විස්තර කියන්නම් කිව්වට මාසයක් යනතුරුත් විවෙකයක් තිබුනෙ නෑ නෙ. ඔන්න අද තමය් පින්කමේ පින්තූර ටික අරන් ආවෙ. මෙතන ගොඩාක් විස්තර නම් නෑ.
මග දෙපස සිරි
මග දෙපස සිරි
මහ මලුවෙ වැලි ඇට ගනනට සෙනග, අපි හිටියෙ දෙවැනි මලුවෙ. එතනත් අර වගෙම සෙනග.
කොප්පරා පහන් වැටවල්.
ගුවනින් අවිත් සෑය වටේට සහ සෑයට මල් පෙති ඉස්සා. මල් පෙති දුර අහසෙ ඉඳන් වැටෙද්දි පුදුම ලස්සනක් තිබුනෙ, කැමරාවට හසු කරගන්න තරම් බැරි උනා.
Monday, July 11, 2011
Friday, June 24, 2011
සිනාසෙන් නුඹ් මගේ හිමියනි.....
සිහිනයක් හා රෑඳුන මිහිරි මතකෙක සුවඳ
සිත් ඉමේ දඟ කරන ලස්සන
කිති කවා හද මුමුනලා පද
නවුම් තාලෙක තනුව වයනා ....
පෑතුම් ඉසව්වක සිහින කොදෙව්වක
දෑගිලි පටලා පියවර මෑන යන
මේ දිවි ගමනේ නුඹ දිනනා දෙස
බලා ඉඳිම් සෙව්නැල්ලක් සේ ලඟ....
මග නොමග නොහැඳින මුලාවී
සිටිය කාලය අදින් නිම වේ
පතමි සුවහස් සුබාසිරි,
සිනාසෙන් නුඹ මගේ හිමියනි....
එකම එක පුංචි විභාගයක් උනත් මට මහමෙරක්. ඔයා වැඩිම ලකුනු අරන් සමත් උනා කියලා අහන්න තරම් මම පින් කරලද?
Friday, June 3, 2011
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්, උඩ මලුවේ බෝධි සාම් පිරිමි පුතෙක් දෙන්නය්...!
කාලෙකට ඉස්සර ඇහුන පද වැලක්, හිතට තදින්ම කා වැදිලා තිබිල කියල තේරෙන්නේ දැන් තමය්.
මාස කිහිපයකට පෙරාතුව බිලිඳු කිරි සිනහ ගැන සිහින මවනා කාලයෙදි මට නැවතත් මේ ගීතය සොයා ගන්න දැඩි අවශ්යතාවයක් දැනුනත් එය මාතට ලැබුනේ නෑ, සිහිනයත් හොරු අරන් ගියා වගේමය්.
අද ඉතින් අහම්බෙන් වගේ මේ ගීතය අයෙමත් මගේ මතකයට ආවා, අපි හෙට අනුරධපුරය බලා යනවා, ඔව් රුවන්වෙලි සෑයේ පින්කමට සහබාගී වෙන්න. කොහොමහරි ශ්‍රී මහා බෝධියටත් යන්න ඔනනෙ කියන සිතුවිල්ලත් එක්කම මට මේ පද පෙල මතකයට ගෙනෙන එක වලක්වන්න බැරි උනා. අනේ පුතු පැටියො මට ඔයාව මතක් වෙනවා රත්තරන්! ඒ අවාසනාවන්ත දේ සිදු නොවුන නම් මේ වෙනකොට ඔයාට මාස අපි ඔයාව පිලි ගන්න හැමදේම ලෑස්ති කරන් බලන් ඉන්නවනේ..අපි ගාවට එන්න මට ඔයාව මගේ කරගන්න පින නොතිබුනාට, තවමත් කල් තියෙනව, අනේ පුතු මේ සැරේ එන්න!
මේ බ්ලොග් ලියන යාලුවො පුලුවන් නම් මට පුංචි උදව්වක් කරන්න. කවෘහරි ලඟ මේ සින්දුව තියෙනව නම් මට ලබා දෙන්න.
වී අහුලන කුරුලු කොබේ කාරිය කරවන්නය්
.......................................................................
