Wednesday, December 8, 2010

කොන්ද නමාගෙන හැරමිටි ගහ ගෙන


image Credit:
අපිට වාහනයක් තිබුනේ න නෑ, වැඩි හරියක් ගමන් බිමන් බස් එකෙක්න්ම තමිය්. දකුණු පළාතේ ටිකක් දුෂ්කර ඉංග්‍රීසියෙන් කිව්වොත් හද්ද පිටිසර ලස්සනම ලස්සන ඉසව්වක තමය් මගේ රත්තරන් තාත්තගේ මහා ගෙදර පිහිටලා තිබුනේ. පෞද්ගලික ප්‍රවාහන සේවයක් නොතිබ්බ තරම් උන ඈත කාලෙක, නගරයත් ගමත් යා කලේ ලංගම සේවයෙන්, තාත්ති අම්මි එක්ක මූණ දෙපැත්තෙන් කෙස් කැරලි බේරෙන ඉගිල්ලෙන්න ලැහැස්ති ඇස් දෙකක් තියෙන දඟම දඟ මල්ලක් බස් එකඟ බැස්සා. අම්මය් තත්තය් නම් බිමටම බැස්සා, එත් ආදරේ උතුරන තාත්තා දුව ව බිම නොතිය වඩා ගත්ත.
අප්පට සිරි! රජ්ජුරුවෝ උඩය් උඩය්. මිටි කොල්ලෝ බිමය් බිමය්.

 ඔන්න අපි දැන් ලැහැස්තිය ගමට සේන්දු වෙන්නය්. "ආයුබෝවන්, කොහොමද ඉතින්, වරදක් නෑ, අහ් මේ දරුවාද!, නෝනව දැක්කේ හුඟ කලකින්. ... අය්යේ , අහ් මල්ලි. ගමේ ආවද? ඔව් මේ ඇවිත් යන්න කියල. ගිහින් එන්නම්. " හප්පේ ප්‍රශ්න වැලක්. එත් මේ තමය් අව්‍යාජ ගැමි කම, නෑයෝ නොනෑයෝ කව්රුත් කට පුර හිනා වෙනවා. බුලත් කහට බැඳී දසන්, තැනින් තැන එක දෙක හැලුණු දත් අනේ එත් ලොඹු කට ආදරණීය හිනාවකින් හද වෙන්නේ කොච්චර ලස්සනටද?

කඩතොළු වුන තර පාර දිගේ තේ වතු පිරුන පුංචි පුංචි කඳු වැටි මැදින් අපි හෙමිහිට යනවා. තැනින් තැනකදී අතු ගංගාවක හද රුව දිස් වෙන්නේ යන්තමට. තාත්තගේ කර උඩින් යන ගමන් එබී එබී බලන්න මට තියෙන්නේ පුදුම හදිස්සියක්, හොඳටම දන්නවා තව ටිකකින් ඇති තරම් ගඟේ නටන්න ලැබේනම්=ව කියල. ඉවසිල්ලක් නැ.

දැකල තියේද තේ මල්? සමනලයෝ විශේෂයෙන්ම කහ පාට චූටි එවුන් තේ මල් වල ඉඳල පාරට එනවා. හරියට අපිත් එක්ක හවුලට වගේ. ගෙදරට කිට්ටු වෙනකොට තාත්තා මාව බිමින් තියනවා, සමනලයෝ පස්සෙන් යන්න, හෙමිහිට බකල ගහ ගහ ගිහින් ගිහින් මම නවතින්නේ, මහා ගෙදරට හැරෙන කඩුල්ල ලඟදි.කඩුල්ල ළඟ ඉන්නේ මගේ ජීවිතේටම මම දැකපු එකම අත්තම්මා. ඒ හිනාව, සුවඳ මම තාමත් හොයනවා අත්තම්මේ. ඔයා සීයව හොයන ගිහින් දැනට අවරුදු 18 ක් උනත්, මට අද ඊයේ වගේ මේ හැම සුවන්දක්ම මතකය්. ජීවිතේ ගොඩාක් වෙලාවට ඔයා නැති අඩුව දැනුන, ඔයා දන්නවද තාත්තා ගොඩාක් අසනීප වෙලා හිටිය කියල.
හදිස්සියේම නොවුනත් මම ඔයා ගැන ලියන්න තමය් හිතන් හිටියේ..  ඉඩක් ලැබෙන වෙලාවට ඔයාගේ කතා සේරම ලියල තියන්නම්, දවසක ඔයාව වැඩිය ළඟ නොහොඉටපු මගේ මල්ලිටය් නන්ගිටය් කියවන්න. තව.. මේවා කියවන්න එන මගේ බ්ලොග් යාලුවොන්ටය් ..

