Monday, February 10, 2014

හිච්චි හෙවත් නමක් නැත්තිය!

ගිනි ගහන අව් කූටකේ ඈතට ඇවිද්ගෙන යද්දි දවසක්, මගේ හිත විත්‍රක් එකම එක තැන නතර උනා වගේ හැඟීමක් දනෙන්න ගත්තා. එහෙමම නතර උන මම ආයෙත් හැරුනා, වටපිට බැලුවා, පුරුදු මොකද්දෝ ගතියක් සිත යටින් වදදෙන ගතියක් කොනිත්තන ගතියක් දැනුනා.

ඔව්! මේ ඉන්නේ..

නෑ, ඒත් නෑ. මේත් හිච්චි නෙමෙයි.

හිච්චි?
ඔව් ඔයාලා එහෙම අහවි. හිච්චි නමේ විදියටම කුඩා සිරුරකට හිමිකම් කියන්නියක් උනා. ජන්මය පවා නොසලකා හරින ලද වටපිටාවක උපන් ඇයට ස්වභාවදර්මයාද කාරුණික වී තිබුනේ නෑ. තළ එලෙළු පැහැ, කිරි කෝපි පැහැ කුඩා දැරියන් මැද හිච්චිගේ දුර්වර්ණ සම කැපී පෙනුනා.

 

හිච්චි, මගේ ප්‍රාථමික පාසලේ යෙහෙලියක්. දුර්වර්ණ වූ නිළ ඇඳුමකට වසන් වී පාසල පටන් ගැනීමට ඔන්න මෙන්න තියෙද්දී හති හලමින් දුවන් එන හිච්චි.
පොත් මල්ල ඩෙස්කුව යටට ඔබමින් හිනාවෙන හැටි, අදටත් මට සිහි වෙන්නේ හිත කොනිත්තමින්.

පාසලට එන්න මිනිත්තුවක් තබාඋවද ඇයට සිදුව ඇත්තේ දෙමව්පියන් ගෙන යන ජීවන සටනට උර දෙන්න. කුඩා සහොදරයන්ගේ කුදු මහත් සියලු කටයුතු ඉටු උනේ ඇගේ අතින්. ඉතින් පුදුමයක්ද ඇයට අර විදියට හති හලමින් දුව ගෙන ඒමට සිදු වීම.

පාඩමක් අවසානයේ කුඩා දරුවන් සැවොම හනි හනිකට පැවරුම නිම කරගෙන ගුරුතුමිය වටා රොක් වනුයේ ලොකු හරියක් ලබා ගන්න. ඒත් හිච්චි? ගුරුතුමිය වටේ දැවටි දැවටි ඉන්නේ කුමක්දෝ අත තබන තෙක්. සිරිතක් ලෙස සිදු වන මෙය පන්තියේ කිසිවෙකුටත රහසක් නොවන්නට ඇත.

කෙමෙන් දිවා ආහාර විවේකය ලඟා විය.  තැන තැන රොද බඳින ලද දරුවන් අතරට හිච්චිත්.

කිරි සිනහා සලමින් මදෙස බැලූ ඇය මගෙන් ඇසූවේ අනපේක්ශිත පැණයකි.  "මම රහට කන්න ඔයාලගේ ගෙදර එන්නද?"
රහට කන්නට ඇයට ඇවැසි කුමක්දෝයි ඇසූ කල "බතුයි පරිප්පුයි පොල්සම්බලුයි නෙ!" ඇගේ පිලිතුර විය.

සෙමෙන් විවර වන ඇගේ අහර පතින් නැගෙනුයේ ඉමිහිරි සුවඳකි. මටත් නොදැනීම එදෙස බැලීමට සිත් විය.  කැකුලු බතකුත්, පරිප්පුත් සමග පොල් සම්බලක් විය.


ටීච අද බඩගින්නෙද? 

4 comments:

  1. හරිම ලස්සන කුඩා සටහනක්. අගෙයි.

    ReplyDelete
  2. ස්තූතියි ආදිත්‍යා. ආයෙමත් එන්න.

    ReplyDelete
  3. සංවේදී සටහනක් සමාධි..:)

    ReplyDelete

මොනවද හිතුනේ?