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්,
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නය්...!
පුතෙක් උනත් දුවෙක් උනත් දරුවෙක්! කවුරු උනත් වටිනාකමේ අඩුවක් නෑ.
Wednesday, June 1, 2011
ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04 දින ප.ව. 4.30 සිට සර්ව රාත්‍රිකව
අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් රුවන්මැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරත්න ස්වාමීන්වහන්සේ ඇතුලු පූජනීය මහා සංඝ රත්නයේ පූර්ණ ආශිරවාදය හා අනුශාසනාව පරිද්දෙන් 2011ක් වූ ජුනි මස 4වන දින සුවිශේශී පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
අපටම පිහිටවීමට ලොව පහල වී වදාළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රි සම්බුද්ධත්ව මංගල්‍ය 2600වන ජයන්තිය හා සබැඳිව ශ්‍රි ලංකා ධරණී තලයේ වියැකෙමින් තිබූ ප්‍රතිපත්ති සාසනයට නව ජීවයක් දෙමින් බිහි වූ ශ්‍රි කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවට වර්ෂ 60 පිරෙන මොහොතේ, ශ්‍රි කල්යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක බෝධිසත්ව ගුණෝපේත අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශ මාහිමියන් වහන්ස අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රි ඥාණාරාමාභිධාන මහෝපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන අපවත්වී වදාල සංඝ පීතෘවන්හන්සේලාට පුණ්‍යානුමෝදනා ප්‍රරර්ථනා පෙරදැරිව දහසකට අධික පූජනීය මහා සංඝ රත්නය පෙරටු කරගෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන අසිරිමත් ආමිස ප්‍රතිපත්තිමය මහා පුණ්‍යෝත්සවයයි…
පිංකම මාලාව
- කුල දරුවන් සිය දෙනෙක් පැවිදි කිරීම
- මහා ස්ථූප ආලෝක පූජාව
- සත් බුද්ධ පූජාව
- ලක්ෂ තුනකට අධික නෙලුම් මල් පූජාව
- හය දහසකට අධික අටපිරිකර පූජාව
- කප් රුක් පූජාව
- තෙල් පහන් ආලෝක පූජාව
- මහා සුවඳ දුම් පූජාව
- සුවඳ පැණින් මළුව සේදීම
- හේවිසි පූජාව
- සර්ව රාත්‍රික පිරිත් දේශහාව
- දහසකට අධික මහා සංඝ්හික දානමය පිංකම්
- 2011 ජූනි 04 ප.ව. 4.30 සිට මහා සංඝ රත්නය සෑ මළුවට වැඩමවීම
- 2011 ජූනි 04 ප.ව. 5.30 බුද්ධ පූජා වැඩමවීම
- 2011 ජූනි 04 ප.ව. 6.00 සිට මහා ස්ථූප ආලෝක පූජාව හා සත් බුදු වන්දනාව
- 2011 ජූනි 04 රාත්‍රී 9.00 සිට දහසකට අධික මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාව
- 2011 ජූනි 05 පෙ.ව. 4.00 සිට කුල දරුවන් සිය දෙනකු පැවිදි කිරීමේ පිංකම
- 2011 ජූනි 05 පෙ.ව. 5.30 ක්ශීරපායාස බුද්ධ පූජාව හා මහා සාංඝික දානය
(0091 2256013)
—————————————————————————————————————————————————————
එම අසිරිමත් ස්වර්ණමාලී මහා ථූපාභිවන්දනා පිංකම සඳහා අරියමග්ග සංවිධානය ලෙසින් අපගේ සංවිධායක සහ දායක පිංවතුන් සමග අපද විවිධ පිංකම් සඳහා දායකවෙයි.. සංවිධාන කටයුතු මෙහෙයවයි…
එම පිංකම් විස්තර ඔබ සැමදෙනාට උපකාර පිණිස පහත දක්වා ඇත…
- 2011.06.02 දින වෙසක් කූඩු 600 එල්ලීම සඳහා අවශ්‍ය් කණු සහ කූඩු එල්ලීම..
