Thursday, April 16, 2015

දරු නැලවිලි ගී...

පරණ දරු නැලවිලි ගී ටිකක්, මට හිතුනා පෝස්ට් කලොත් හොන්දයි කියලා.... මේවා ඇහෙද්දි මට මගේ චූටි පැටියව නලවපු හටි මතක් වෙනවා. තවමත් නිදි නැති සමහර රැයවල් වලදි මේවා ඕන වෙනවා...
මේ ටික ඔයාලට, සමහරුන්ට නම් වැඩක් නැති වේ, ඒත් සමහරෙක්ට ඔන වෙන දවසක් ඒවි නෙ.....
දැයේ සියලුම දරුවන්ගේ නෙත කන්දුලු නිවේවා, මුව මුව සිනහ මල් පිපේවා.....

 
තොටිල්ල සැම සුව                       පිරි
පැද්දෙයි තාලෙට                         සරි
අසමින් ගී සුමි                            හිරි
නිදන්න පුත රන්                          කිරී

නුබේ අම්මා කොතැන                   ගියා
කොහිල විලේ පතට                     ගියා
පන් උදුරා එන්ට                         ගියා
එන්ට නැතිව පමා                       ගියා

මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ


උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා


මගේ පුතා රත්තරනින් කළා වැනී
සිනා මුහුණ රත්තරනින් රුවක වැනී
දෙ පෝදාට පෑයූ පුන් ස`දක්‌ වැනී
මගේ පුතා රන් දුනුකේ මලක්‌ වැනී


අත්තක පිපි මලක්‌ ලෙසේ
මුද්දක බැ`දි රුවක්‌ ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ


ලොවේ  පුතුන් බොහොම ඇතා
වඩා නැලෙව්වත් හඬතා
මගේ පුතා එහෙම නැතා
නඬා නිදියන්න පුතා


ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී


ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළි`දු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළි`දු පුතා


දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක්‌ නිදි ගන් දෙය්යෝ


කන්දක්‌ ගිනි ඇවිලෙන්නේ
හැන්දක්‌ කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක්‌ නිදියා ගන්නේ


ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා


පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්‌ පඩි කනවා
ඉන් පවුමක්‌ මට දෙනවා


උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි


අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පළා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ


පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..


අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ


දෑතේ වළළුත්                       නැතිකෝ
දෙපයේ ගිගිරිත්                     නැතිකෝ
අප්පා එයි දැන්                      හනිකෝ
නාඩන් සුරතල්                      මැණිකෝ

අත රැඳි පොතේ බණපද සිත නැති හන්දා
මුව රැඳි සිනහව'රුත හද නැති හන්දා
අටලෝ දහම සිහි උනි නුඹ ගැන සිතලා
නම දුන් මව් පියන් තුන් කල් නුදුටු නියා ....

Thursday, February 20, 2014

ලෙඩ අම්මලා වෙන අතක් බලාගන්න! | I only count healthy babies !@#$%

වෙදකම නැත්නම් රජකම කියල ඉස්සර කිව්වේ වෙදකම දෙවැනි උනේ රජකමට විතරක්ම නිසා. ජීවිතයත් මරණයත් අතර සටනකදී තම සියලු කුදු මහත් කටයුතු පසෙක තබා දිව රෑ නොබලා රෝගියා වෙනුවෙන වෙහෙසවන වෛද්‍යවරයාට සේම නව ජීවිතයක් මෙලොව දකින මොහොතේ වෙහෙසවන වෛද්‍යවරයාටද ඇත්තේ ඉමහත් භාරධුර වගකීමක්. දහසක් දනන් සුවපත් කල ජීවකයින් බඳු වෛද්‍යවරු අතරේ ඉඳහිට ශයිලොක් කෙනෙක්ද හමු නොවෙනවා නොවෙයි. 

