Thursday, February 20, 2014

ලෙඩ අම්මලා වෙන අතක් බලාගන්න! | I only count healthy babies !@#$%

වෙදකම නැත්නම් රජකම කියල ඉස්සර කිව්වේ වෙදකම දෙවැනි උනේ රජකමට විතරක්ම නිසා. ජීවිතයත් මරණයත් අතර සටනකදී තම සියලු කුදු මහත් කටයුතු පසෙක තබා දිව රෑ නොබලා රෝගියා වෙනුවෙන වෙහෙසවන වෛද්‍යවරයාට සේම නව ජීවිතයක් මෙලොව දකින මොහොතේ වෙහෙසවන වෛද්‍යවරයාටද ඇත්තේ ඉමහත් භාරධුර වගකීමක්. දහසක් දනන් සුවපත් කල ජීවකයින් බඳු වෛද්‍යවරු අතරේ ඉඳහිට ශයිලොක් කෙනෙක්ද හමු නොවෙනවා නොවෙයි. 

වාණිජකරණය වූ දහසක් දේ මැද චැනලින් සේවය සේවයකට වඩා මාෆියාවක් බවට පත් වෙලා. මේ කතාව කියවෙන්නේ මම දන්නා මගේ සහෝදර සේවිකාවකට පසුගියදා සිදුවුනු සිදුවීම් මාලාවක් ඔස්සේ.  ගර්භනී එසෙත් නැත්නම දරුවෙක් කුස දරාගෙන සිටින මාතාවකගේ සිතුම් පැතුම් ගන ඔබත් මමත් මැනවින් හඳුනන්නෙමු. 


කිරි කැටියෙක් කුසට ආ දා පටන් ඕනම තරාතිරමක අම්මා කෙනෙක්ගේ හිතට එන්නේ තමන් මේ උපත දෙන්න හදන්නේ සක්විති රජෙක්ට, අග රැජිණකට. මෙයාට කිසිම අඩුපාඩුවක් නොවෙන්න මම වග බලාගන්න ඕන,  කියන හැඟීම.පුලුවන්නම් මල් පෙත්තක නිදි කරයි. ඉපදුනාට පස්සේ දරුවා එයාගේ ඉරණම ඔස්සේ යන එක වෙනම කතාවක්. නමුත් අම්මලා තාත්තලා හිතන්නේ එහෙමයි.

මගේ යෙහෙලියත් ඔයාකාර වූ දහසක් පැතුම පුරවාගෙන ඉන්න ඇති.ඒ නිසාම වෙන්නැති අලුත් අමුත්තෙක් කැදැල්ලට එකතු වෙන්නට යන බව දැනගත් දිනයේ සිට නාරි හා ප්‍රසවවේදය පිළිබඳව ප්‍රකට වෛද්‍යවරකුගේ සහය පැතුවේ. ඔව්,නිකන් නෙමේයි සැලකිය යුතු මුදලක් ගෙවලා චැනල් සේවයක් හරහා සම්බන්ධ කරගත්තත් කිසිවිටෙක සති තුනකින් මෙපිට දිනයක් ලබා ගත නොහැකි, ඒ සා වද විඳ හමු උවත් රෝගියෙකු සඳහා ඉතාමත් අඩු කාලයක් පමණක් වෙන් කරන වෛද්‍ය (මාෆියා) කරුවෙක්.

හෝව් හෝව්! දැන් ඔය රන්ඩුවට එන කට්ටිය පොඩ්ඩක් ඔය ආයුධ පැත්තකින් තියලා, වචන ටික පොඩ්ඩකට ගිල ගන්නකෝ. හරි හරි දැන් ඔයාලා අහවි මොකට ඔහොම වද විඳගෙන ඔතෙන්ටම යනවද කියලා, රැල්ලනේ මෙයා. අරයත් යනවලු, මෙයත් යනවලු. එයා ගාවට යන්න ලේසි නැතිලු, අනේ එහෙනම් අපිත් ගිහින් බලමුද? ඔන්න ඕක තමයි තත්ත්වෙ. දැන් මේ කියන්නේ අනිත් සෙට් එකට, හැම දොස්තර මහත්තයම දොස්තර නෝනම මෙහෙම නෙමෙයි තමයි. ඒකනේ මම මුලින්ම සඳහන් කලේ. සෝ, රන්ඩු ඕන නෑ.

