Tuesday, April 12, 2011

පෙති ගිලිහුනු රෝස කුසුම

මේ කතාව වෙලා දැනට අව්රුදු දහයක් විතර. එතකොට අපි A/L කරල ඉවර වෙලා හිටිය කාලෙ. මේ කතාවෙ පසුබිම නම් හිත රිදෙන එකක්.මගේ පාසල් වියේ මට හිටපු හොඳම හෙහෙලියක්, ම්ම්ම් නම ශාරි, ගම මීරිගම පත්තට වෙන්න. හරිම අහින්සක හබැය් ස්තිර සාර ගතිගුන තිබුන කෙල්ලෙක්. පහැදිලිව දෙයක් දකින්න පුලුවන්, ඒ වගේම කෙනෙක්ට පහැදිලිව දෙයක් තෝරලා දෙන්න පුදුම හැකියාවක් ශාරිට තිබුනා. පාසලේ හිටපු ගුරුවරු පවා පිලිගත් දෙයක් ඒක.

නිතරම අපි දැක්කෙ හිනා වෙලාම ඉන්න යෙහෙලියක්ම උනත්, අපි නොහිතපු විදියට ශාරිගෙ ජීවිතෙටත් කරදර ගලා එන්න උනා. පලතෙ හැටියට යමක් කමක් තියෙන පවුලක ලමයෙක් උන ශාරිට හිටියෙ එකම එක සොහොයුරියක් විතරය්. ඒ පියුම්. නමට පියුමක් උනාට කල්‍රන තරමක් කලේ කොලු වැඩ මය්, නැග්ගොත් ගහක, ගියොත් යන්නෙ දුවගෙන.

 

කොය් දේ කොහොම මොනව කලත් පියුමිත් මේ ලොකෙට ඇවිත් තිබුනෙ ඉරනම මිට මොලවගෙන. වැඩිකල් යන්න කලින්ම එයාට වැලඳුනා අගමුල නැති ලෙඩක්. කෙලවර උනේ පිලිකා රෝහලින්.

එදා මෙදා තුර ශාරිත් දෙමව්පියොත් පියුමි වෙනුවෙන් විඳපු දුක අකුරු කරන්න මම දන්න අක්ශර මාලාව මදි. හිටි හැටියෙම මහ රෝහලින් ලැබෙන "ලේ අවශ්යය්" තුන්ඩුවත් රැගෙන රැයක් දවාලක් නැතුව ලේ බැන්කුවත් රෝහලත් අතර දිව ගියේ කෙසේ හෝ තව දිනකටවත් ඇයට හිරු උදාව දැක ගැනීමට ඉඩ සැලසීමටම විය යුතුය්. ලෙඩ්ඩුන් බැලීමට ලැබෙන වෙලාවල් අතර මැද නැවතත් නිවසට ගොස් ඒමට තරම් කාල වේලාව මදි වු දිනකදි ඔවුන් කාලය ගත කලේ රෝහල ඉදිරිපිට යකඩ වැටේ වාරුව පතමිනි.
මේ කතාවෙ මුල ඉඳන් මෙතෙනට වෙනකන් තව ගොඩාආආආආක් දේවල් තිබුනත් මම මේ සඳහන් කලේ කතාවට පසුබිම පමනය්. හදිස්සියෙම දවසක් එ නපුරු අරන්චිය මීරිගම ඉඳන් අපේ දිහා ආවා. ශාරිගෙ කටහඬ දුරකතන රැහැන් දිගේ බොඳ වෙලා යාන්තමට ඇහුනා. මගේ දයාබර මිතුරියකගේ ජීවිතයේ දුක්බරම මොහොතකදී ඇය තනි කල නොහැකි වු නිසාම, මගෙ මවද සමග 100km කටත් වැඩි දුරක් ගෙවාගෙන, පියුමි නැගනියට අවසන් වරට සමු දීමට ඉතාමත් අසීරුවෙන් උවද හිත හදාගෙන ගමන ඇරඹුවා.

4 comments:

  1. හ්ම්... ගොඩක් කාලෙකින් කතාවක් ලියලා... ඒත් දුක හිතෙන එකක්...

    ReplyDelete
  2. අනේ ඔව් යාලු මාලුවෝ, මේ කතාව අසශික්ප්තව ලියනවනම්, දිගම දිග කතාවක් වෙවි. මේ කෙටියෙන්.

    ReplyDelete
  3. ලබැඳියන්ගෙන් වෙන්වීම දුකකි... නමුත් දෛවය එය නම්...?

    ReplyDelete
  4. මමත් අත් දැකපු සිද්දියක් :( මගේ එකම මල්ලි...

    ReplyDelete

මොනවද හිතුනේ?