වාණිජකරණය වූ දහසක් දේ මැද චැනලින් සේවය සේවයකට වඩා මාෆියාවක් බවට පත් වෙලා. මේ කතාව කියවෙන්නේ මම දන්නා මගේ සහෝදර සේවිකාවකට පසුගියදා සිදුවුනු සිදුවීම් මාලාවක් ඔස්සේ.  ගර්භනී එසෙත් නැත්නම දරුවෙක් කුස දරාගෙන සිටින මාතාවකගේ සිතුම් පැතුම් ගන ඔබත් මමත් මැනවින් හඳුනන්නෙමු. 


කිරි කැටියෙක් කුසට ආ දා පටන් ඕනම තරාතිරමක අම්මා කෙනෙක්ගේ හිතට එන්නේ තමන් මේ උපත දෙන්න හදන්නේ සක්විති රජෙක්ට, අග රැජිණකට. මෙයාට කිසිම අඩුපාඩුවක් නොවෙන්න මම වග බලාගන්න ඕන,  කියන හැඟීම.පුලුවන්නම් මල් පෙත්තක නිදි කරයි. ඉපදුනාට පස්සේ දරුවා එයාගේ ඉරණම ඔස්සේ යන එක වෙනම කතාවක්. නමුත් අම්මලා තාත්තලා හිතන්නේ එහෙමයි.

මගේ යෙහෙලියත් ඔයාකාර වූ දහසක් පැතුම පුරවාගෙන ඉන්න ඇති.ඒ නිසාම වෙන්නැති අලුත් අමුත්තෙක් කැදැල්ලට එකතු වෙන්නට යන බව දැනගත් දිනයේ සිට නාරි හා ප්‍රසවවේදය පිළිබඳව ප්‍රකට වෛද්‍යවරකුගේ සහය පැතුවේ. ඔව්,නිකන් නෙමේයි සැලකිය යුතු මුදලක් ගෙවලා චැනල් සේවයක් හරහා සම්බන්ධ කරගත්තත් කිසිවිටෙක සති තුනකින් මෙපිට දිනයක් ලබා ගත නොහැකි, ඒ සා වද විඳ හමු උවත් රෝගියෙකු සඳහා ඉතාමත් අඩු කාලයක් පමණක් වෙන් කරන වෛද්‍ය (මාෆියා) කරුවෙක්.

හෝව් හෝව්! දැන් ඔය රන්ඩුවට එන කට්ටිය පොඩ්ඩක් ඔය ආයුධ පැත්තකින් තියලා, වචන ටික පොඩ්ඩකට ගිල ගන්නකෝ. හරි හරි දැන් ඔයාලා අහවි මොකට ඔහොම වද විඳගෙන ඔතෙන්ටම යනවද කියලා, රැල්ලනේ මෙයා. අරයත් යනවලු, මෙයත් යනවලු. එයා ගාවට යන්න ලේසි නැතිලු, අනේ එහෙනම් අපිත් ගිහින් බලමුද? ඔන්න ඕක තමයි තත්ත්වෙ. දැන් මේ කියන්නේ අනිත් සෙට් එකට, හැම දොස්තර මහත්තයම දොස්තර නෝනම මෙහෙම නෙමෙයි තමයි. ඒකනේ මම මුලින්ම සඳහන් කලේ. සෝ, රන්ඩු ඕන නෑ.

ඉතින් ඔහොම මාස හතක්ම මාසිකව සමහර කාලවල මාසෙකට දෙවතාවක්ම සල්ලි ගෙවාගෙන, කියන පරීක්ශන සේරම අඩු නැතුව කරගෙන හිටියලු. මුල ඉඳලම කිසිම ප්‍රශ්නයක් තිබිලා නෑ. හදිස්සියේම, හත්වෙනි මාසෙදි ස්කෑන් පරීක්ශාවක් කරලා කිව්වලු
"සොරි, ඔයාගේ බබා පේන විදියට එච්චරටම නීරෝගී නෑ, මෙයාගේ පෙනහලු වල ප්‍රශ්නයක් තියෙවි. මට මෙයාව බාර ගන්න බෑ"