ඉතින් ඔහොම මාස හතක්ම මාසිකව සමහර කාලවල මාසෙකට දෙවතාවක්ම සල්ලි ගෙවාගෙන, කියන පරීක්ශන සේරම අඩු නැතුව කරගෙන හිටියලු. මුල ඉඳලම කිසිම ප්‍රශ්නයක් තිබිලා නෑ. හදිස්සියේම, හත්වෙනි මාසෙදි ස්කෑන් පරීක්ශාවක් කරලා කිව්වලු
"සොරි, ඔයාගේ බබා පේන විදියට එච්චරටම නීරෝගී නෑ, මෙයාගේ පෙනහලු වල ප්‍රශ්නයක් තියෙවි. මට මෙයාව බාර ගන්න බෑ"

කොහොමද වැඩේ. බබා නීරෝගී නැතිලු. ඉතින් දෙවියනේ ඒ නිසාම නේන්නම් දොස්තර කෙනෙක්ගෙ සහය උවමනා. කිසිම ප්‍රශ්නයක් නැත්නම ඉතින් ඔය මොනව ඕන නෑ, නිකන්ම හම්බ වෙන එකනේ. මේ නිර්ලජ්ජිත පුද්ගලයා උපකාර අවශ්‍යම මවක් නොසලකා හැරියා. සාමාන්‍යෙන් ගැබිණි මවකට මුල සිට ප්‍රතිකාර කරන්නේ එකම වෛද්‍යවරයෙක්, ඒක රෝගියාට ප්‍රතිකාර කිරීමට පහසුවක්. ඉතින් වෙනත් වෛද්‍යවරයෙක් මේ වගේ වෙලාවකදි අතර මැදදි රෝගියෙක් බාරනොගන්නා තරම්. (රජයේ රෝහල් වල නෙමෙයි.) නැවත ඔහු හමු නොවන ලෙස කල දැනුම් දීමෙන් ඉතාමත් අන්ත අසරණ වු මගේ යෙහෙළිය රැකියා ස්ථානයේන් ලද මග පෙන්වීමකට අනුව වෙනත් කාරුණික දෙවියෙකු වන් වෛද්‍යවරයෙකු වෙතට යොමු වූ අතර, ඔහුගේ සායන වලට සහභාගී වී එම ප්‍රතිකාර මත කාසල් රෝහලේදී පසුගිය මස පුතෙකුට උපත දෙනු ලැබුණි.

පලමු වෛද්‍යවරයා කුයු ලෙසම දරුවාගේ පෙනහලු හරිහැටි වැඩී තිබුනේ නැහැ. එතින්දි ඔහු නිවැරදිව එම තත්ත්වය හඳුනා ගත්තා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට එයට පිළියමක් යොදන්න බැරි උනා. මට හිතෙන්නේ ඔහුගේ දැනුම අඩු කමක් නෙමෙයි, ලෙඩ ලමයෙක් වෙනුවෙන් වැය කරන්න ඔහුට කාලයක් නොමති කම. මොවුන් දුවන්නේ සංඛ්‍යාත්මක අගයන් පසුපස. වැදගත් වන්නේ කීර්ති නාමය සහ මුදල. රෝගී දරුවෙකු සුවපත් කරලා ලබා ගන්න නිරාමිස ප්‍රීතිය ලබන්න බැරි තරමටම පව් කරලා. බබාට වෙලා තිබුනේ උර කුහරය උරස් කුහරය දෙසට අසාමාන්‍ය ලෙස නෙරලා, මොකද බඩවැල් ටික එහාට තල්ලු වෙලා. ඉතින් එක පෙනහැල්ලක් වැඩෙන්න ඉඩ මදි වෙලා. ලමා රෝහලේදී සිදු කල විනාඩි 45ක සැත්කමකින් පසු කුඩා පුතු දැන් සුවෙන්. සැත්කමේන් සිදු කලේ නියමිත් අවයව නියමිත ස්ථානගත කල එක පමණයි, දැන් නොවැඩුනු පෙනහැල්ල ස්වාභාවිකව වර්ධනයට ඉඩ හැරලා.


වෛද්‍යවරු තවමත් පුංචී පුතු ගැන විමසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ සේරම දිහා එයාගේ අම්මා, තාත්තා බලන් ඉන්නවා, නිකන් නෙමෙයි කියා ගන්න බැරි භක්තියකින්.





