Friday, May 20, 2011

දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි!

මම ඔයත් එක්ක කවදාවත් කතා කරලත් නෑ
දැකලත් නෑ
හැබැය් දකින්නත් කතා කරන්නත් ආසාවෙන් හිටියා
මොනවා කරන්නන්ද ඊට කලින් ඔයා යන්න ගිහින්
කවදාවත්  නොඑන්නම ගිහින්

පොඩි ඉල්ලිමක්,
අනේ ආයෙත් එන්න,
මේ ජීව්තය එක නවාතැන් පොලක් විතරය්,
අලුත් ජීවිතයක් අරන් ආපහු එන්න,

මතක ඇතුව ඔයාගෙ නිවුන් සොයුරාවත් හමු වෙන්න, සමහරවිට මේ ඔයාට එයාව හමු වෙන්න ලැබුනු අවස්තාවක් වෙන්නත් පුලුවන්!

මේ වතාවෙ ඔයත් එක්ක කතා කරන්න හිනාවෙන්න, අඩු තරමෙ පිටට තට්ටුවක් දාල හලෝ කියා ගන්නවත් බැරි උන ගොඩක් අය ඉන්නවා,

ඔව්, මමත් එක්කෙනෙක්.

ඉලංදාරියෙක් නොවුනත් බිලිඳු දරුවෙක් විදියට එන්න, ඔයාව බාර ගන්න ගොඩාක් අය ඉඳීවි!

ඉතින් එදාට අපි හමු වෙමු,  

දයාබර සොයුර ඔබට නිවන් සුව නොපතමි,

අනේ ආපහු එන්න!

Tuesday, April 12, 2011

ඔවා දෙනු හරහට (New Version) - (බල ක‍රවල අයින් කලා) ඉස්සො සමග වඩේ

 මේක ඉතින් අව්රුදු කාලෙනෙ, පොඩි කාලෙ නම් බලන් ඉන්නෙ ගෙදරට නැයො එනකම්, එය්නුත් අපි වැඩියම කැමති අයත් ඉන්නවා, අපේ ආච්චි සීයා වගේ ලබැදියන් වගේම අපේ ලෝකේ වීරයනුත් ඒ අතරෙ ඉන්නවා. හරියට ලොකු අය්යෙක්, පොඩි මාමෙක් එනකම් බලන් ඉන්නවා වගේ. සමහර වෙලාවට බලන් ඉන්නවා කියන්නම බැරි උනත් නොදන්වාම උනත් අවිත් ගියාම දැනෙන සතුට!, කියලම වැඩක් නැ.

ඉතින් මේ බ්ලොග් ලියන්න ගත්තු ටික කාලෙට මටත් නොදුටු නැයො අති උනා. සමහරු නිතරම ඇවිත් යන, තවත් සමහරු ඉද හිට. ඔය අතරෙ මටත් හිටිය බ්ලොග් ලෝකෙ වීරයො, එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙය්, කිහිපදෙනෙක්...  ඉතින් මෙන්න මෙයා නොදන්වාම දවසක් මගේ අලුත හදන් යන බ්ලොග් නිවහනට ගොඩ වැදිලා. හප්පේ මට දැනුන සන්තෝසේ, කියලම වැඩැක් නැ. අර මුලින් කිව්වා වගේම තමය්. 

අනේ ඉතින් මෙයා අවිත් නිකන් ගියේ නැ, හීනියට තරවටු පාරකුත් කරල තමය් ගියේ, අනේ නැ චුට්ටක්වත් තරහ නැ, මම හරිම කැමතිය් අවවාද වලට. විශේශයෙන්ම කතන්දර වගේ ප්‍රවීනයෙක්ගෙන්. බොහෝම සතුටින් අවවාදය පිලිගත්තා, වරද නිවැරදි කලා. මෙතන ඉඳන්

ඔවා දෙනු හරහට (New Version) - (බල ක‍රවල අයින් කලා) ඉස්සො සමග වඩේ
 
ගොඩ කාලෙකට ඉස්සර මගේ සමීපතම මිතුරියකගෙ එකම නැගණිය මෙලොව හැර ගියා, නිකන් නෙමෙය් ඉතාම සොඳරු මතකයන් සමුදායක ඉතුරු කරමින්. ඉතින් මේ කියන්න යන සිද්දිය උනේ අපි මීරිගම බලා යන අතරතුරදී. 