කොහොමද වැඩේ. බබා නීරෝගී නැතිලු. ඉතින් දෙවියනේ ඒ නිසාම නේන්නම් දොස්තර කෙනෙක්ගෙ සහය උවමනා. කිසිම ප්‍රශ්නයක් නැත්නම ඉතින් ඔය මොනව ඕන නෑ, නිකන්ම හම්බ වෙන එකනේ. මේ නිර්ලජ්ජිත පුද්ගලයා උපකාර අවශ්‍යම මවක් නොසලකා හැරියා. සාමාන්‍යෙන් ගැබිණි මවකට මුල සිට ප්‍රතිකාර කරන්නේ එකම වෛද්‍යවරයෙක්, ඒක රෝගියාට ප්‍රතිකාර කිරීමට පහසුවක්. ඉතින් වෙනත් වෛද්‍යවරයෙක් මේ වගේ වෙලාවකදි අතර මැදදි රෝගියෙක් බාරනොගන්නා තරම්. (රජයේ රෝහල් වල නෙමෙයි.) නැවත ඔහු හමු නොවන ලෙස කල දැනුම් දීමෙන් ඉතාමත් අන්ත අසරණ වු මගේ යෙහෙළිය රැකියා ස්ථානයේන් ලද මග පෙන්වීමකට අනුව වෙනත් කාරුණික දෙවියෙකු වන් වෛද්‍යවරයෙකු වෙතට යොමු වූ අතර, ඔහුගේ සායන වලට සහභාගී වී එම ප්‍රතිකාර මත කාසල් රෝහලේදී පසුගිය මස පුතෙකුට උපත දෙනු ලැබුණි.

පලමු වෛද්‍යවරයා කුයු ලෙසම දරුවාගේ පෙනහලු හරිහැටි වැඩී තිබුනේ නැහැ. එතින්දි ඔහු නිවැරදිව එම තත්ත්වය හඳුනා ගත්තා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට එයට පිළියමක් යොදන්න බැරි උනා. මට හිතෙන්නේ ඔහුගේ දැනුම අඩු කමක් නෙමෙයි, ලෙඩ ලමයෙක් වෙනුවෙන් වැය කරන්න ඔහුට කාලයක් නොමති කම. මොවුන් දුවන්නේ සංඛ්‍යාත්මක අගයන් පසුපස. වැදගත් වන්නේ කීර්ති නාමය සහ මුදල. රෝගී දරුවෙකු සුවපත් කරලා ලබා ගන්න නිරාමිස ප්‍රීතිය ලබන්න බැරි තරමටම පව් කරලා. බබාට වෙලා තිබුනේ උර කුහරය උරස් කුහරය දෙසට අසාමාන්‍ය ලෙස නෙරලා, මොකද බඩවැල් ටික එහාට තල්ලු වෙලා. ඉතින් එක පෙනහැල්ලක් වැඩෙන්න ඉඩ මදි වෙලා. ලමා රෝහලේදී සිදු කල විනාඩි 45ක සැත්කමකින් පසු කුඩා පුතු දැන් සුවෙන්. සැත්කමේන් සිදු කලේ නියමිත් අවයව නියමිත ස්ථානගත කල එක පමණයි, දැන් නොවැඩුනු පෙනහැල්ල ස්වාභාවිකව වර්ධනයට ඉඩ හැරලා.


වෛද්‍යවරු තවමත් පුංචී පුතු ගැන විමසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ සේරම දිහා එයාගේ අම්මා, තාත්තා බලන් ඉන්නවා, නිකන් නෙමෙයි කියා ගන්න බැරි භක්තියකින්.