- 2011.06.02 සවස 4.00ට මළුව දෝවනය සහ විශේශ සුවඳ පූජාව…
- 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් සැකසීම
- 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් තැන්පත් කිරීම
- 2011.6.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ ගිලන්පස
- බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු සම්පාදනය සහ සංවිධානයට …
- 2011.06.04 සිට සර්ව රාත්‍රිකව සුවඳ පහන් කොප්පර පහන් තැඹිලි පහන් ආලෝක පූජාව පැවැත්වීම
- 2011.06.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ කිරි ආහාර බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු අවශ්‍ය සම්පාදනය කට්යුතු සංවිධානයට …
- 2006.06.05 පෙරවරු නැවත මළුව පවිත්‍ර කිරීම
- 2006.06.05 දහවල සංවිධානය කරන 1000 පිංවතුන්ට දානය පූජා කිරීම සහ අනෙකුත් දාන සංවිධානයෙදී අවශ්‍ය කටයුතු සම්පාදනය
තෙරුවන් සරණයි…
ප:ලි: මට ලැබුන විස්තර පත්‍රිකාවක් තමය් මම ඔය ඉහල පල කලේ. පින් අතේ වැඩක් නෙ, ඉතින් අපිත් හිතුවා සහබාගී වෙන්න. 04 වෙනිදා හිමිදිරියෙම පිටත් වෙන්න තමය් අපේ අදහස. සංවිදායක කමිටුවේ සමහරක් අද අනුරාදපුරය බලා පිටත් උනා.
ගිහින් ඇවිත් මමත් වැඩි විස්තර කියන්නම්කො. පුලුවන් කමක් තියෙනවනම් යාලුවනේ ඔයාලත් එන්න. දුරින් ඉඳන් සහබාගී වෙන්න පුලුවන් පින් කම් උනත් තියෙනවා.
Friday, May 20, 2011
දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි!
මම ඔයත් එක්ක කවදාවත් කතා කරලත් නෑ
දැකලත් නෑ
හැබැය් දකින්නත් කතා කරන්නත් ආසාවෙන් හිටියා
මොනවා කරන්නන්ද ඊට කලින් ඔයා යන්න ගිහින්
කවදාවත් නොඑන්නම ගිහින්
පොඩි ඉල්ලිමක්,
අනේ ආයෙත් එන්න,
මේ ජීව්තය එක නවාතැන් පොලක් විතරය්,
අලුත් ජීවිතයක් අරන් ආපහු එන්න,
මතක ඇතුව ඔයාගෙ නිවුන් සොයුරාවත් හමු වෙන්න, සමහරවිට මේ ඔයාට එයාව හමු වෙන්න ලැබුනු අවස්තාවක් වෙන්නත් පුලුවන්!
මේ වතාවෙ ඔයත් එක්ක කතා කරන්න හිනාවෙන්න, අඩු තරමෙ පිටට තට්ටුවක් දාල හලෝ කියා ගන්නවත් බැරි උන ගොඩක් අය ඉන්නවා,
ඔව්, මමත් එක්කෙනෙක්.
ඉලංදාරියෙක් නොවුනත් බිලිඳු දරුවෙක් විදියට එන්න, ඔයාව බාර ගන්න ගොඩාක් අය ඉඳීවි!
ඉතින් එදාට අපි හමු වෙමු,
දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි,
අනේ ආපහු එන්න!
Tuesday, April 12, 2011
ඔවා දෙනු හරහට (New Version) - (බල කරවල අයින් කලා) ඉස්සො සමග වඩේ
මේක ඉතින් අව්රුදු කාලෙනෙ, පොඩි කාලෙ නම් බලන් ඉන්නෙ ගෙදරට නැයො එනකම්, එය්නුත් අපි වැඩියම කැමති අයත් ඉන්නවා, අපේ ආච්චි සීයා වගේ ලබැදියන් වගේම අපේ ලෝකේ වීරයනුත් ඒ අතරෙ ඉන්නවා. හරියට ලොකු අය්යෙක්, පොඩි මාමෙක් එනකම් බලන් ඉන්නවා වගේ. සමහර වෙලාවට බලන් ඉන්නවා කියන්නම බැරි උනත් නොදන්වාම උනත් අවිත් ගියාම දැනෙන සතුට!, කියලම වැඩක් නැ.
