවී
    කදුලු බිදු සිතුවම් කලා..

    ReplyDelete
  3. @prasanna86k : :D බොහොම ඉස්තූතිය්
    Lahiru Udayanga :
    සැඟවී ගිය මල් යලි පිපීයන්
    ගැලු කඳුළැල් වියකුනාදෙන්
    සිතේ රජයන පැතුම් ඉටුවන
    නවමු දිනකට හිරු නැගීයන්

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි පද පෙල......

    දිගටම ලියන්න.....

    ReplyDelete
  5. බොහොම ස්තූත්ය් හසියා

    ReplyDelete

මොනවද හිතුනේ?