ප.ලි: මේ සටහන ලියන මම මගේ කුරුලු බබා ගේන්න ගියේ පුද්ගලික රෝහලකට බවත් එහිදී කිසිදු අඩු පාඩුවක් නොවන්නට ඔවුන් වග බලා ගත් බවත් සැබෑවකි.සමහර කරුණු අතින් සලකා බලද්දී තවමත් අපේ රජයේ රෝහල් වලින් ඉටුවෙන කාර්ය භාරය අසමසමයි. ඒ සේවය පුද්ගලික රෝහලකදී ලබා ගන්නත් බැරි තරම්. කිසිදු පාර්ශවයකට අගතියක් වනු දැකීමට අකමැති හෙයින් නම් ගම් සඳහන් නොකලද ඔබගේ යහපත උදෙසාම මෙවන් කරුණකදී මෙය සිහි කැඳවෙනු ඇතයි සිතමි.මෙම සටහන ඒ පුංචි පුතු වෙනුවෙන් සටන් වැදුනු වෛද්‍යවරු ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයටම (කාසල් රෝහල සහ ලේඩි රිජ්වේ ලමා රෝහල) උපහාරයක් වේවා.

Monday, February 10, 2014

හිච්චි හෙවත් නමක් නැත්තිය!

ගිනි ගහන අව් කූටකේ ඈතට ඇවිද්ගෙන යද්දි දවසක්, මගේ හිත විත්‍රක් එකම එක තැන නතර උනා වගේ හැඟීමක් දනෙන්න ගත්තා. එහෙමම නතර උන මම ආයෙත් හැරුනා, වටපිට බැලුවා, පුරුදු මොකද්දෝ ගතියක් සිත යටින් වදදෙන ගතියක් කොනිත්තන ගතියක් දැනුනා.

ඔව්! මේ ඉන්නේ..

නෑ, ඒත් නෑ. මේත් හිච්චි නෙමෙයි.

හිච්චි?
ඔව් ඔයාලා එහෙම අහවි. හිච්චි නමේ විදියටම කුඩා සිරුරකට හිමිකම් කියන්නියක් උනා. ජන්මය පවා නොසලකා හරින ලද වටපිටාවක උපන් ඇයට ස්වභාවදර්මයාද කාරුණික වී තිබුනේ නෑ. තළ එලෙළු පැහැ, කිරි කෝපි පැහැ කුඩා දැරියන් මැද හිච්චිගේ දුර්වර්ණ සම කැපී පෙනුනා.

 

හිච්චි, මගේ ප්‍රාථමික පාසලේ යෙහෙලියක්. දුර්වර්ණ වූ නිළ ඇඳුමකට වසන් වී පාසල පටන් ගැනීමට ඔන්න මෙන්න තියෙද්දී හති හලමින් දුවන් එන හිච්චි.
පොත් මල්ල ඩෙස්කුව යටට ඔබමින් හිනාවෙන හැටි, අදටත් මට සිහි වෙන්නේ හිත කොනිත්තමින්.

පාසලට එන්න මිනිත්තුවක් තබාඋවද ඇයට සිදුව ඇත්තේ දෙමව්පියන් ගෙන යන ජීවන සටනට උර දෙන්න. කුඩා සහොදරයන්ගේ කුදු මහත් සියලු කටයුතු ඉටු උනේ ඇගේ අතින්. ඉතින් පුදුමයක්ද ඇයට අර විදියට හති හලමින් දුව ගෙන ඒමට සිදු වීම.

පාඩමක් අවසානයේ කුඩා දරුවන් සැවොම හනි හනිකට පැවරුම නිම කරගෙන ගුරුතුමිය වටා රොක් වනුයේ ලොකු හරියක් ලබා ගන්න. ඒත් හිච්චි? ගුරුතුමිය වටේ දැවටි දැවටි ඉන්නේ කුමක්දෝ අත තබන තෙක්. සිරිතක් ලෙස සිදු වන මෙය පන්තියේ කිසිවෙකුටත රහසක් නොවන්නට ඇත.

කෙමෙන් දිවා ආහාර විවේකය ලඟා විය.  තැන තැන රොද බඳින ලද දරුවන් අතරට හිච්චිත්.