මම කලිනුත් කිව්වා වගේ අපේ ඉතින් ගමනගමනය ජහමනයා එක්කම තමය්. වවුනියාව දුම්‍ රියට ගොඩ උනේ තරමක් හෝ පහසුවෙන් යාමට සිතාය.  ඒ දවස්වලත් මම හොටල් හිමියෙක් :D).දෙය්යනේ කියලා කොලඹටත් ආවා.  මරදාන, පහුවෙදී අපි හිටපු පෙට්ටියට අවා සෑහෙන වයසක සීයා කෙනෙක්. සරමක්, කමිසයක් ඇඳලා,කොන්ඩය පවා    පිලිවෙලකට පීරල තිබුනා. අපි මේ වෙනකොට හිටියේ මුලදි ආපු අසුන් වල නෙවෙය්, මේ මැදිරියේ අසුන් එකකට එකක් මුහුන ලා තම්ය් පනවල තිබුනෙ. ඉතින් සීය වාඩි උනේ අම්මටය් මටය් ඉස්සරහ ටිකක් දොර පැත්තට වෙන්න. සීයට එහා පැත්තට වෙන්න හරි අපුරු කොලු පැටියෙක්. තනියම නෙමේ, ඒ වයසෙම කොලු කෙලි නඩයක් එක්ක.

දන්නවනෙ ඉතින් නානාප්‍රකාර වෙලෙන්දො එනවනෙ ඔය මැදිරියකින් අනිත් මැදිරියකට. මේකටත් නොයෙක් වර්ගයේ අය ආවා ගියා, වෙලඳාම්ක් එහෙම නොකෙරුනාමත් නෙවෙය්. දෙය්යනේ කියලා අර කොලු කෙලි නඩේ හිටියානෙ.

ඔන්න ඉතින් "වඩෙය්... ඉස්සො වඩෙය්.. දැන් බැදපුවා.." (බොරු කෝටියය්. ..)

කලින් වෙලෙන්දන්ට වගේම මෙයාටත් සැලකිලි. මේක දැක්කා විතරය් අර සීයා වයින් උනා.. මෙයත් පැනලා ගත්තෙ නැද්ද ඉස්සො වඩේ.. අපේ අර සෙට් එකත් එකසිය ගානට වඩේ කනවා. ටිකකින් කලින් කියපු සින්දු, තාල ඇල්ලිලි සේරම මග නවතුනා.. සෙට් එකේම මුනු හොඳ නෑ. සීයත් වැඩේ අතාරින්නෙම නැ. මොනවා උනත් මේ අද ඊයෙ උස්මහත් උන දරුවොන්ට කොහොම සෙකන්ඩ් වෙන්නද කියල හිතෙන්නැති, මගෙ හිතේ. ටිකකින් (සීයා)...

"තූහ්.. තුහ්..ශික්..කන්න එපා පුතෝ. කන්න එපා. මොන මල ජරාවක්ද!"

ජංජාලයය්! සීයට හොඳටම කෙන්ති ගිහින් කටට ගනිපු වඩේ කෑලි විසිකරනවා.. බනිනවා..

අර කට්ටියත් ඉතින් ගොලෑ කෑව මොක්කුද වගේ (වඳුරො) බලගෙන ඉන්නව. ලස්සනම හරිය ඊට පස්සෙ. මම හිතුව සේරම අතේ තිබුන වඩේ මලු විසිකරපු නිසා සීයත් ඒකම කරය් කියල. මොන පිස්සුද? මෙය නන් ස්ටොප් වඩේ කනවා, හැබැය් එකම ප්‍රශ්නෙ එක කැල්ලවත් උගුරෙන් පහලට යවන්නෙ නැති එක.

