Wednesday, March 16, 2011

බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ




බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ
සිතක මැවී ගිය සිතුවමක අතීතේ
පුතුගෙ සුවඳ මුසුවී ගලා
පැතූ පැතුමන් හද ව්මන් තලේ

නුඹ එන බව දැන සැනසීමක් ලැබ
යන්තම් දෙමසකි පහුවුණු ඊයෙට
නොදැකම පුතු මුව යන්නට ගිය සඳ
සඳ බැස ගියෙ මගෙ ලොවට අමාවක

පුතු හිස සරසන මුදු කෙහෙරැල්ලක්
පිරිමැද සනසන්නට සැනසෙන්නට
මදිවද කල පින් පිරූ පෙරුම්
පුතුනි කියන් කිම හැරදා මවුන්

සත්තයි අප සිටුවරු නොවනා බව
සත්තයි සිටු සැප නුඹට සදන බව
ජීවිතයේ ඉම හසර දකින්නට
වෙන්නම් තරුවක් පාර කියන්නට

දරු සෙනෙහස නොඅඩුව දැනෙනා හද
වැලපෙයි ඉකිබිඳ නුඹෙ නම සිහි කර
සිරිමා බෝ සාමිනි මේ දුක දැක
සතර වරම් දෙවියනි ගෙන දෙන් පුත

රත්තරන් පුතු පැටියෝ මගෙ සූකිරියෝ ඉක්මනටම ආපහු එන්න රත්තරන්. 
අපිට ඔයා නෑතුව පාලුයි,  ගොඩාක්!
තාත්තියි අම්මියි බලන් ඉන්නවා..








Wednesday, February 2, 2011

හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


අදත් මගෙ සිත සසල කල දවසක්
පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්
පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක්
දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක්

කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක්
හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත්
තුරල් වී නම් නොයය් මසිතෙන්
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්


වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද පුන්චි අතක් මගෙ සාරිපොටෙ අසලින් ඇදී ගියා. මගෙ පෑත්තකින් හිටිය වයස 7ක් පමන වෙන පුන්චි පුතෙක්, තනියම නෙවේ, අම්මත් තව පොඩි නන්ගියෙකුත් එක්ක. පාසල් නිල ඇඳූමක් දුටු නිසා මම පසෙකට උනා නොදෑනීම, පොඩි දරුවව ප්‍රමාද කරන්න පව් නිසා. චූටි පුතා අත් මිටි කරන් හිටියේ සල්ලි කොල වගයක්. මට හරියට පෙනුනේ නෑ කීයක්ද කියල.  වෛවර්ණ කෑම දිහා දෙ ඈස් දල්වා සිටි පෑටියා මිල අධික කිහිප වර්ගයක මිල විමසනු මම බල සිටියා, මේ අතර දරුවාගෙ මව දරුවා පිටතට ගෙන යෑමටද උත්සාහ ගනු පෙනුනා. සමහර සිදු වීම් විස්තර කරන්න අපි දන්න වචන මදි කියලා තෙරුනා මට. අනේ ඒ අම්මගෙ ඈස් දෙක දුටුවනම්..

Monday, January 3, 2011

කිරි ඉතිරෙවා නව වසරේ..!


තෑවුල් සිතෙ පහවී යේවා
නෑවුම් සිතුම් පිබිදි ඒවා 
පුරා සන්දේ සිසිලස සෙමා
නුම්බෙත් මගෙත් සිත් සෑනහේවා

කිරි ඉතිරෙවා නව වසරේ..!

Monday, December 13, 2010

එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ දෙන්න,


කාගේ මතවාද කොහොම උනත්, මේ මම ගොඩක් ආදරය කල උතුමෙක්. විචක්ෂණ බුද්ධියක් තිබුන සාමාන්‍ය යට තේරෙන බශාවෙන් බන කියපු කෙනෙක්. ඉස්සර පාසල් යන කාලේ  සෝම හිමිගේ බන අපිට නව ආලෝකයක් දුන්නා, සත් වසකට පසුවත් ඔබ නැති අඩුව අද තව තවත් දැනෙනවා.

ලියන්න දේවල් කොපමණ තිබුනත් අත අවසඟයි මට, එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ දෙන්න, නැවත වඩින්න හාමුදුරුවනේ .

Wednesday, December 8, 2010

කොන්ද නමාගෙන හැරමිටි ගහ ගෙන


image Credit:
අපිට වාහනයක් තිබුනේ න නෑ, වැඩි හරියක් ගමන් බිමන් බස් එකෙක්න්ම තමිය්. දකුණු පළාතේ ටිකක් දුෂ්කර ඉංග්‍රීසියෙන් කිව්වොත් හද්ද පිටිසර ලස්සනම ලස්සන ඉසව්වක තමය් මගේ රත්තරන් තාත්තගේ මහා ගෙදර පිහිටලා තිබුනේ. පෞද්ගලික ප්‍රවාහන සේවයක් නොතිබ්බ තරම් උන ඈත කාලෙක, නගරයත් ගමත් යා කලේ ලංගම සේවයෙන්, තාත්ති අම්මි එක්ක මූණ දෙපැත්තෙන් කෙස් කැරලි බේරෙන ඉගිල්ලෙන්න ලැහැස්ති ඇස් දෙකක් තියෙන දඟම දඟ මල්ලක් බස් එකඟ බැස්සා. අම්මය් තත්තය් නම් බිමටම බැස්සා, එත් ආදරේ උතුරන තාත්තා දුව ව බිම නොතිය වඩා ගත්ත.
අප්පට සිරි! රජ්ජුරුවෝ උඩය් උඩය්. මිටි කොල්ලෝ බිමය් බිමය්.

