Wednesday, October 20, 2010

කොල පුතා

කොල පුතා

කොල පුතා කියල කිව්වට මම පුතෙක් නෙමේ, මම මගේ අම්මගේයි තාත්තගේයි දෝනි. කොල පුතා කියන්නෙ මගේ ලස්සනම ලස්සන ලමා කාලෙ සොඳුරු මතක සටහනක්.
ඉතින් හිනා වෙන්න එපා, මම පොඩි කාලෙ දඟ මල්ලක්, විනාඩියක් එක තෑන ඉන්න බෑරි අම්ම අහක බලනකම් ඉන්ඳලා ඈම්ඩන් සය්ස් වෑඩක් කරන, අයෙත් කිව්වොත් ලොකෙ පෙරලන ජාතියේ. ඔය මොනව කලත් මම අම්මගේයි, විශේෂයෙන්ම තාත්තගේයි මෑනික!.  කියන්න බෑරි උනානෙ මම තමඉ අපේ ගෙදර ලොක්කා, නෑ නෑ චන්ඩිය නෙමෙයි, වැඩිමල්. ඉතින් ඉස් ඉස්සෙල්ලා ඉපදුන එකානෙ කියල මට ඒ දවස් වල රජ සෑලකිලි. දෑනුත් එහෙම තම්යි ඉතින්. මගේ තාත්තට තිබිල තියෙනවා එයාටම ආවේනික අකුරු දෙකේ තුනේ හුරතල් නම් මට කියන්න. මේකයි කියල කියන්න එහෙමටම තේරුමක් නෑතත් එවා අපේම අදරනීය අමන්ත්‍රන විදි උනා.
මමත් ඉතින් දඟ මල්ලනෙ, කවදාවත් බිමින් ගමන් නැති, නෑ නෑ වඩාගෙන යනව නෙමෙයි, මම යන්නෙම පුටු උඩින් පැන පැන, මොකුත්ම නත්නම් තනි කකුලෙන්වත්, කොයිම වෙලාවකවත් කකුල් දෙකම බිම තිව්වෙ නැති තරම්. කොටින්ම කිව්වොත් කොල්ල වගේ. මම හරි ආසයි මට “පුතා” කියනවට. නොතේරෙන කාලෙනෙ, මගෙන් බේරුමක් නෑ අම්මලට මම ඈඳන් ඉන්න ඈඳුමෙ පාටින් කතා කරන්න කියල.
දවසක් මම මිදුලෙ වෑලි නාන වෙලාවක අපේ පොඩි මාමාත් අවිත් හිටිය, (මටත් ඔය මාමලා ගනනාවක් හිටියා, :) ). අම්මා කතා කලා තේ බොන්න, මම ඇඳන් හිටියෙ කොල පාට ෂර්ටි එකක්. හිතාගන්න පුලුවන්නෙ ඉතුරු හරිය.. ඔව් ඔව් මාම මට කාඩ් එකක් රෙජිස්ට්‍ර කලා. එදා ඉඳන් මම “කොල පුතා
හැබැයි දෑන්නම් මම ආස නෑ පුතෙක් වෙන්න. මේ  මම හා හා පුරා කියල ලියන බ්ලොග් එක, මට ඔන උනෙ මගේ හිතෙ ජීවත් වෙන නොමියෙන මතක සටහන් ඔයලත් එක්ක බෙදාගන්න. එන්න මාත් එක්ක දිිගටම කොල පුතා කියවන්න.
සිනහව,කඳුල, රිද්මය හැමදෙයක්ම!

6 comments:

  1. කොලපුතා කියනවට වැඩිය හොඳ නමක් දාගන්න. මේකත් අවුලක් නෑ. කොහොම හරි කමක් නෑ ඉක්මනට , ඔයාගේ සිනහව,කඳුල, රිද්මය හැමදෙයක්ම! අපිට කියන්න.

    ReplyDelete
  2. බොහොම ඉස්තූතිය් ගෝල්ඩ් fish .
    මට ලැබුන පලවෙනි comment එක.
    ඔව් ඔව් කතා නම් ගොඩාක් තියෙනවා, ඉක්මනටම ලියන්න තමය් ඉන්නේ.

    ReplyDelete
  3. කොල පුතා... මේ බ්ලොග් එකේ නම දැක්කම මම මුලින් හිතුවෙ කොල්ලෙක් කියල... :D

    (ඔව්,... මගෙ නම දැක්කම ගොඩක් අය මුලින්ම හිතන්නෙ අනිත් පැත්ත)

    ReplyDelete
  4. හික්ස්! ශාකුන්තල මල්ලියෝ. මටත් හිටිය යාලුවෙක් සකුන්තලා කියල එයත් ඔයාලගේ ගම රට පැත්තේම තමය්.
    බොහොම ස්තූත්ය් මේ පැත්තේ ආවට

    ReplyDelete
  5. කොල පුතා -> කොල්ල පුතා කියල කිව්වත් වැරදි නැහැ නේද?

    ReplyDelete
  6. පුංචි කාලෙ ගෑණු ළමයි යෝධයන්ට බයයි, ආස නෑ.
    පුංචි කාලෙ පිරිම ළමයි බෝනික්කන්ට ආස නෑ. දැක්කොත් බෙල්ල කඩල දානව.

    ලොකු උනාම ගෑණු ළමයි ආස ඇ‍ඟෙන් පතෙන් නැතත් හිතෙන් හරි යෝධයෙකුට
    ලොකු උණාම පිරිමි ළමයි ආස බෝනික්කෙක් වගේ ගෑණු ළමයෙකුට ආදරෙන් බලාගන්න

    කාලය ගොඩක් දේවල් අනිත්පැත්ත හරවල, හරියට ඉස්සර පුතෙක් වෙන්න හදපු ඔයා වගේ......

    ReplyDelete

මොනවද හිතුනේ?