සිහින සිතුවම් හදේ ලියැවුනු
රැලි නැගී නැග ඒ දිවා රෑ
මතක සුවඳක සුවය කැටි කර
නෙතු පෙලා මුතු කඳුලු මල්
ඈත දිනයෙක මතුල පද වැල්
මිහිරි සත්සර නද දෙවා
හද රිදුම් දෙන වෙන තතක් අද
ඇසේ කොයිබද මතු වෙලා
සොයා යන්නෙමි දිගන්තයටම
කොහේ සැඟවුනි මුදුසිනා
වනේ සිවුපා ගුවනෙ සරනා
සතුනි දුටුවද මගෙ සිනා
වනේ සිවුපා ගුවනෙ සරනා
ReplyDeleteසතුනි දුටුවද මගෙ සිනා ...
:D නියමයි ආ... ඔහොම යම් ඔහොම යමු.
සිනා මල් අද සගවලා
ReplyDeleteනෙත් කෙවෙනි අග මැවූ පැතුම් පොදි සුන්වෙලා
සිතේ පතුලෙම තැනක තනිවී
කදුලු බිදු සිතුවම් කලා..
@prasanna86k : :D බොහොම ඉස්තූතිය්
ReplyDeleteLahiru Udayanga :
සැඟවී ගිය මල් යලි පිපීයන්
ගැලු කඳුළැල් වියකුනාදෙන්
සිතේ රජයන පැතුම් ඉටුවන
නවමු දිනකට හිරු නැගීයන්
ඇත්තටම ලස්සනයි පද පෙල......
ReplyDeleteදිගටම ලියන්න.....
බොහොම ස්තූත්ය් හසියා
ReplyDelete