කෑල්ලක් කඩනවා,
විකනවා
ආයෙමත් (ජනේලෙන් එලියට) තූහ්.. තුහ්..ශික්..

ආයෙමත් කෑල්ලක් කඩනවා,
විකනවා 

කන්න එපා පුතෝ. 

අන්තිමට මිරිස් , ලූනු පවා.. කඩනවා,
විකනවා 

කන්න එපා. මොන මල ජරාවක්ද!

සීයා වඩේ කෑම නවත්තන්නෙ නැහ. මම හිතන්නෙ එයා බලන්න ඇත්තෙ වැරදිලා හරි කන්න පුලුවන් කෑල්ලක්වත් තියෙද කියල වෙන්නැති.  

අන්තිමට කඩදාසි බෑග් එක ගුලි කරල කටත් පිහිදගෙන ඉවරවෙලා අහනවා

"කෝ කෝ කෝ ඒකා. කොහෙටද ගියේ."

මෙයා මේ දැන් හොයන්නෙ වඩේ වෙලෙන්දව මගෙ හිතේ. අනේ මන්ද කාපුවට ගහන්නද නැත්නම් තවත් වඩේ ගන්නද කියලා. කොහොම උනත් වැඩේ බලන් හිටපු අර ගොලෑ කාපු සෙට් එකට හිනාව නවත්තගන්න බැරි උනා.

මේ සෙරම වෙනකොට අපිට බැහැල යන්න තැනත් අව්ත්...!  
----------------------------------------------------------------------------------------

ප: ලි: මගේ අලුත් වැඩකුත් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉන්නකො..

පෙති ගිලිහුනු රෝස කුසුම

මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.

නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.

කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්.

එදා මෙදා තුර ශාරිත් දෙමව්පියොත් පියුමි වෙනුවෙන් විඳපු දුක අකුරු කරන්න මම දන්න අක්ශර මාලාව මදි. හිටි හැටියෙම මහ රෝහලින් ලැබෙන "ලේ අවශ්යය්" තුන්ඩුවත් රැගෙන රැයක් දවාලක් නැතුව ලේ බැන්කුවත් රෝහලත් අතර දිව ගියේ කෙසේ හෝ තව දිනකටවත් ඇයට හිරු උදාව දැක ගැනීමට ඉඩ සැලසීමටම විය යුතුය්. ලෙඩ්ඩුන් බැලීමට ලැබෙන වෙලාවල් අතර මැද නැවතත් නිවසට ගොස් ඒමට තරම් කාල වේලාව මදි වු දිනකදි ඔවුන් කාලය ගත කලේ රෝහල ඉදිරිපිට යකඩ වැටේ වාරුව පතමිනි.
මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.

Friday, April 8, 2011

ඔවා දෙනු හරහට!

මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.

නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.

 කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්. මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. (හපොය් බනින්න එපො.....)හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.

(ඔන්න මාතෘකාවට අදාල ටික මෙතන ඉඳන්...! )

මම කලිනුත් කිව්වා වගේ අපේ ඉතින් ගමනගමනය ජහමනයා එක්කම තමය්. වවුනියාව දුම්‍ රියට ගොඩ උනේ තරමක් හෝ පහසුවෙන් යාමට සිතාය.  ඒ දවස්වලත් මම හොටල් හිමියෙක් :D).දෙය්යනේ කියලා කොලඹටත් ආවා.  මරදාන, පහුවෙදී අපි හිටපු පෙට්ටියට අවා සෑහෙන වයසක සීයා කෙනෙක්. සරමක්, කමිසයක් ඇඳලා,කොන්ඩය පවා    පිලිවෙලකට පීරල තිබුනා. අපි මේ වෙනකොට හිටියේ මුලදි ආපු අසුන් වල නෙවෙය්, මේ මැදිරියේ අසුන් එකකට එකක් මුහුන ලා තම්ය් පනවල තිබුනෙ. ඉතින් සීය වාඩි උනේ අම්මටය් මටය් ඉස්සරහ ටිකක් දොර පැත්තට වෙන්න. සීයට එහා පැත්තට වෙන්න හරි අපුරු කොලු පැටියෙක්. තනියම නෙමේ, ඒ වයසෙම කොලු කෙලි නඩයක් එක්ක.