ඉතින් මේ බ්ලොග් ලියන්න ගත්තු ටික කාලෙට මටත් නොදුටු නැයො අති උනා. සමහරු නිතරම ඇවිත් යන, තවත් සමහරු ඉද හිට. ඔය අතරෙ මටත් හිටිය බ්ලොග් ලෝකෙ වීරයො, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙය්, කිහිපදෙනෙක්... ඉතින් මෙන්න මෙයා නොදන්වාම දවසක් මගේ අලුත හදන් යන බ්ලොග් නිවහනට ගොඩ වැදිලා. හප්පේ මට දැනුන සන්තෝසේ, කියලම වැඩැක් නැ. අර මුලින් කිව්වා වගේම තමය්.
අනේ ඉතින් මෙයා අවිත් නිකන් ගියේ නැ, හීනියට තරවටු පාරකුත් කරල තමය් ගියේ, අනේ නැ චුට්ටක්වත් තරහ නැ, මම හරිම කැමතිය් අවවාද වලට. විශේශයෙන්ම කතන්දර වගේ ප්‍රවීනයෙක්ගෙන්. බොහෝම සතුටින් අවවාදය පිලිගත්තා, වරද නිවැරදි කලා. මෙතන ඉඳන්
ගොඩ කාලෙකට ඉස්සර මගේ සමීපතම මිතුරියකගෙ එකම නැගණිය මෙලොව හැර ගියා, නිකන් නෙමෙය් ඉතාම සොඳරු මතකයන් සමුදායක ඉතුරු කරමින්. ඉතින් මේ කියන්න යන සිද්දිය උනේ අපි මීරිගම බලා යන අතරතුරදී.
මම කලිනුත් කිව්වා වගේ අපේ ඉතින් ගමනගමනය ජහමනයා එක්කම තමය්. වවුනියාව දුම් රියට ගොඩ උනේ තරමක් හෝ පහසුවෙන් යාමට සිතාය. ඒ දවස්වලත් මම හොටල් හිමියෙක් :D).දෙය්යනේ කියලා කොලඹටත් ආවා. මරදාන, පහුවෙදී අපි හිටපු පෙට්ටියට අවා සෑහෙන වයසක සීයා කෙනෙක්. සරමක්, කමිසයක් ඇඳලා,කොන්ඩය පවා පිලිවෙලකට පීරල තිබුනා. අපි මේ වෙනකොට හිටියේ මුලදි ආපු අසුන් වල නෙවෙය්, මේ මැදිරියේ අසුන් එකකට එකක් මුහුන ලා තම්ය් පනවල තිබුනෙ. ඉතින් සීය වාඩි උනේ අම්මටය් මටය් ඉස්සරහ ටිකක් දොර පැත්තට වෙන්න. සීයට එහා පැත්තට වෙන්න හරි අපුරු කොලු පැටියෙක්. තනියම නෙමේ, ඒ වයසෙම කොලු කෙලි නඩයක් එක්ක.
දන්නවනෙ ඉතින් නානාප්‍රකාර වෙලෙන්දො එනවනෙ ඔය මැදිරියකින් අනිත් මැදිරියකට. මේකටත් නොයෙක් වර්ගයේ අය ආවා ගියා, වෙලඳාම්ක් එහෙම නොකෙරුනාමත් නෙවෙය්. දෙය්යනේ කියලා අර කොලු කෙලි නඩේ හිටියානෙ.
ඔන්න ඉතින් "වඩෙය්... ඉස්සො වඩෙය්.. දැන් බැදපුවා.." (බොරු කෝටියය්. ..)