කිරි සිනහා සලමින් මදෙස බැලූ ඇය මගෙන් ඇසූවේ අනපේක්ශිත පැණයකි.  "මම රහට කන්න ඔයාලගේ ගෙදර එන්නද?"
රහට කන්නට ඇයට ඇවැසි කුමක්දෝයි ඇසූ කල "බතුයි පරිප්පුයි පොල්සම්බලුයි නෙ!" ඇගේ පිලිතුර විය.

සෙමෙන් විවර වන ඇගේ අහර පතින් නැගෙනුයේ ඉමිහිරි සුවඳකි. මටත් නොදැනීම එදෙස බැලීමට සිත් විය.  කැකුලු බතකුත්, පරිප්පුත් සමග පොල් සම්බලක් විය.


ටීච අද බඩගින්නෙද? 

Thursday, May 30, 2013

කී බංඩියංට බයියං!

අවශ්ය දේවල්:
  • කැකුලු සහල් වර්ගයක් (රතු කැකුලු , හීනට්, කුරුලු තුඩ...) තේ හැඳි 1ක් 
මේ මම අරන් තියෙන්නේ කුරුලු තුඩ කියන වර්ගය.
  • පරිප්පු තේ හැඳි 1ක්
  • අලුත් වට්ටක්කා අඟලක් දිග අඟලක් පලල කැබැල්ලක්

  • සුදු මාලු වර්ගයක් (තෝර, තලපත්)  අඟලක් දිග අඟලක් පලල කැබැල්ලක් හෝ හාල්මැස්සෝ  

  • එල බටු කොල දෙකක්
  • පිරිසිදු තෙල් වර්ගයක් හෝ බටර් (මාර්ගරින් නෙවෙයි) තේ හැඳි 1ක්
දැන් අපි හදමු!
ඉස්සෙල්ලාම හාලුයි පරිප්පුය් වෙන වෙනම අරගෙන හොඳින් සෝදලා පිරිසිදු කර ගන්න.
සෝදා පිරිසිදු කර ගත් මාලු කැබැල්ල සහ වට්ටක්කා කැබැල්ලත් ඒකටම එකතු කර ගන්න.   කැමති නම් කැබලි කිහිපයකට කපා ගත්තත් කමක් නෑ, හබැයි එතකොට ගොඩ්ඩක් තැම්බිලා පෝශන ගුන විනාශ වෙන්නත් බලයි.

එල බටු කොලත් සෝදලා අරගෙන හීනියට ලියා ගන්න . (කී බංඩියංට සෙම හැදෙන එක අඩු වෙනවා එල බටු වලින්, මේක ඕන නම් මහ වෙදනාගෙනුත් අහල බලන්න. )
ඔයාලා පාවිච්චි කරන්නේ තෙල් නම් එකත් කලින් කියපු දේවල් එක්ක එකට දා ගන්න. මතක තියාගන්න වතුර එකතු කරන්නේ තැම්බෙන්න ඕන ගානට විතරයි.
තම්බලා වතුර අයින් කරන්නේ නෑ නෙ,නැත්නම් බංඩියාට රොඩු විතරයි ඉතුරු වෙන්නේ. 
බටර් පාවිච්චි කරනවා නම් වතුරෙන් විතරක් ලිප තියලා හොඳට තැම්බුනාම වතුර චුට්ටක් තියෙද්දී ලිපෙන් බා ගන්න.

ඊට පස්සේ බටර් ටිකත් එකතු කරලා හොඳින් පොඩි කර ගන්න. මේකට වැඩිය හොඳ පුංචි නෑඹිලියක්. බ්ලෙන්ඩ‍්ර කරල දීලා පුරුදු උනාම කෑලි එක්ක කවා ගන්න පස්සේ අමාරු වෙනවා...


පුංචි දෙයක්:
ඔයා, මම වගේ රැකියාවට යන අම්මලාට ගොඩාක් වෙලාව නෑනේ, ඉතින් මෙන්න පහසු විදියක්..