දන්නවනෙ ඉතින් නානාප්‍රකාර වෙලෙන්දො එනවනෙ ඔය මැදිරියකින් අනිත් මැදිරියකට. මේකටත් නොයෙක් වර්ගයේ අය ආවා ගියා, වෙලඳාම්ක් එහෙම නොකෙරුනාමත් නෙවෙය්. දෙය්යනේ කියලා අර කොලු කෙලි නඩේ හිටියානෙ.

ඔන්න ඉතින් "වඩෙය්... ඉස්සො වඩෙය්.. දැන් බැදපුවා.." (බොරු කෝටියය්. ..)

කලින් වෙලෙන්දන්ට වගේම මෙයාටත් සැලකිලි. මේක දැක්කා විතරය් අර සීයා වයින් උනා.. මෙයත් පැනලා ගත්තෙ නැද්ද ඉස්සො වඩේ.. අපේ අර සෙට් එකත් එකසිය ගානට වඩේ කනවා. ටිකකින් කලින් කියපු සින්දු, තාල ඇල්ලිලි සේරම මග නවතුනා.. සෙට් එකේම මුනු හොඳ නෑ. සීයත් වැඩේ අතාරින්නෙම නැ. මොනවා උනත් මේ අද ඊයෙ උස්මහත් උන දරුවොන්ට කොහොම සෙකන්ඩ් වෙන්නද කියල හිතෙන්නැති, මගෙ හිතේ. ටිකකින් (සීයා)...

"තූහ්.. තුහ්..ශික්..කන්න එපා පුතෝ. කන්න එපා. මොන මල ජරාවක්ද!"

ජංජාලයය්! සීයට හොඳටම කෙන්ති ගිහින් කටට ගනිපු වඩේ කෑලි විසිකරනවා.. බනිනවා..

අර කට්ටියත් ඉතින් ගොලෑ කෑව මොක්කුද වගේ (වඳුරො) බලගෙන ඉන්නව. ලස්සනම හරිය ඊට පස්සෙ. මම හිතුව සේරම අතේ තිබුන වඩේ මලු විසිකරපු නිසා සීයත් ඒකම කරය් කියල. මොන පිස්සුද? මෙය නන් ස්ටොප් වඩේ කනවා, හැබැය් එකම ප්‍රශ්නෙ එක කැල්ලවත් උගුරෙන් පහලට යවන්නෙ නැති එක.

කෑල්ලක් කඩනවා,
විකනවා
ආයෙමත් (ජනේලෙන් එලියට) තූහ්.. තුහ්..ශික්..

ආයෙමත් කෑල්ලක් කඩනවා,
විකනවා 

කන්න එපා පුතෝ. 

අන්තිමට මිරිස් , ලූනු පවා.. කඩනවා,
විකනවා 

කන්න එපා. මොන මල ජරාවක්ද!

සීයා වඩේ කෑම නවත්තන්නෙ නැහ. මම හිතන්නෙ එයා බලන්න ඇත්තෙ වැරදිලා හරි කන්න පුලුවන් කෑල්ලක්වත් තියෙද කියල වෙන්නැති.  

අන්තිමට කඩදාසි බෑග් එක ගුලි කරල කටත් පිහිදගෙන ඉවරවෙලා අහනවා

"කෝ කෝ කෝ ඒකා. කොහෙටද ගියේ."

මෙයා මේ දැන් හොයන්නෙ වඩේ වෙලෙන්දව මගෙ හිතේ. අනේ මන්ද කාපුවට ගහන්නද නැත්නම් තවත් වඩේ ගන්නද කියලා. කොහොම උනත් වැඩේ බලන් හිටපු අර ගොලෑ කාපු සෙට් එකට හිනාව නවත්තගන්න බැරි උනා.