ප.ලි: මේ සටහන ලියන මම මගේ කුරුලු බබා ගේන්න ගියේ පුද්ගලික රෝහලකට බවත් එහිදී කිසිදු අඩු පාඩුවක් නොවන්නට ඔවුන් වග බලා ගත් බවත් සැබෑවකි.සමහර කරුණු අතින් සලකා බලද්දී තවමත් අපේ රජයේ රෝහල් වලින් ඉටුවෙන කාර්ය භාරය අසමසමයි. ඒ සේවය පුද්ගලික රෝහලකදී ලබා ගන්නත් බැරි තරම්. කිසිදු පාර්ශවයකට අගතියක් වනු දැකීමට අකමැති හෙයින් නම් ගම් සඳහන් නොකලද ඔබගේ යහපත උදෙසාම මෙවන් කරුණකදී මෙය සිහි කැඳවෙනු ඇතයි සිතමි.මෙම සටහන ඒ පුංචි පුතු වෙනුවෙන් සටන් වැදුනු වෛද්‍යවරු ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයටම (කාසල් රෝහල සහ ලේඩි රිජ්වේ ලමා රෝහල) උපහාරයක් වේවා.

10 comments:

  1. මම හිතන්නෙ ඔබ අඩුම වශයෙන් ඒ පුද්ගලයා හඳුනා ගන්න යමක් කිය යුතුයි, නීතිමය ප්‍රශ්ණ නම් ඉඟියක් දෙන්න. සමහර විට එය තවත් දරුවෙකුගේ හෝ මවකගේ ජීවිතයක් බේරා ගන්න උනත් උදව් වේවි.

    ඔබ කියන කෙනා, "රාජ" හෝ "හත්" නමෙන් පටන්ගන්නෙ නම් වෙලා තියන දෙය ගැන පුදුමයක් නැත.

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. ප.ගෝ.
      ඔව් ඔයා හරි. ඉඟියක්වත් සඳහන් නොකලේ හරි නෑ වගේ හිතුන නිසා. ඔයාගේ අනුමානය හරි. "රාජ" තමයි.
      මොනවා කරන්නද? අපේ අයට තේරෙනකොට පෙරහැර ගිහින්. ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
    2. ඔය කියන්නෙ Dr. Ajuth Rajapaksha ගැන ද? අපි යන්න ඉන්නෙ එයා ලගට. පොඩ්ඩක් කියන්න.

      Delete
  2. Sri Lanka's government hospitals are the best, unfortunately they can't give the best care because of the no of patients and availability of the resources, But they always give priority to best care of the patient. You will not get same from private hospital or Channelling service. As you said they going after the money.
    But still we go to private service for the convenience,

    ReplyDelete
  3. podilamaya : That’s true. They are the best, though we are very reluctant to go there due to small small problems (yes, like our convenience, time management issues). But with considering issues like raised here, it’s good to think again before go the private sector. it’s safe.

    ReplyDelete
  4. මං පළවෙනි බබා හම්බවෙන්න පෞද්ගලික රෝහලකට ගිහින් අම්බානක පරිප්පුවක් කෑවා... දෙවෙනි බබා හම්බවෙන්න ඉන්නකොට හිතාගත්තා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක ඇඳක් යට හරි කමක් නෑ කියලා... හිතුවා වගේම කිසිම කරදරයක් උනේ නෑ... ඔය 'රාජ' ගැන මාත් දන්නවා...

    ReplyDelete
  5. ඒකනේ මියුරු. දැන්නම් මෙයා ගන තව තව කතා ආරංචි වෙනවා. මගේ ඔෆිස් එකේම යාලුවෙක් එයාගේ වයිෆ් පෙන්නුවේ මෙයාට. බබා ලැබෙන්න නියමිත දවසේ උදේ ඉඳන් ඉන්නවාලු හරිම අමාරුවෙන්. "රාජා"ට දුරකතන ඇමතුම් ගානක් දුන්නලු. හරි හරි තව ටිකක් බලන්න කිය කිය ඉන්නව. බැරිම තැන හවස් වෙනකොට කියල "එහෙනම් ඩොක්ට අපි සීසර් වත් කරමුද?" . කියලා විනාඩි පහෙන් පුද්ගලයා එතෙන්ට ආවලු. උදෙ ඉඳන් දිහා බැලුවේ නැ. දැන් දුවන් එනවා, ඇයි සීසර් නේ. ගාන කඩා ගන්න. පුදුම මනුස්සයෙක්.

    ReplyDelete
  6. ඉතින් අර හොඳ දොස්තර කවුද කියල කියන්නකො

    ReplyDelete
  7. මටත් වැරදි ඉන්ජෙක්ෂන් එකක් විදින්න හැදුවනේ .....

    ReplyDelete

මොනවද හිතුනේ?