Friday, June 3, 2011

ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්, උඩ මලුවේ බෝධි සාම් පිරිමි පුතෙක් දෙන්නය්...!




කාලෙකට ඉස්සර ඇහුන පද වැලක්, හිතට තදින්ම කා වැදිලා තිබිල කියල තේරෙන්නේ දැන් තමය්.

මාස කිහිපයකට පෙරාතුව බිලිඳු කිරි සිනහ ගැන සිහින මවනා කාලයෙදි මට නැවතත් මේ ගීතය සොයා ගන්න දැඩි අවශ්යතාවයක් දැනුනත් එය මාතට ලැබුනේ නෑ, සිහිනයත් හොරු අරන් ගියා වගේමය්.

 අද ඉතින් අහම්බෙන් වගේ මේ ගීතය අයෙමත් මගේ මතකයට ආවා, අපි හෙට අනුරධපුරය බලා යනවා, ඔව් රුවන්වෙලි සෑයේ පින්කමට සහබාගී වෙන්න. කොහොමහරි ශ්‍රී මහා බෝධියටත් යන්න ඔනනෙ කියන සිතුවිල්ලත් එක්කම මට මේ පද පෙල මතකයට ගෙනෙන එක වලක්වන්න බැරි උනා. අනේ පුතු පැටියො මට ඔයාව මතක් වෙනවා රත්තරන්!  ඒ අවාසනාවන්ත දේ සිදු නොවුන නම් මේ වෙනකොට ඔයාට මාස අපි ඔයාව පිලි ගන්න හැමදේම ලෑස්ති කරන් බලන් ඉන්නවනේ..අපි ගාවට එන්න මට ඔයාව මගේ කරගන්න පින නොතිබුනාට, තවමත් කල් තියෙනව, අනේ පුතු මේ සැරේ එන්න!

මේ බ්ලොග් ලියන යාලුවො පුලුවන් නම් මට පුංචි උදව්වක් කරන්න. කවෘහරි ලඟ මේ සින්දුව තියෙනව නම් මට ලබා දෙන්න.

වී අහුලන කුරුලු කොබේ කාරිය කරවන්නය්
.......................................................................
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්,
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නය්...!

පුතෙක් උනත් දුවෙක් උනත් දරුවෙක්! කවුරු උනත් වටිනාකමේ අඩුවක් නෑ. 


 








6 comments:

  1. මමත් ඔය බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නේ. මට ඔයාගේ සින්දුවනම් ලැබුනේ නෑ

    ReplyDelete
  2. මෙන්න ඔයාගේ සින්දුව

    http://www.youtube.com/watch?v=MuwAPVW-YQ4

    ReplyDelete
  3. අනේ බොහෝමත්ම පින් ඔයාට.
    ඔයාගෙ බලපොරොත්තුවත් ඉශ්ට වෙන්න කියල පතනවා. ඔයාට MP3 මෙතනින් ගන්න පුලුවන්.

    http://www.mediafire.com/?z2wjowgyxc5

    ReplyDelete
  4. ඔය දෙන්නම පරිස්සමෙන් වැඩිය වැඩ දාන්නෙ නැතුව ඉන්න. සැමගෙම ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා!!!

    ReplyDelete
  5. පුතෙක් වුනත් දුවෙක් වුනත්
    එක ලෙස පිලිගන්නයි
    දුකක් නොවී නුදුරු දිනක
    සිහින සැබෑ වෙන්නයි ...

    මම පළමු වෙනියා දුවෙක් වෙනවනම් හොඳයි කියල හිතුව . දුවෙක් ලැබුන . දෙවෙනියා ඉතින් පුතෙක් වෙයි කියල තමයි හිතුවේ . ස්කෑන් කරලා මාස අටේදී අපේ දොස්තර මහත්තය ලොකුදුට කිව්වා ලොකු වුනහම රහස් කියන්න නංගියෙක් හොඳයි නේද කියල . පුතෙක් වගේම ආත්ම ශක්තියක් ඇති අපුරු දුවක් ලැබුන . දරුවෝ අන්ගේ දැවටෙද්දී පුතයි දුවයි කියල දැනෙන්නේ නැහැ . ඔයාට ඉක්මනින්ම කිරි සුවඳින් නැලවෙන්න ලැබෙන්න කියල ජීවිතේට දැකල නැති වුනත් මම හදවතින්ම පතනවා .

    ReplyDelete
  6. බින්දි! බොහෝමත්ම ස්තුතිය් ප්‍රාර්තනාවට. මටත් දුවෙක් උනත් පුතෙක් උනත් කමක් නෑ. කොහොමහර් කිරිකැටියෙක් නම්! දැන් නම් ඒ ප්‍රාර්තනාව ඉශ්ඨ් වෙන ලකුනු පහල වෙලා තියෙන්නෙ. තවම දුවෙක්ද පුතෙක්ද කියන්න තරම් කල් මදි. කවෘ උනත් මට මැනිකක්.

    ReplyDelete

මොනවද හිතුනේ?