මේ සෙරම වෙනකොට අපිට බැහැල යන්න තැනත් අව්ත්...!  
-------------------------------------------------------------------------------------------------------------------

ප: ලි: මගේ අලුත් වැඩකුත් තියෙනවා. පොඩ්ඩක් බලන් ඉන්නකො..

Wednesday, March 16, 2011

බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ

බිලිඳු සිනා කිරි සුවඳ සෙනේහේ
සිතක මැවී ගිය සිතුවමක අතීතේ
පුතුගෙ සුවඳ මුසුවී ගලා ඒ
පැතූ පැතුමන් හද ව්මන් තලේ

නුඹ එන බව දැන සැනසීමක් ලැබ
යන්තම් දෙමසකි පහුවුණු ඊයෙට
නොදැකම පුතු මුව යන්නට ගිය සඳ
සඳ බැස ගියෙ මගෙ ලොවට අමාවක

පුතු හිස සරසන මුදු කෙහෙරැල්ලක්
පිරිමැද සනසන්නට සැනසෙන්නට
මදිවද කල පින් පිරූ පෙරුම්
පුතුනි කියන් කිම හැරදා මවුන්

සත්තයි අප සිටුවරු නොවනා බව
සත්තයි සිටු සැප නුඹට සදන බව
ජීවිතයේ ඉම හසර දකින්නට
වෙන්නම් තරුවක් පාර කියන්නට

දරු සෙනෙහස නොඅඩුව දැනෙනා හද
වැලපෙයි ඉකිබිඳ නුඹෙ නම සිහි කර
සිරිමා බෝ සාමිනි මේ දුක දැක
සතර වරම් දෙවියනි ගෙන දෙන් පුත

රත්තරන් පුතු පැටියෝ මගෙ සූකිරියෝ ඉක්මනටම ආපහු එන්න රත්තරන්. 
අපිට ඔයා නෑතුව පාලුයි,  ගොඩාක්!
තාත්තියි අම්මියි බලන් ඉන්නවා..

Wednesday, February 2, 2011

හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්

අදත් මගෙ සිත සසල කල දවසක්
පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්
පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක්
දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක්

කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක්
හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත්
තුරල් වී නම් නොයය් මසිතෙන්
හද රිදුම් දෙන ලෙස පැරණි වනයක්

වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද පුන්චි අතක් මගෙ සාරිපොටෙ අසලින් ඇදී ගියා. මගෙ පෑත්තකින් හිටිය වයස 7ක් පමන වෙන පුන්චි පුතෙක්, තනියම නෙවේ, අම්මත් තව පොඩි නන්ගියෙකුත් එක්ක. පාසල් නිල ඇඳූමක් දුටු නිසා මම පසෙකට උනා නොදෑනීම, පොඩි දරුවව ප්‍රමාද කරන්න පව් නිසා. චූටි පුතා අත් මිටි කරන් හිටියේ සල්ලි කොල වගයක්. මට හරියට පෙනුනේ නෑ කීයක්ද කියල.  වෛවර්ණ කෑම දිහා දෙ ඈස් දල්වා සිටි පෑටියා මිල අධික කිහිප වර්ගයක මිල විමසනු මම බල සිටියා, මේ අතර දරුවාගෙ මව දරුවා පිටතට ගෙන යෑමටද උත්සාහ ගනු පෙනුනා. සමහර සිදු වීම් විස්තර කරන්න අපි දන්න වචන මදි කියලා තෙරුනා මට. අනේ ඒ අම්මගෙ ඈස් දෙක දුටුවනම්..

Monday, January 3, 2011

කිරි ඉතිරෙවා නව වසරේ..!

තෑවුල් සිතෙ පහවී යේවා
නෑවුම් සිතුම් පිබිදි ඒවා 
පුරා සන්දේ සිසිලස සෙමා
නුම්බෙත් මගෙත් සිත් සෑනහේවා

කිරි ඉතිරෙවා නව වසරේ..!