කලින් වෙලෙන්දන්ට වගේම මෙයාටත් සැලකිලි. මේක දැක්කා විතරය් අර සීයා වයින් උනා.. මෙයත් පැනලා ගත්තෙ නැද්ද ඉස්සො වඩේ.. අපේ අර සෙට් එකත් එකසිය ගානට වඩේ කනවා. ටිකකින් කලින් කියපු සින්දු, තාල ඇල්ලිලි සේරම මග නවතුනා.. සෙට් එකේම මුනු හොඳ නෑ. සීයත් වැඩේ අතාරින්නෙම නැ. මොනවා උනත් මේ අද ඊයෙ උස්මහත් උන දරුවොන්ට කොහොම සෙකන්ඩ් වෙන්නද කියල හිතෙන්නැති, මගෙ හිතේ. ටිකකින් (සීයා)...
"තූහ්.. තුහ්..ශික්..කන්න එපා පුතෝ. කන්න එපා. මොන මල ජරාවක්ද!"
ජංජාලයය්! සීයට හොඳටම කෙන්ති ගිහින් කටට ගනිපු වඩේ කෑලි විසිකරනවා.. බනිනවා..
අර කට්ටියත් ඉතින් ගොලෑ කෑව මොක්කුද වගේ (වඳුරො) බලගෙන ඉන්නව. ලස්සනම හරිය ඊට පස්සෙ. මම හිතුව සේරම අතේ තිබුන වඩේ මලු විසිකරපු නිසා සීයත් ඒකම කරය් කියල. මොන පිස්සුද? මෙය නන් ස්ටොප් වඩේ කනවා, හැබැය් එකම ප්‍රශ්නෙ එක කැල්ලවත් උගුරෙන් පහලට යවන්නෙ නැති එක.
කෑල්ලක් කඩනවා,
විකනවා
ආයෙමත් (ජනේලෙන් එලියට) තූහ්.. තුහ්..ශික්..
ආයෙමත් කෑල්ලක් කඩනවා,
විකනවා
කන්න එපා පුතෝ.
අන්තිමට මිරිස් , ලූනු පවා.. කඩනවා,
විකනවා
කන්න එපා. මොන මල ජරාවක්ද!
සීයා වඩේ කෑම නවත්තන්නෙ නැහ. මම හිතන්නෙ එයා බලන්න ඇත්තෙ වැරදිලා හරි කන්න පුලුවන් කෑල්ලක්වත් තියෙද කියල වෙන්නැති.
අන්තිමට කඩදාසි බෑග් එක ගුලි කරල කටත් පිහිදගෙන ඉවරවෙලා අහනවා
"කෝ කෝ කෝ ඒකා. කොහෙටද ගියේ."
මෙයා මේ දැන් හොයන්නෙ වඩේ වෙලෙන්දව මගෙ හිතේ. අනේ මන්ද කාපුවට ගහන්නද නැත්නම් තවත් වඩේ ගන්නද කියලා. කොහොම උනත් වැඩේ බලන් හිටපු අර ගොලෑ කාපු සෙට් එකට හිනාව නවත්තගන්න බැරි උනා.
මේ සෙරම වෙනකොට අපිට බැහැල යන්න තැනත් අව්ත්...!
----------------------------------------------------------------------------------------
ප: ලි: මගේ අලුත් වැඩකුත් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉන්නකො..

පෙති ගිලිහුනු රෝස කුසුම
මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.
නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.
කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්.
එදා මෙදා තුර ශාරිත් දෙමව්පියොත් පියුමි වෙනුවෙන් විඳපු දුක අකුරු කරන්න මම දන්න අක්ශර මාලාව මදි. හිටි හැටියෙම මහ රෝහලින් ලැබෙන "ලේ අවශ්යය්" තුන්ඩුවත් රැගෙන රැයක් දවාලක් නැතුව ලේ බැන්කුවත් රෝහලත් අතර දිව ගියේ කෙසේ හෝ තව දිනකටවත් ඇයට හිරු උදාව දැක ගැනීමට ඉඩ සැලසීමටම විය යුතුය්. ලෙඩ්ඩුන් බැලීමට ලැබෙන වෙලාවල් අතර මැද නැවතත් නිවසට ගොස් ඒමට තරම් කාල වේලාව මදි වු දිනකදි ඔවුන් කාලය ගත කලේ රෝහල ඉදිරිපිට යකඩ වැටේ වාරුව පතමිනි.
මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.

Subscribe to:
Posts (Atom)