සතියකට විතර පුංචි පැටියට ඕන කරන සහල් පරිප්පු වෙන වෙනම අරගේන හොඳින් සෝදලා වේලා ගන්න.ඊට පස්සේ ග්‍රයින්ඩරයක් පාවිච්චි කරලා කැබැලි කර ගන්න. මතක තියා ගන්න කැබැලි මිසක් කුඩු නෙමෙයි!


හාල්මැස්සෝ - හොඳට සෝදලා අරන් තෙත හින්දා ගන්න. ඊට පස්සේ අවන් එකක් රත් කරලා සෝදපු හාල්මැස්සෝ ටික තැටියකට දාලා රන්වන් පාට වෙනතුරු රෝස්ට් කර ගන්න. ලා වට!ඊට පස්සේ එලියට අරන් නිවුනම ග්‍රයින්ඩරයකට දාලා කුඩු කර ගන්න.මතක තියා ගන්න කුඩු මිසක් කැබැලි නෙමෙයි!  (පුංචි පැටව් නේ, කටුවක් වත් ඇනුනොත් අම්මේ උගුර ඌය්යා! කියල කියන්නයැ)


මේවා වෙන වෙනම පිරිසිදු බෝතල් දෙකක හුලං වදින්නැති වෙන්න අරං තියා ගන්න.
 දැන් ඉතින් තියෙන්න උයන වෙලාවට අර බෝතල් වලින් හැඳි 3/4 බැගින් අර ගෙන කලින් විදියටම කර ගෙන යන එකයි. එතකොට පොඩි කර ගන්න ලේසියි. ලොකු කෑලි කවාගන්න බැරි හිර කරගන්න බට්ටොන්ට හොඳ විසඳුමක්. හාල්මැස්සෝ එකතු කරද්දී අනිත්වා තැම්බිලා ටිකක් පෙන දමලා ඉතුරුවට පස්සේ එකතු කරන්න. නැත්නම් හට්ටියේ කටේ හාල්මැස්සෝ කුඩු, බබාට හුලං!

Tuesday, October 30, 2012

බොමු බොමුද ඉඟුරු?

අවශ්ය දේවල්:
  •  ඉඟුරු අවුන්ස 3 ක්
  • දෙහි යුශ අවුන්ස 4ක්
  • සීනි රාත්තල් 1.5 -2ක්
  • වතුර බෝතල් 4ක්
 හදමු!

වතුර ලිප තබා නටවා ගන්න.
තලා ගත් ඉඟුරු සහ සීනිද එකතු කරන්න.
සීනි හොඳින් දිය වු පසු ලිපෙන් බා ගන්න
සිසිල් වූ පසු දෙහි යුශද එකතු කර ගන්න. 
පෙරා බෝතල් වල අසුරා ගන්න.
ශීතකරනයේ ත්බා අයිස් කැට සමග පිලි ගන්වන්න..




Friday, April 13, 2012

සුබ නවවසරක් වේවා!.

ලහි ලහියේම බ්ලොග් මිතුරන් හැමෝටම අවුරුද්දට සුභ පතන්නයි හදන්නේ. හදිස්සියට කෙටියෙන්, මොකද මගේ අවුරුදු කුමාරය කලින්ම ආවනේ.
කොහාටත් කලින් පනිවිඩේ කිව්වෙ එයා තමය් (පෙබරවාරී).
ඉතින් වැඩ ගොඩය්, තවම මේහාට අලුත් කෙනෙක් නිසා හසරක් දන්නේ නෑ. දුක, වෙදනාව, සතුට හැම දෙටම එකම වචනයය් දන්නේ,
"ඔහෑ!"

බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...

රන් කැටියට සුභ් පැතුම් එකතු කරපු  Raj ,kavikaari ,Prasanna ,Sanjaya සිතුවිලි ,වින්චැට් කිරිල්ලී ඇතුලු නම කියපු නොකියපු හැමෝටම හොඩාක් ස්තූතිය්.

පැටියා ගැන වෙනම පෝස්ට් එකකින් එන්නම්. එතෙක් හැමොටම සුබ නවවසරක්!