Friday, June 24, 2011

සිනාසෙන් නුඹ් මගේ හිමියනි.....


සිහිනයක් හා රෑඳුන මිහිරි මතකෙක සුවඳ
සිත් ඉමේ දඟ කරන ලස්සන
කිති කවා හද මුමුනලා පද
නවුම් තාලෙක තනුව වයනා ....

පෑතුම් ඉසව්වක සිහින කොදෙව්වක
දෑගිලි පටලා පියවර මෑන යන
මේ දිවි ගමනේ නුඹ දිනනා දෙස
බලා ඉඳිම් සෙව්නැල්ලක් සේ ලඟ....

මග නොමග නොහැඳින මුලාවී
සිටිය කාලය අදින් නිම වේ
පතමි සුවහස් සුබාසිරි,
සිනාසෙන් නුඹ මගේ හිමියනි....



එකම එක පුංචි විභාගයක් උනත් මට මහමෙරක්. ඔයා වැඩිම ලකුනු අරන් සමත් උනා කියලා අහන්න තරම් මම පින් කරලද?

3 comments:

  1. ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  2. ස්තුතිය් හිශාන්. උදෙන්ම ඇවිත් නෙ.

    ReplyDelete
  3. හ්ම්... සන්​තෝසයි... ඒ වගේම සුභ පැතුම්...

    ReplyDelete

මොනවද හිතුනේ?