 ඔන්න අපි දැන් ලැහැස්තිය ගමට සේන්දු වෙන්නය්. "ආයුබෝවන්, කොහොමද ඉතින්, වරදක් නෑ, අහ් මේ දරුවාද!, නෝනව දැක්කේ හුඟ කලකින්. ... අය්යේ , අහ් මල්ලි. ගමේ ආවද? ඔව් මේ ඇවිත් යන්න කියල. ගිහින් එන්නම්. " හප්පේ ප්‍රශ්න වැලක්. එත් මේ තමය් අව්‍යාජ ගැමි කම, නෑයෝ නොනෑයෝ කව්රුත් කට පුර හිනා වෙනවා. බුලත් කහට බැඳී දසන්, තැනින් තැන එක දෙක හැලුණු දත් අනේ එත් ලොඹු කට ආදරණීය හිනාවකින් හද වෙන්නේ කොච්චර ලස්සනටද?

කඩතොළු වුන තර පාර දිගේ තේ වතු පිරුන පුංචි පුංචි කඳු වැටි මැදින් අපි හෙමිහිට යනවා. තැනින් තැනකදී අතු ගංගාවක හද රුව දිස් වෙන්නේ යන්තමට. තාත්තගේ කර උඩින් යන ගමන් එබී එබී බලන්න මට තියෙන්නේ පුදුම හදිස්සියක්, හොඳටම දන්නවා තව ටිකකින් ඇති තරම් ගඟේ නටන්න ලැබේනම්=ව කියල. ඉවසිල්ලක් නැ.

දැකල තියේද තේ මල්? සමනලයෝ විශේෂයෙන්ම කහ පාට චූටි එවුන් තේ මල් වල ඉඳල පාරට එනවා. හරියට අපිත් එක්ක හවුලට වගේ. ගෙදරට කිට්ටු වෙනකොට තාත්තා මාව බිමින් තියනවා, සමනලයෝ පස්සෙන් යන්න, හෙමිහිට බකල ගහ ගහ ගිහින් ගිහින් මම නවතින්නේ, මහා ගෙදරට හැරෙන කඩුල්ල ලඟදි.කඩුල්ල ළඟ ඉන්නේ මගේ ජීවිතේටම මම දැකපු එකම අත්තම්මා. ඒ හිනාව, සුවඳ මම තාමත් හොයනවා අත්තම්මේ. ඔයා සීයව හොයන ගිහින් දැනට අවරුදු 18 ක් උනත්, මට අද ඊයේ වගේ මේ හැම සුවන්දක්ම මතකය්. ජීවිතේ ගොඩාක් වෙලාවට ඔයා නැති අඩුව දැනුන, ඔයා දන්නවද තාත්තා ගොඩාක් අසනීප වෙලා හිටිය කියල.
හදිස්සියේම නොවුනත් මම ඔයා ගැන ලියන්න තමය් හිතන් හිටියේ..  ඉඩක් ලැබෙන වෙලාවට ඔයාගේ කතා සේරම ලියල තියන්නම්, දවසක ඔයාව වැඩිය ළඟ නොහොඉටපු මගේ මල්ලිටය් නන්ගිටය් කියවන්න. තව.. මේවා කියවන්න එන මගේ බ්ලොග් යාලුවොන්ටය් ..

Monday, December 6, 2010

ඔත්තුකරුවෙකු උවමනා කර තිබේ ..

අනේ මට උදව්වක් ඕන..
ඔයාල කව්රු හරි දන්නවද 2010 Feb  පවත්වපු පරිපාලන සේවා විබගයට මොකද උනේ කියල.
Pass උන කෙනෙක් ගැන දන්නවද? 2011 වලටත් exam එක gazzate කරලා, ඒ උනාට පරණ exam එක ගැන කිසිම ආරංචියක් නෑ නේ.
pass උනත් Fail උනත් result එක දන ගන්න කැමත්ය් නේ . Please කවුරු හරි මේ ගැන දන්නවනම් මට කියන්න කෝ.

Thursday, November 18, 2010

නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්


තරු කැට විහිදුනු නිල් ආකාසේ  සඳ ලිය සලිත වෙලා
මෙතුවක් නද දුන් සීනු නදක් ඇයි නොකියම නිහඬ වෙලා
මා වවුලෝ ඇයි බය කෙරුවේ, නෑ නෑ අපි බය කෙරුවේ
රෑ තරු දිලෙනා අහස බලන් ඇ නිහඬව සුසුම් හෙලය්

මා දැක පුරුදුය් ඈ පෙර දවසක, නෑ නෑ මෙලෙස නෙමෙය්
පොඩි කොවුලෝ නුඹ නිදි නැතුවා වගේ, කියපන් එදා පටන්
ඈ පොඩි දරුවා සෙනෙහස පුරවා, කෙලි සෙල්ලම් කෙරුවා
ඈත විමානෙන් කුමරෙක් වැඩියා, ඈ ගෙන මෙහි ආවා

හා හා දැන් ඒ කුමරා කොහිද කියාපන්, නැතුවද ඈ සමගා
ඔහු ඈ සමගය් නෑ කිසි වෙනසක් එනමුදු ගයනු නොදත්
ඈ හද තත්සර රැව් දෙන තාලෙට නැටුමට පාද නොයත්
බෝ කාලෙක සිට නෑ විඳ සෙනෙහස එකය් සිත නොමෙලෙක්

හෝ හෝ මා ප්‍රිය දියණී සිනහ වෙයන් නුඹ, නෙතගේ කඳුළු පිසින්
හෝඩි පොතක් ගෙන ආදරයෙන් සිත සෙනෙහස අකුරු කරන්
ඉවසීම දයා කරුණා ගුණ කලතා අකුරෙන් අකුර කියන්
නෑ සැකයක් එන පෝය සඳට පෙර සෙනෙහස මුතු අමුනත්