10 comments:

  1. අහලා තියෙන්නේ මොනාද හිතුනේ කියලනේ. ඇත්තම කියන්නම් මට නම් හරි අමුතුයි. ඊටත් වැඩිය ලස්සනයි. ඔක්කොමත් හරි කියමුකෝ, හිතේ රැඳිලා තියෙන සුන්දරත්වය කිසිම හැංගීමකින් තොරව ලස්සනට කියන විදිය කව්ද කියලා දුන්නේ? අත්තම්මමද?

    ReplyDelete
  2. සමාවෙන්න පහුගිය දවස්වල මේ පැත්තේ එන්න බැරි උනාට ..

    ඔයා හරිම සංවේදී විදිහට ලියනවා ..පිටිසර පලාතක ජීවත් වීමෙන් ලැබුනු අද්දැකීම නිසා වෙන්න ඇති නේද ?

    මගේ තාත්තා නැති නිසා මාවයි අම්මවයි නංගිවයි බලාගන්නේ අපේ සීයා ! ඒක නිසා මට ඔයාගේ හැඟීම් තේරුම් ගන්න පුලුවන් ...

    ජයවේවා !!

    ReplyDelete
  3. නියමයි... සිරාවටම ලියල තියෙනවා... සිංහල අවුරුද්දට තාත්තලාගෙ ගමේ යන හැටි මතක් වුනා...

    ReplyDelete
  4. ලස්සනට ලියලා තියෙනවා......

    ReplyDelete
  5. prasanna86k
    අහන්නත් සතුටුය්. ඔව් අත්තම්ම තමය්. එයා සැහෙන තරම් කලාවන් ගොඩක් දනන් හිටපු කෙනෙක්.

    හිස් අහස
    ඔයා හොඳින් නේද? අපහු මේ පැත්තේ අව එක ගැන හරිම සත්ටුය්. අනේ ඔව්, මම ගොඩාක් වෙලාවට සංවේදී කෙනෙක්, සමහර වෙලාවට කරදරයක්මත් වෙනවා. මට තේරෙනවා ඔයාට සීයව කොච්චර වටිනවා ඇද්ද කියල.

    පුතා
    ගම තරම් ලස්සන තැනක් තව නෑ නේද?

    නිම්ශා
    ආව් මට අලුත් යාලුවෙක් ඇවිත්.

    ReplyDelete
  6. ෂා ඇත්තටම ලස්සනට ලියනවා. මම හිතාගෙන හිටපු ගොඩාක් දේවල් ඔයා ලියන විදිහෙන් ඇත්ත කරලා තියනවා. නියමයි!! අදුරගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  7. මිත්‍යාදෘෂ්ටිකයා: ශා මරු නම
    බොහොම ස්තූත්ය්, මේ මොනවද හිතන් හිටිය කිව්වේ?

    ReplyDelete
  8. මේව කියවන කොට මට කෙනෙක් මතක් වෙනව. මේක හරිම අමුතු හැගීමක් ඒ වුනත් මට මතක් වෙනව. ඔහොම දිගටම ලියන්න.

    ReplyDelete
  9. මේ ගම දෙනියාය අකුරැස්ස පැත්තේ වගේ වෙන්න ඕනේ

    ReplyDelete
  10. TG: ම්ම්... අකුරෑස්ස පත්තෙනුත් යන්න පුලුවන්, හක්මන කියල කිව්වොත් හරියටම හරි

    ReplyDelete

මොනවද හිතුනේ?